Wednesday, February 6, 2013

ගුරුතුමා පුදුමයට පත් කල උපන්දින සාදය

සැලළිහිණි සංචාරයන්  පිළිඹඳව පොස්ටු කීපයක් ඉදිරිපත් කල සැළලිහිණියා අද මේ සුදානම්  වන්නේ අපගේ NIBM  දිවියේ  අත්විඳි  එක්තරා සුන්දර මතකයක් ආවර්ජනය  කරන්නටය.  

2007 වර්ෂයේ අග භාගයේ  NIBM  කුරුණෑගල  මධ්‍යස්ථානයේ  පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  සඳහා සැළලිහිණියා ,තරංග ,අචල, මදුසංක සහ හර්ෂන් ඇතුලත් වුයේ   තරංග සහ සැළලිහිණියා පරිගණක පාඨමාල  සඳහා  සුදුසු  ආයතනය සොයා  යාමෙන් පසු සැළලිහිණියාගේ සොයුරියක දැක්වූ  අදහසක ප්‍රතිඵලයක් වශයෙනි.  



කෙසේ හෝ අවසානයේ  අප  NIBM  ශිෂ්‍යයන්  වීමු. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  අවසානයේ  NIBM ආයතනයේ BSc  In MIS  උපාධියේ පළමු  වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අප සුදානම් වුවත්  කුරුණෑගල මධ්‍යස්ථානයේ ඒ  වනවිට එම අදියර සඳහා සුදුසුකම් නොතිබුන බැවින් කොළඹ පිහිටි  NIBM ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත ගොස්  එහිදී  පළමු වසරේ අධ්‍යාපන කටයුතු  කරන්නට   සිදුව තිබුණි. එහිදී තරංග කොළඹ   NIBM ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත  ගොස් පළමු වසරේ  අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි වුවද සැළලිහිණියා හට සහතික පත්‍ර පාඨමාලාව  කාලය තුලදී  පරිගණක භාෂාවන් පිලිඹඳව  ඇතිව තිබු අකමැත්ත මත ඒ සඳහා   යොමු  නොවී  දෙල්කඳ පිහිටි ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට යොමුවිය. කෙසේ  හෝ  මාර්තු    මාසය වනවිට පරිගණක සහතික පත්‍ර පාඨමාලාවේ විභාග ප්‍රතිඵල නිකුත්ව  තිබුණි. සැළලිහිණියා එම  අදියරේ සාර්ථක ජයක්  ලබා  තිබුණි.

මැයි   මාසය අවසානයේ  ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමාවේ අවසන් පරීක්ෂණයද  පවත්වා අවසන් වූ අතර කුරුණෑගල  NIBM මධ්‍යස්ථානයේ   නව ගොඩනැගිල්ලේ  ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබු  බැවින් ඉදිරි මාස  කීපය තුල කුරුණෑගල  මධ්‍යස්ථානයේ  BSc In MIS උපාධියේ පළමු  හා  දෙවන වසරේ අධ්‍යන කටයුතු  ආරම්භ වන බව  දැනගන්නට ලැබුණි. ඒ අනුව 2008 ඔක්තෝබර් මාසයේ  දිනක  කුරුණෑගල මධ්‍යස්ථානයේ  පළමු කණ්ඩායම ලෙස BSc In MIS උපාධියේ  පළමු  වසරේ  අප අපගේ  අධ්‍යාපන කටයුතු ආරම්භ කළෙමු.


පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  ආරම්භක  දිනයේ පටන්  අපගේ   ගුරුවරයා වුයේ  චමින්ද රත්නායක නම්  වූ  සොඳුරු  මිනිසා ය. එතුමන් කුරුණෑගල මධ්‍යස්ථානයේ  ප්‍රධානියා   වශයෙන්ද  පත්වීම  ලබා කටයුතු  කල  අතර  අපට සැබැවින්ම  ආදරණිය ගුරුවරයෙක්  වුවා  පමණක් නොව  අපගේ  කල්‍යාණ  මිතුරෙකුද වුයේ  නිරායාසයෙනි.  එතුමන්ගේ මග  පෙන්වීම අනුව  කුරුණෑගල   පළමු කණ්ඩායම   වශයෙන්ද    කුරුණෑගල   ආයතනයේ අනන්‍යතාවය සකස් කරගැනීමේ  ව්‍යයමයේදී එතුමන්  අපටද අප එතුමන්ටද ලබාදුන්නේ අනගි සහයක්මය. ඒ අතර  කාලයේ අලුත් අවුරුදු  ක්‍රීඩා උළෙල ,වෙසක්  පහන්කුඩු  තරඟය,  වෙසක් දන්සැල  ආදී වශයෙන් අලුත් අලුත් ඉසව්  කර  එතුමන්ගේ  මග පෙන්වීම යටතේ  50 කට ආසන්න  සිසු පිරිසක් වූ  කුරුණෑගල පළමු කණ්ඩායමේ අප  ගමන්  කරමින් සිටියෙමු. ඒ  අතර  කාලයේ  කුරුණෑගල  NIBM මධ්‍යස්ථානයේ   ඇදුරු  මඩුල්ලට එක්වූ ෂෆ්රාස් සර්,  මෙන්ම රවී සර්ද  ඒ  ගමනේදී අපට මහත් ශක්තියක් වූ  බව කිව යුතුමය.   මෙවන් සොඳුරු මතක රාශියකින් යුතු අපගේ NIBM  දිවියේ  අත්වින්දා වූ සුන්දර මතකයන්   ඉදිරි කාලයේ පොස්ටුවක් මගින්  ඉදිරිපත්  කරන්නට  සුදානමින්  සිටිමි................

2008 ඔක්තෝබරයේ  සිට නවමු  මංපෙත්  ඔස්සේ අපගේ  අධ්‍යාපන කටයුතු  ඉදිරියට  කරගෙන යමින් පවතින අතර  අපට  නොදනිම 2009  ඔක්තෝබර්   මාසයද ළඟා වුයේ  අපගේ  පළමු වසරේ අධ්‍යාපන කටයුතු  වල  නිමාවද සටහන්  කරමිනි. ඒ  අතරම  අපගේ  චමින්ද  සර්ගේ උපන් දිනයද ඔක්තෝබර්  මාසයට දී ඇති බව දැනගන්නට  ලැබුන අතර සැළලිහිණියාගේ  සිතට  ඇතිවුයේ  චමින්ද සර් වෙනුවෙන්  උපන්දින සාදයක් කුරුණෑගල මධ්‍යස්ථානයේ   සුදානම්  කිරීමටය.  මේ වනවිට කුරුණෑගල මධ්‍යස්ථානයේ   2009  වසරේ  පළමු පළමු  හා  දෙවන  කණ්ඩායම්ද  තවත්  පරිඝනක සහතික පත්‍ර පාඨමාලාව  කණ්ඩායමක්ද සිටි අතර  අප  කණ්ඩායමේ  රහස් ව්‍යාපෘතියක් ලෙස   මෙය ක්‍රියාත්මක  කිරීමටද  උත්සුක වුණි.   අවසානයේ  සැළලිහිණියා සිය අදහස  සිය  කණ්ඩායම වෙත ඉදිරි පත්  කල  අතර ඒ සඳහා  සියල්ලන්ම සිය  කැමැත්ත  ප්‍රකාශ කල  අතර  සසික, අනුරාධ එහිදී  සැළලිහිණියාට  මහත්  ශක්තියක් වෙමින් ඒ සඳහා  සියලු වගකීම් බෙදා හදාගත් අතර අනෙක් සියලු දෙනාම නම් වශයෙන්  සඳහන්  නො කලද   එකහෙලා සිය  කැමැත්ත ප්‍රකාශ  කරන්නට විය.

උපන්දිනය වෙනුවෙන් කේක්  සකස් කර සර් වෙත  උපන්දින ත්‍යාගයක් ලබාදීමට  සියල්ලෝම  කතිකා කරගත්හ. දින  ගෙවී  යන අතරතුර ඒ සඳහා  අප සුදානම් වූ අතර  කේක්  සකසාගැනීම සඳහා පෙරේරා ඇන්ඩ්  සන්ස්  ආයතනයේ  සහය ලබගන්න්නට හැකිවිය. මේ  සියලු  කටයුතු අපගේ  සාමාජිකයින් අතර පමණක්  රහසක්ව තබාගන්නට  උත්සහ කල අතර  සියල්ලන්ගේම අදහස  වුයේ උපන්දින සාදයක්  සංවිධානය  කර  සර්ව  පුදුම කරන්නටය.


තීරණාත්මක සතිය එළඹුන අතර සතියේ කාල සටහන දුටු  විට අපගේ  කටයුත්ත සඳහා යම් බාධාවක  සලකුණක්  අසන්නට ලැබුණි. උපන්දින දිනයේ  චමින්ද සර්  හට මහනුවර පිහිටි NIBM මධ්‍යස්ථානයේ දේශනයක් සඳහා  පිටත්වන්නට කටයුතු යෙදී ඇති බව  දැනගන්නට  ලැබුණි.  එසේ  වේ නම් අපගේ  සියලු  කටයුතු  හබක් වන්නේය.  අප  වහාම  ෂෆ්රාස් සර් හමුවුයේ  මෙයට  පිලියමක් සාකච්ඡා කර ගන්නටය.   ෂෆ්රාස් සර්  මෙහිදී එම  දිනයේ මහනුවර   NIBM මධ්‍යස්ථානය වෙත   ගමන් කර චමින්ද සර් වෙනුවට   ආවරණය කරන්නටත්   චමින්ද සර් කුරුණෑගල රඳවා  ගන්නටද කටයුතු  සැලැස්විය.  ඒ  පිළිඹඳව  අපගේ  ස්තුතිය  ෂෆ්රාස් සර් වෙත  පුද කරන්නට වුයේ  තව දුරටත් මෙය  රහසක්ව  තබාගන්නට  උදව්  කරන ලෙස ඉල්ලා  සිටීමෙනි. එදින ෂෆ්රාස් සර්  නොසිටියේ නම්  අපගේ  උපන්දින සාදය අපට  සිහිනයක්ම වන්නට ඉඩ  තිබුණි.

නියමිත  දිනය උදාවිය. එදින අපට කොළඹින් පැමිණි රසික සර් .Net   විෂයේ ඉගැන්වීම කටයුතු  ආරම්භ  කරන්නට පළමුව රසික  සර්    දැනුවත් කලෙමු. රසික සර්  ඉතාම කැමැත්තෙන් ඒ  සඳහා සහය ලබාදුන් අතර  විටින් විට  ඒ  ගැන  සිහි කරමින්  අපහට  නගරය කර   යාමට අවස්ථාව සලසා  දුන්නේය.

සුපුරුදු  පරිදි චමින්ද සර්  9.2 කණ්ඩායම වෙත සිය දේශනය සඳහා  සහභාගී විය. මේ වනවිට චමින්ද  සර් සහ  අප කණ්ඩායමේ  සාමාජිකයින් බහුතරයක් Facebook සමාජ ජාලයේ   මිතුරන් වුවද  සර්ගේ උපන්දිනය අප කිසිවෙකුත් දන්නා බවක්   නොහඟවමින්  කටයුතු  කළෙමු. උදැසන චමින්ද සර් අපට  මුණ  ගැසුනද Good Morning Sir කීම හැර වෙන  සර්ගේ  උපන්දිනය අදට යෙදී තිබෙන බවක්  අප දන්නා  බව හෝ නොහැඟ වූවෙමු. පෙව 9.30 වනවිට   අනෙක්   පිරිසට ගෙන ආ ත්‍යාගයන් සහ  ශාලාව පිළියෙළ කිරීම භාර කරමින්   සසික, අනුරාධ සහ  සැළලිහිණියා නගරය වෙත  ගියේ ඇණවුම් කරන ලද  කේක් රැගෙන එමටය.





නගරය කර  ගොස් අවශ්‍ය ප්‍රමාණයට කේක්  මිලදී ගෙන  පැමිණ රවී සර් සහ  අනෙකුත්  ගුරුවරුන් කීප දෙනා  දැනුවත්  කර  ඔවුනට 10.45 වන විට ශාලා අංක 03 වෙත පැමිණෙන ලෙස  ආරාධනා කළෙමු.  පෙව 10.30 පමණ වනවිට  අපට විවේකය  ලබාදුන්  රසික සර් චමින්ද  සර්ගේ නිල කාමරය වෙත  ගමන් කළේ  අපගේ  සාදය  පිළිඹඳ  පොඩි හෝ  තොරතුරක්   චමින්ද සර් වෙත යාම වැලැක්වීමටය . ඒ  අනුව පෙ:ව 11.00 අපගේ සාදය   සඳහා සුදානම්  කළෙමු. පෙව 10.50 වනවිට අනෙකුත් ගුරුවරුන්ද  ශාලා අංක 03ට ළඟාවූ අතර අපගේ   සාමාජිකයන්ගේ ජංගම  දුරකථන කැමරා ක්‍රියාත්මක වුයේ ප්‍රසිද්ධ  උත්සවයක ආරාධිත  අමුත්තන්  පිළිගන්න ආකාරයටමය.










 ඒ අතරතුර  චමින්ද  සර්  සමග අප සුදානම් වනතුරු  දිගු කතා  බහක නිරත වූ  රසික සර්ද ශාලා අංක 03 වෙත පැමිණියේ  කිසිදු  ආකාරයක වෙනසක් නොදැනෙන  ලෙසිනි..

ශාලා අංක 03  අලංකාරවත් ලෙස සකස්කර   අවසානය.  සර්ගේ උපන්දිනය වෙනුවෙන් සැළලිහිණියා සැකසු  Wall Paper  එක පරිගණක  තිරය  ඔස්සේද  Projector ඔස්සේද දර්ශනය වෙමින්  පැවතුණි .සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටියේ  චමින්ද සර්ගේ පැමිණීමය.


අනතුරුව අප කතිකා   කරගත් පරිදි රසික සර් චමින්ද සර් වෙත දුර  ඇමතුමක් ලබා දුන්නේය.

රසික සර් " මිස්ටර් චමින්ද  ක්ලාස් එකේ  ළමයෙකුට සනීප නැ  පොඩ්ඩක් හෝල්  නම්බර්  03 එක  එන්න."

ඒ අතර  තුර අනුරාධ චමින්ද සර්ගේ  නිල කාමරය වෙත දිව ගියේ උදව්වක් ඉල්ලන්නෙකු පරිදිය.  චමින්ද සර් ශාලා අංක 03 වෙත පැමිණෙන්නට දොර වීවෘත කරන විට  පුපුරා  හැරිම  සඳහා Party cracker සුදානම් කල අතර   මොහොතකින් චමින්ද සර් සොයා  ගිය අනුරාධ දිව එනවා දක්නට  ලැබුණි. ඊට පසු පසින්   පියගැට පෙළ තරණය කරමින්  චමින්ද  සර් ශාලා අංක 03වෙත එනවා  දුටිමු. සියල්ලන්ම  සිය අසුන්වල  ඉඳ ගත්  අතර  තිවංක දොර අසල සැඟවී   උන්නේ සර් දොර වීවෘත කරන විට Party cracker එක පුපුරවා හරිනටය.  දොර  හරස්වන ආකාරයට White Board  එක  තබා  තිවංක සුදානමින් සිටියේය.  චමින්ද සර් පැමිණ දොර වීවෘත කරා පමණි  මහත්වූ  හඬක් නංවමින් Party cracker එක පුපුරා   ගිය අතර  අනපේක්ෂිත හඬින් චමින්ද සර් බියවූ  ආකාරයක්ද දක්නට  ලැබුණි. එවිටම අප සියලු දෙනා එක්වරම දිගු අත්පොලසන් නාදයක් ලබා දුන්නෙමු. දොර  ළඟ සිදුවූ අනපෙක්ෂිත  ශබ්දයෙන්   බිමට හැරවුණ  හිස ඔසවත්ම  චමින්ද සර් දුටුවේ උපන්දින කේක් එකය ..




එක්වරම සිදුවූ  මේ අනපේක්ෂිත  සිදුවීම තුල  කඳුළු  පිරුණු දෑසින්  විශ්මයෙන් අපදෙස බලා සිටි චමින්ද සර්,


" yeh  guys  thank you  sooooooooo  much.  its surprise  one. කවදාවත්  මට  මෙහෙම  party  එකක්  ලැබිල නෑ thank you  sooooooooo  much."

මද වෙලාවක්  නිරුත්තරව සිටි චමින්ද සර් පිලියෙලකර තිබු  ආසනයේ ඉඳගත් අතර   සැළලිහිණියා   සාදයේ  මෙහෙයවීම්  කටයුතු  ආරම්භ කර  උපන්දින කේක්  එක  කපන්නට ආරාධනා කළෙමු.




"Happy  Birthday  to  you
Happy  Birthday  to  you
Happy  Birthday  Dear  Chaminda  Sir
Happy  Birthday  to  you .......

හඬින්  ශාලා අංක 03 පිරි ඉතිරි ගිය අතර  සියල්ලන්ම ඉතා ප්‍රීතියට පත්වූ  ආකාරයක් දක්නට  ලැබුණි. ඉන්පසුව  අපගේ  අනෙකුත්  ගුරුවරුන් හටද  උපන්දින සාදයේ සංග්‍රහය බුක්ති විඳීමට ආරාධනා කරමින්  අප සාමාජිකයින්  යහසුළුව සංග්‍රහ කටයුතුවල නිරත වනවා  දක්නට  ලැබුණි.. 











අපගේ  මෙම උපන්දින සාදය   සහ  එය සංවිධානය කල ආකාරය  පිලිඹඳව  සියලුදෙනාමපැහැදීමෙන් කතා කරනු  අසන්නට ලැබුණි. මෙවැනි උපන්දින සාදයක්   ජිවිතයේ පළමු වතාවට තමන්   අත්විඳි බවත් මෙවැන්නක් සංවිධානය කිරීම ගැන  සිය ස්තුතිය  පිරිනමන බවත්   චමින්ද සර් පැවැත්වූ ස්තුති කතාවේ ප්‍රකාශ වුන අතර  අප කණ්ඩායමේ සාමාජිකයින්  බලාපොරොත්තු වුවටත් වඩා  මෙම  කර්තව්‍ය සාර්ථක වීම ගැනද  දැඩි ලෙස සතුටට පත්වූ බවක් දක්නට  ලැබුණි.

අවසානයේ  අප සාමාජික පිරිස  වෙතද ගෙන ආ කේක්  සංග්‍රහයන්  බුක්ති වින්දේ කණ්ඩායම්  හැඟීමෙන් සියල්ලෝම  එක්ව 
සංවිධනය කල  NIBM  දිවියේ  අත්වින්දා වූ සුන්දර  ඉසව්වක සාර්ථකත්වය පිලිඹඳව ප්‍රසංශා මුඛයෙන් කතා කරමිනි...... 



8 comments:

  1. me wage guruwaru hambawenna pin karanna oona. e wagema lamayingena me wage upahara labanna guruwaru pin karnnath oona. kanduluth aawa machan meka kiyawala.

    ReplyDelete
  2. මචන්, මේ කතාව නම් ගොඩක් වටිනවා. අපිටත් මේ වගේ ගුරුවරු ගැන අහන්නත් ආසයි. සුබ පතනවා මචන් උබේ බ්ලොග් එකට මම නාලක

    ReplyDelete
  3. ගයාන් විද්‍යාරත්නFriday, February 15, 2013 9:19:00 PM

    එල බ්ලොග් එක නියමයි.දිගටම ලියන්න.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ගයාන් විද්‍යාරත්න

      Delete
  4. විඩීයෝ එකක් තිබ්බ නම් තවත් හොදයි..සුබ පැතුම්..ඉදිරියටත් ලියන්න.. :)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චතුමිතු

      මමත් හිතුවේ අපේ කව්රු හරි ඉවෙන්ට් එක වීඩියෝ කරන්න ඇති කියලා. හැමෝම පොටෝ විතරයි අරන් තිබුනේ. වීඩියෝ එකක් තිබ්බනම් ඇත්තටම වටිනවා...

      Delete

එක් කලාවූ අදහස් උදහස්