Thursday, September 19, 2013

සද්දන්තයින් සොයා පින්නවලට

පෙරවදනක්............

එළඹුණු වෙසක් මාසයෙන් අනතුරුව සැලළිහිනියා  හට උදාවුයේ  සුභදායි කාලයක්  නම්  නොවේ. උපාධියේ සියලුම දේශනයන්, විභාගයන් , පැවරුම් , ව්‍යපෘති සියල්ලම සාර්ථකව අවසන් කොට නිදහසේ හුස්ම පොදක් ගන්නට උත්සාහ කලද  එක පිට එක පිට  ආවාවූ  බාධක තුලින් ගොඩනගා ගත් ජීවිතය මදක් ආපස්සට  හරවා යවන්නට  තරම් ප්‍රබල වුයේය.

එම කාලයේ කිහිප අවස්ථාවකම නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇනහිටියේ  ප්‍රධාන මාර්ගය හරහා වැටි පවතින අප නිවසේ දුරකථන රැහැන් මාර්ගය මාර්ග  සංවර්ධන මහත්වරුන්ගේ අධිවේගී ක්‍රියා මාර්ග තුල අවස්ථා කිහිපයකදී විසන්ධි වීමෙන් 1212 අමතා නැවත සවි කරගන්නටය. මාසික බිල්පත ප්‍රමාදයක් වුයේ නම්  දුරකථන සම්බන්ධතාව විසන්ධි කරන්නට ප්‍රමාද  නොවන නමුත් අලුත්වැඩියා කටයුත්තකදී කිහිපවතාවක්ම දුරකථනයන්  ඔස්සේ කණ රත්වනතුරු 1212 අමතන්නට ලැබීමද එක්තරා අවාසනාවන්ත තත්වයකි...


නොයෙකුත් ආකාරයෙන්  එළඹුණු කරදර බාධක හමුවේ නිරවුල් මනසකින් යුක්තව සිටීමේ අවස්ථා අතිශය සීමිත විය. උපාධියේ වැඩකටයුතු හමාරකොට අවසන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියද අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිඵල නිකුතුව ප්‍රමාද වීමද සිතට ගෙන ආවේ දැඩි පිඩනයකි. අවසානයේ  දිගු කලක් මුළුල්ලේ දෑස් දල්වා බලාසිටි ජිවිතයේ සොඳුරු බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කල තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිඹඳ උපාධිධාරියෙකු බවට පත්කලාවූ  උපාධියේ අවසන් විභාග ප්‍රතිපලය සතුටු කඳුලැලි ගලායන දෙනෙතින් දකින්නට තරම් මා වාසනාවන්ත  වීමි.....


වේදනාව තනිකම  දැඩිව දැනුනු  මෙම කාලයේ වෙනදා  මාසයකට කිහිපවරක් සැලළිහිණියා තුලින් ඔබ හමුවට ආවද අවසානයේ එයින්ද තාවකාලික සමුගැනීමක් සිදු කරන්නට  වීමි. ඒ කාලය  තුලදී නිරන්තරයෙන් මා  පිළිඹඳ අවධානයෙන් සිටි මගේ ජිවිතයේ හිතවත්ම මිතුරන් සොහොයුරන් කිහිප දෙනාට පින්සිදු වන්නට  නැවත වරක් නැගී සිටින්නට මට හැකි විනි. සැබෑ ලෙන්ගතු සොහොයුරන් සේම මිතුරන් වූ  ඔබ කිහිප දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.



------------------๑۩۩๑ -- ๑۩۩๑ -- ๑۩۩๑------------------


මාස  කිහිපයකින් ශ්‍රී ලංකා මාතාවගේ සොඳුරු මංපෙත් සොයා යන චාරිකාවක නිරත වන්නට අවස්ථාවක නොලබා සිටියෙමි. තරංග සහ පිරිවර සමඟ යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව අවසන් වීමෙන් පසුව වසර ග ණනාවක්  මුළුල්ලේ නැවත එක්ව චාරිකාවක්  යන්නට පිඹුරුපත් සැකසුවද ඒ සියල්ල සිතුවිල්ලක්  පමණක් විය.අවසානයේ  කෙසේ හෝ තරංග විසින් මෝටර් සයිකලයක් මිලට ගැනීම තුල දුර ගමනක් කෙසේ වෙතත් ළඟ ගමනක හෝ නිරත  වීමේ බලාපොරොත්තුවකින් ඒ පිළිඹඳ  සාකච්චා කළෙමු.

අවසානයේ අප දෙදෙනා තීරණය කලේ පින්නවල අලි අනාථාගාරය නැරඹීමට යාමටයි.  දිනයක්  ස්ථිරව යොදා නොගත්තද සැප්තැම්බර් මාසයේ මුල් දිනෙක යාමට තීරණය කලේ  අවසන් වතාවට යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව සඳහා සහභාගී වූ අචල සහ කිසිදිනෙක දින දෙකක් චාරිකාවක නිරත වන්නට අකමැති , කොහේ  ගියත් පසු දින හිරු නැගෙන්නට පෙර නිවසට පැමිණෙන්නට උත්සාහ දරනා මදුසංක සමග අප දෙදෙනාගේ මෝටර් සයිකල්  පිහිටෙන් ගමන් කිරීමටය.  සියල්ල සුදානම්ය. මේ අතරතුර මදුසංක යා හොරෙන්ම පින්නවල ගොස් තිබුණි. පවනට බඳු වේගයෙන් කිලෝ මීටර 16ක් දුරක් ගෙවා යාමට පැය 1 1/2 පමක කාලයක් ගන්නා අලව්ව - ගිරිඋල්ල මාර්ගයේත්  කිලෝ මීටර 10 ක පමණ දුරක් ගෙවා යාමට පැයක පමණ කාලයක් ගන්නා පොල්ගහවෙල - කෑගල්ල මාර්ගයේ බස් රථ වල ගමන් කොට අලි සෙවනැලි පමණක් බලා නිවසට පැමිණ තිබුණි. :)


වෙනදා කොහේ  හරි යන්නට කතා කලද බර බරේ දමමින් ගමන යාමට නොපැමිණෙන මදුසංක හිටි අඩියේ අපිටත් හොරෙන් පින්නවල ගිය නිසා හදිසි වෙනසට  හේතු විමසු විට ප්‍රකාශ කලේ " ජීවිතය කෙටියි  යන දිහාවක දැන්මම යන්න ඕන "  එහෙත් මේ  හදිසි  වෙනස් වීම අදද  අපට මහත් ප්‍රහේලිකාවකි......


අගෝස්තු මස අවසන් සතියේ සිකුරාදා දින තරංග පින්නවල යාමේ ගමන් ස්ථිර  කරමින් ලබන සතියේ දවසක යන්නට දින නියම කළේය.යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව අප ගමන් කලේ 2007 සැප්තැම්බර් මාසයේ මුල් සතියේ දිනකය. එයින් සය වසරක් ගෙවුන තැනදී  නැවත චාරිකාවක නිරත වෙමින් නැවත ආරම්භයක් ලබා ගැනීමට හැකි වීමද වාසනාවකි. සැප්තැම්බර් 02 දිනට හිරු පායා  ආවේය. උදැසනම තරංග කෙටි පණිවුඩයක් ඒවා තිබුණි.


මචන්  අද පින්නවල යමුද? අචලයටයි මදුසංකයටයි  මම කිව්වා. උඹ ලෑස්ති වෙලා ඉදපන්  "

හැරෙන තැපෑලෙන්ම  මම
Ok  යමු එහෙනම්   කීයටද යන්නේ "

එයට අද වනතුරු ප්‍රතිචාර ආවේ නැත.  තද වර්ෂාවක්ද පතිත  වෙමින් පැවතුනි. පින්නවල  යනවා තියා නිවසින් එලියට  බසිමටද නොහැකි තත්වයක් නිර්මාණය වෙමින් පැවතුනි.  පෙව 8.30 පමණ වනවිට මදුසංකගෙන් කෙටි පණිවුඩයකි.
"උඹල පින්නවල යනවද? "

මොන හරුප  කතාවක්ද මේ කියන්නේ.
පිළිතුරු ලෙස මා  විසින් 


ඇයි දැන් තරංග කිවේ  යනවා කියලා  වහිනවා නේද? බයික්වල  පුලුවන්ද? "



 පිළිතුරු ලෙස මදුසංක 


"  බලමු අපි එන්නම් ලෑස්ති වල ඉදපන් "



වෙලාව පෙව 10.00 පමණ වන්නට ඇත. යනවා  කියූ කිසිවෙකු ආවේ  නැත. පවතින වර්ෂාව මදක් තුරල් වෙමින් පැවතුනි. අඩ නින්දක සිටි මා උඩ ගොස  ඇහැරුණේ නිවසේ සීනුව තදින් නාද  වීම නිසාය. පින්නවල යාමේ  බලාපොරොත්තුවෙන් අචල පැමිණියේය.



අචල " මචන් තරංගල ආවේ නැද්ද? "  



සැලළිහිනියා " තවම නෑ හැබැයි පින්නවල යනවා  නම් කිවා "

එතනින් එහාට සිදුවූ කතාව කියන්නට බැරිය @@*(*&%&_)%$))+_*(+)*&^%

අවසානයේ  බැරිම තැන තරංග ඇමතීමි....


සැලළිහිනියා " කෝ  දැන් පින්නවල යනවද? කියටද   යන්නේ "
තරංග " මචන් මම මිරිස් කොටන්න ආව මේක ක්ෂණික ගෙදරට දීල මිනිත්තු 30 න්  අපි එනවා. උඹල ලෑස්ති වෙලා  ඉදපන්   " 


එකත් පුදුම ලෑස්ති විමක්ය උදේ ඉදන් 3 දෙනක් ලෑස්ති වන්න කියන්නේය. යන්තම් එකෙක් ආව. අනික් දෙන්නා .........

කාලය නොදනිම ගතවන්නට විය. අචල සහ මම සුදානම් වී බලා  සිටියේ කොයි මොහොතේ  තරංගත්   මදුසංකත් පැමිණේද සිතමිනි. 


පෙව 11.00 ආසන්න වත්ම මදුසංකගෙන් කෙටි පණිවුඩයකි.


"අපි එනවා උඹල දෙන්නා අලව් හන්දියට වරෙන් "

කෙසේ හෝ අවසානයේ 11.15 පමණ වන විට බයිසිකල් වලින්   පින්නවල බලා පිටත් වීමු. මිරිස් කොටන්නට පැමිණි ලෙසින්ම පින්නවල යන්නට  තරංග පැමිණ තිබු අතර  මදුසංක විසින් ගෙන ආ වතුර බෝතලය හැර අප  කෙනෙකුට කම බිම පිළිඹඳ මතකයක්  නොවිණි.  අලව්ව නගරයෙන් උදසනටත් දවාලටත් සරිලන සේ ආහාර ගත්  අප පොල්ගහවෙල  කර පැමිණ කෑගල්ල මාර්ගයේ ගමන් කොට කොස් ගසක් නොමැති කොස්ගස් හන්දියද පසු කර ඉම්බුල්ගස්දෙනිය නගරයෙන් පින්නවල දක්වා දිවෙන මාර්ගයට අවතීර්ණ වීමු.  ඉංග්‍රීසි හෝඩියේ සියලුම අකුරු වලින් සමන්විත වංගු රාශියක්  කඳු පල්ලම් වලින් පිරි එහෙත් සුන්දර මාවතක් ඔස්සේ හිරිවඩුන්න කරා පැමිණ 1.30 වන විට පින්නවල අලි අනාථාගාරය වෙත ළඟා වීමු.

ඉඹුල්ගස්දෙනිය  හිරිවඩුන්න මාර්ගය (පින්නවල  පොල්ගහවෙල)
මගදී විවේකයක් 

කාර් පාක් එකේ බයිසිකල් පාක් කොට හෙල්මට් රැගෙන යම්දෝ නොයම්දෝ සිතමින් සිටි අතර තුර


තරංග හඬ  අවදි කලේ
"ඕන එකක් හෙල්මට් මෙතන තියල යමු.   බයිසිකලේ ලොක් කරපන් "


ඇතුල්වීමේ දොරටුව සොයා මාර්ගය හරහා මාරු වූ අප රුපියල් 100 ක් දී ප්‍රවේශ පත්‍ර මිලට ගෙන දොරටුව අසලට ගිය අචල අපගේ ප්‍රවේශ පත්‍ර නිරීක්ෂකයින් හට පෙන්වමින් ඇතුල් වීමට සුදානම් වුවා  පමණි.

නිරීක්ෂක " කි දෙනයිද? "
අචල" 4 දෙනයි "
එවිටම  නිරීක්ෂකවරයෙකු මා දෙස බලා 
මෙයත් ඔයාලගේ  එක්කෙනෙක්ද ? "


මට උතුර දකුණ අමතක විය. මුවද ගොළුව  ගියේය. 
තරංග " ඔව් ඔව් අපි 4 දෙනා "
නිරීක්ෂක " නෑ  නෑ  අපි හිතුවේ මෙය  විදේශිකයෙක් ද  කියල ඉන්දියන් කෙනෙක් වගේ ...  හරි හරි 

ශ්‍රී ලාංකිකයෙකු ලෙස  ඉපදුනු මා අද දින විදේශිකයෙකු ලෙස පෙනුනේ මන්දැයි  මටද මහත් වූ  ගැටළුවක්   විය. අව් කන්නාඩියත් මාගේ සුපුරුදු තොප්පියත්  පැළඳ නිහඬව සිටීම තුල නිරීක්ෂකන් එලෙස සිතු බවක් දැනුනු මුත් සියුම් ලැජ්ජාවක් ද  දැනුනි. යන්තම් හෝ වචනයක්  පිට නොවුනානම් රුපියල් 400 ක් ගෙවා ප්‍රවේශපත්‍ර  මිලට ගන්නට මට සිදු වන්නේය.

මාස කිහිපයකට පසු මාගේ මුව පුරා සතුටු සිනහවක් නැගූනේ මේ සිදුවීම නිසාය.  ඉන්දියන් කොල්ලා සමග පැමිණි පිරිවර අලි අනාථාගාරය තුලට ගමන් කලේ  ඒ වන විටත් අලි පැටවුන්ට කිරි දීමේ  කටයුත්ත සිදු වෙමින් පවතී අතර තුරයි.  සුරතල් වෙමින් කිරි බොන සුරතල් වයසේ අලි පැටවුන්  අසල මද වෙලාවක් ගත කල අප එතනින් ඉවත්ව  ඉදිරියට ඇදුනේ  අනෙක් සද්දන්තයින් සිටිනා ඉසව්ව  කරාය...   

කෝ මටත්  කුක්කු පොවන්නකෝ 
අනේ  මටත් පොවන්නකෝ 
බන්ඩිය පුරවාගෙන 
සවස 2.00 ට අලින්  නැවීම සඳහා අසල වූ මහ ඔයට  රැගෙන  යන නමුත්   තවමත් අලි ඇතුන් සිටියේ   නිසොල්මනේ තැන්  තැන්   වලය.   විදේශිකයෝ තොග පිටින් අලි ඇතුන් අසල ඡයාරුපකරණේ යෙදෙන්නේය.  විටෙක හොඬ වැල ඔසවමින්ද විටෙක  බඩ  යටින්  යමින්ද  ඡයාරුපකරණේ යෙදෙන අතර ඒ සියල්ල දෙස උපේක්ෂාවෙන්  බලමින්  මා සුපුරුදු පරිදි මිනිසුන්  නොමැති පරිසර  ඡයාරුපකරණේ යෙදුනෙමි. මිනිත්තු කීපයක් ගතවූ විට එක වරම  මාගේ කැමරාවේ බැටරි මියයන ලකුණු පහල විය. උදැසන charge කලබව  හොඳටම  මතකය. ගෙන ආ අනෙක් බැටරි කැමරාවට දැමුවෙමි. මලලසේකර සිහිවිණි. කෙසේවත් පන ගන්නට නොහැකිවිණි. ආරෝපණය කෙසේවෙතත් මරණය නම්  ළඟාවී තිබුණි. chargerය අවසන් ගමන් ගොස්  ඇති  බව පසක්  විය. දැඩි වෙහෙසක් දරා මුලින් තිබු බැටරි දෙකෙන් කැමරාවට පණ  ගෙන දෙවියන් සිහි කරමින් ඡයාරුපකරණේ යෙදුනෙමි.   තවත් මොහොතකින් සද්දන්තයින්    එකිනෙකා සමග  මුසුව පෝලිම් සැදෙමින් මහ ඔය  කරා ස්නානය පිණිස ගමන් ආරම්භ කළහ. නරඹන්නට  ප්‍රේක්ෂකයින් සියලු දෙනාම  මොහොතකට ගල්ගැසී සිටියේ 40 කට ආසන්න සද්දන්තයින් පිරිස  කිසිදු කලබලයකින් තොරව ගමනේ යෙදුන  ආකාරය බලමිනි. වහ වහා  ඒ  සියලු දෙනාම කොන්ක්‍රීට් වැටෙන් මෙපිටට  විත් සද්දන්තයින්  යනතුරු සිට ඔවුන් පසු පස මහ ඔය තෙක් ගමන් කරේ  සද්දන්තයින්යේ  ස්නානය දැක රිසියෙනි. වාසනාවට මේ මොහොත දක්වා කැමරාවට පන තිබු මුත් දොරටුව ආසන්නයේදී  පණ  ගියේ බලාපොරොත්තු සුන් කරමිනි.

තැන තැන උන් සද්දන්තයින් 
අපේ පිරිවර ( අචල , තරංග, මදුසංක )


නිදහසේ  ඔබමොබ සැරි සරනා සද්දන්තයින් 
ආහාර  ගනිමින් 
නාන්නට යන්නට  පෙළ සැදෙමින් 
ඔන්න බබෝ අලි එනවා 
මේ  අපිට පාර ඉඩ  දෙන්න 
නාන්න ගියත්  බඩගින්න නිවාගෙන යන්න ඕන 
මේ  අපිට පාර ඉඩ  දෙන්න 
අනේ මාව  එක්කන් යන්නේ  නැද්ද ?
එහෙනම් අපි  යනවා 
රඹුක්කන කෑගල්ල ප්‍රධාන මාර්ගය  මදකට සද්දන්තයින්ගේ  ගනිමින් මග හරහා මාරු වූ  ඔවුන් කිසිදු කලබලයකින් තොරව මහඔය තෙක් ගමන් කිරීම මනස්කාන්ත දසුනක්ම විය.  කැමරාවට පණ ගන්නට ගත් උත්සාහයන් සියල්ලම් ව්‍යර්ථ විය. බැටරි නිෂ්පදකයින්ද  Charger  නිෂ්පාදකයින්ද  මනාසේ මතක් කරමින් ඔය කරා ළඟාවෙමින් සිටියෙමු  ප්‍රවේශ පත්‍ර පරීක්ෂාවෙන් අනතුරුව  මහඔය අසලට  රිසි   සුන්දරත්වය විඳිමින් අලි සුරතල් නරඹන අතරේ නැවතත් කැමරාවට පණ දෙන්නට උත්සාහ කලෙමි. වාසනාව  මා කරා  පැමිණ තිබුණි. යලි පණ  ගත්  කැමරාව රිසිසේ   සද්දන්තයින් ඡයාරුපකරණේ දීමට මට සහය  වීමි. හතර අතේ  අල්වමින් ඡයාරුපකරණේ  යෙදුනේ  නැවත  බැටරි  මිය යාමට ප්‍රථමය.

සද්දන්තයින් දෙදෙනෙකු හැර අනික් සියල්ලෝම ජලභීතික සද්දන්තයින් බව පසක් කරමින් අලසයන්  සේ ඔය  පුරා ඔබමොබ සැරිසැරුවා මිසෙක එකදු ජල පහරක් හෝ ශරීරයට දමා ගන්නට තරම් ඕන කමක් නොතිබූ බවට  මානව පෙනෙන්නට විය.  කුඩා අලි ඇත්  පැටවුන් ආරක්ෂා   කර ගන්නට මව් ඇතින්නන් වෙහෙසෙන   ආකාරයද දකින්නට තිබුණි.   නාගන්නට සිතකවත් නොමැති සද්දන්තයින් ඔය පුරා යමින්  සිදු කලාවූ විවිධාකාරි  ක්‍රියා   බලමින් සිටි අපට ක්‍රමයෙන් කුසගින්නද දැනෙන්නට වුයෙන් නැවත පින්නවලින් පිටත් වන්නට සුදානම් වීමු. 

නාගන්නට හිතකවත් නැති හැටි 
ඔය ලග අපේ  පිරිවර 

මේ සිතල වතුරේ නාන්න පුලුවන්ද ?
තුන්පත් රෑන් ලොකු පොඩි   රංචු 


මේ   ඔයාට නාගන්න බැරිද 
නාගන්න හිතකවත්  නැති හැටි 
අනේ අපි නම් නානවා 
අනේ  මට  බයයි. මගේ  වටේ ඉඳගෙන මාව   බලාගන්න 
තරංග , මදුසංක සමග නවක ඉන්දියන් කොලුවා 
පැය කිහිපයක් අලි සුරතල් නැරඹු අප නැවතත් ඔය අසබඩ සිට   කාර් පාර්ක් එකට  පිවිසියේ නැවත  ගමන් ආරම්භයටය. වාසනාවට අපගේ හෙල්මට්  එලෙසම තිබුණි. දැඩිව දැනුනු කුසගින්න නිසා   ආහාරය සඳහා ඔය අසබඩ හෝටලයක් සොයමින් හිරිවඩුන්න  ඉම්බුල්ගස්දෙනිය ඔස්සේ  පැමිණි පොල්ගහවෙලට ලඟා වූ නමුත් අපගේ  බලාපොරොත්තු වූ ස්ථානය අපට හමුවුයේ අලව්ව නගරයට ආසන්නවය. තරංග සහ මම Vegetarian වූ  නිසාවෙන් ආහාර පිළිඹඳ  ප්‍රවේශම් වෙමින් ඒ සඳහා සුදුසු පරිදි සකසා ගත්තෙමු. බයිසිකල් සීටය මත  පැය  ගණනාවක් පශ්චාත් භාගය තබාගෙන පැමිණීමෙන්  ඇතිවු වේදනාව ඉවසාගනිමින්. පස්වරු 6.00 පමණ වනවිට සුපුරුදු  නවාතැන වෙත පැමිණියේ  තවත්  එවැනි චාරිකාවක නිරත වන්නට ආරම්භක පියවරක් තබා සේම සුන්දර චාරිකාවක නිමාවද  සනිටුහන්  කරමිනි.... 

20 comments:

  1. ade kaalekin selalihiniyo. moko wela unne. ela kiri elakiri koma hari aye aawane. karadara bhadaka oona ekekta enawa macho. ewa hithanna epa. ela trip ekak saha ela post ekak. gud luck macho..

    ReplyDelete
    Replies
    1. ස්තුතියි shanaka
      ජිවිතේ එක එක ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙනවනේ ඉතින්....

      Delete
  2. මොනවා උනත් සැලළිහිනියා මඩ ගැහුවට මදුසංක එල පොරක් :D

    ReplyDelete
  3. Subha pethum macho...
    duka sepa athare nithi perale. yanna aasa hithenawa ayeth pinnawala 2008 giyata passe giye ne

    ReplyDelete
  4. ගුඩ් ලක්
    ayemath issara wage ube experiance share karapan machan,,,,,,

    ReplyDelete
  5. කාලෙකින් ට්‍රිප් එකක් ගිහින් තියන්නේ.. ආය අර වගේ කෝච්චි ගමන් එහෙම ගියේ නැද්ද? අලි මෙහෙමවත් බලාගන්න ලැබුන එක නම් ඔයාලගේ වාසනාවක්.. ඊළඟ පාර කැමරාවට අමතර චාජරෙකුත් අරන් තියාගන්න.. එහෙනම් තවත් චාරිකා සටහනක් කියවන්න බලාගෙන අදට මම යන්නම්.. ජය වේවා සැළලිහිණියා!!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අඟහරුවා.
      කෝච්චි ගමන් නම් ගියේ නෑ කාලෙකින්.
      ජය වේවා ඔබටත්

      Delete
  6. ඇත්තු නෑනේ....
    කෝ බං අර ඉන්දියන් කාරයගෙ ෆොටෝ දාල නෑනේ :)

    ReplyDelete
    Replies
    1. YASITH ,
      චූටි දර කෑලි වගේ දළ තියන ඇත් පැටවි නම් ඉන්නවා..
      අර ඉන්දියන් කාරය යටම පොටෝ එකේ ඉන්නේ :)

      Delete
  7. koyi e photo ekath dapanko
    """ශ්‍රී ලාංකිකයෙකු ලෙස ඉපදුනු මා අද දින විදේශිකයෙකු ලෙස පෙනුනේ මන්දැයි මටද මහත් වූ ගැටළුවක් විය. අව් කන්නාඩියත් මාගේ සුපුරුදු තොප්පියත් පැළඳ නිහඬව සිටීම තුල නිරීක්ෂකන් එලෙස සිතු බවක් දැනුනු මුත් සියුම් ලැජ්ජාවක් ද දැනුනි. යන්තම් හෝ වචනයක් පිට නොවුනානම් රුපියල් 400 ක් ගෙවා ප්‍රවේශපත්‍ර මිලට ගන්නට මට සිදු වන්නේය.""""

    ඇත්තු වැඩිය නෑ නේද ඕකේ?

    ReplyDelete
    Replies
    1. ස්තුතියි දර්ශන,
      අර යටම පොටෝ එකේ ඉන්නේ :)
      වැඩිපුරම ඇත්තු නැහැ වගේ.

      Delete
  8. ලක්ෂිත නිර්මාල්Friday, September 20, 2013 5:30:00 PM

    කිසිදිනෙක දින දෙකක් චාරිකාවක නිරත වන්නට අකමැති , කොහේ ගියත් පසු දින හිරු නැගෙන්නට පෙර නිවසට පැමිණෙන්නට උත්සාහ දරනා මදුසංක සමග අප දෙදෙනාගේ මෝටර් සයිකල් පිහිටෙන් ගමන් කිරීමටය.

    පිස්සු පීකුදු මාරු පොරක් මම වගේ

    ReplyDelete
    Replies
    1. ලක්ෂිත නිර්මාල් :)
      ස්තුතියි අදහස් දැක්වීමට...

      Delete
  9. යකෝ උඹලා මට කතා කතාකරන්න එපා ඈ නිකන්වත් :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. නිකන්වත් කතා කරන්න මම දන්නෙත් උදේ TXT කලාට පස්සේ.
      ඊළඟ එක ළඟදීම. එකට එන්ටෝ

      Delete

එක් කලාවූ අදහස් උදහස්