නෙතින් දැක සවනට ඇසුණාවූ මතකයේ සටහන් පෙළ
Pages
මුල් පිටුව
Thursday, May 23, 2013
ඔබ සැමට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා
වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ
ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
Saturday, May 4, 2013
ඓතිහාසික සත්කෝරලයේ අතීත ශ්‍රී විභූතිය සොයා - පළමු දිගහැරුම
ඓතිහාසික සත්කෝරලය නො එසේනම් කුරුණෑගල දිස්ත්‍රීක්කය දඹදෙණිය, යාපව්ව, කුරුණෑගල සහ පඬුවස්නුවර සිංහලයේ රාජධානි 4 කින් යුතු සංස්කෘතික චතුරශ්‍රයකින් සමන්විත ලක්දිව එකම දිස්ත්‍රික්කයද වන්නේය. එවන් ඓතිහාසික පුරවරයක ගණනය කල නොහැකි තරමේ අප්‍රකට විහාරස්ථාන,නොයෙක් ආකාරයේ
ඓතිහාසික
නටඹුන් දක්නට ලැබෙනවා. අනුරාධපුර, පොළොන්නරු යුගවල සිට පැවතෙන විහාරස්ථාන ගණනාවක්ද තවමත් මේ ප්‍රදේශය අශ්‍රිතව දැකගන්නට පුළුවන්. එවන් අතීත උරුමයන් සොයා පසුගිය දිනෙක අසල්වාසී
අඩවි රජ
සමඟ පර්යේෂණ චාරිකාවක නිරතවන්නට ම හට අවස්ථාවක් ලැබුනේ කාලයක් තිස්සේ ඇදී ඇදී ගිය නිවාඩු දිනයක් සොයා ගැනීමේ අපහසුතාවයෙන් මිදීමෙන් අනතුරුවය.
අප ජිවත්වන දඹදෙණි රාජධානියේ තවමත් අප නෙත නොගැටුණු අතීත උරුමයන් බොහොමයක් දක්නට ලැබෙනවා. හෙළයේ තුන් වන රාජධානියේ ජිවත් වුවද ළඟ ඇති දෑ නොබලා දුර ඇති දේ බලන්නට යාමෙන් සිදුවුයේ අප ජිවත්වන පරිසරයේ වටිනා
ඓතිහාසික ස්ථානයන් පිළිඹඳ අප නොදැනුවත් වීමය.
එම අඩුපාඩුව තරමකට හෝ මගහරවනු වස් අපේ පළාතේ
ඓතිහාසික උරුමයන් සොයා නිහඬ චාරිකාවක නිරත වීමු. එවන් ලිපි මාලාවක පළමුවැන්න මෙලෙසින් දිග හරින්නට අවසර........
රුක්මල්ගම
ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය
ඓතිහාසික දඹදෙණි රාජධානියේ නාරම්මල නගරයේ සිට
මිගමුව මාර්ගයේ
කිලෝමීටරයක් පමණ දුරක් ගිය තැන හමුවන්නේ රන්මුතුගල ග්‍රාමයයි. එතැන් සිට වම් පසට වන්නට පිහිටි අඹගම්මන මාර්ගයේ කිලෝමීටර තුනක් පමණ ගමන්කලවිට රුක්මල්ගම
ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය හමුවේ.
තවදුරටත් කියවන්න »»»»
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)