Monday, September 23, 2013

ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!

එදා මෙන් නොව අද සමාජය අතිශය විවිධාකාරය. සංකීර්ණය. එදවස පිනට දහමට ලැදිව කටයුතු කල මිනිසුන් අද  සමාජයේ  අපට නිතර හමු නොවේ. එහෙත් ඉඳහිට දවසක මිනිසත්කම ඉහවහා ගිය මිනිසුන් අපට  හමුවේ. ඇතැමුන් ජිවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජිවිත බේරා ගන්නට තම ජීවිතය වුවද පුද දෙන්නට සුදානම් මිනිසුන් හමුවන්නේ  ඉතාම කලාතුරකිනි. එවන් විරල මිනිසුන් සමුහයකගේ එකතුවකින් සිදු කළාවූ උතුම් පුණ්‍ය කර්මයක්  වෙනුවෙන් මේ සටහන තබන්නට ලැබීමද මා ලැබූ භාග්‍යකි....

ජුනි  මාසයේ දිනෙක කරදර  බාධක දුක් කම්කටොලු මැද  ජීවිතය ගෙවී යද්දී  FacebooK  හි අපගේ NIBM කුරුණෑගල පිටුව තුල එක්තරා   විරල ගනයේ පින්කමක දැන්වීම දක්නට  ලැබුණි. NIBM කුරුණෑගල ආයතනයේ පළමු  කණ්ඩායමේ සිසුන් වුවද මේ වන විට අප අඳුනන සාමාජිකයින් සීමිත බැවින් ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසු විනි. ෂෆ්රාස් සර් විසින් පලකලවූ ලේ දන්දීමේ පිංකම පිළිඹඳ දැන්වීම දුටුවද ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසුව තිබුනද  දිනෙක හදිසියෙන්ම රවී සර් සමග කතාබහක  නිරත වී සිටියදී මේ පිලිඹඳ  පැහැදිලි විස්තරයක් දැනගන්නට ලැබිණි.

ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 
රවී සර් සමග කතාබහ නිරත වීමේදී එම කටයුත්ත සඳහා සහය ලබාදෙන ලෙසත් එහි සංවිධායකයින් වූ මහේෂ් සමරදිවාකර සොහොයුරා සමග අදහස් හුවමාරු කොටගෙන ඒ සඳහා සුදුසු වැඩ සටහනක් සකස් කරන්නට ඉල්ලා සිටියේය.

සුළු මොහොතකින් මහේෂ් සහෝදරයා FacebooK ඔස්සේ සම්බන්ධ වෙමින්  ඒ සඳහා වූ වැඩ සටහන පිළිඹඳ හැඳින්වීමක් කොට ඒ සඳහා කලයුතු දෑ පිළිඹඳ සාකච්චා කර ගතිමු.  සති දෙකක කාලයක් ඒ සඳහා තිබු බැවින් FacebooK හරහා එහි ප්‍රචාරණ කටයුතු සිදු කිරීමත්  සතියේ දිනෙයක් වූ බැවින් අපගේ පැරණි සාමාජිකයින්ගේ සහභාගිත්වය ස්ථිර නොවුනද හැකි  අයුරකින් ඒ සඳහා සහභාගී වීමටද ඔවුන් දැනුවත් කිරීමටත් තීරණය කළෙමු..
ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 

ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 
එම අදහස් හුවමාරුවෙන් අනතුරුව එළඹුනු  සතියේ  NIBM කුරුණෑගල ආයතනය වෙත ගොස් සංවිධායක මණ්ඩල සාමාජිකයින්  හමුවී ඒ සඳහා කලයුතු කාර්යයන් පිළිඹඳ අවබෝධයක් ලබාගත් මා  ඒ සඳහා සුදානම් වුයේ මගේ පැරණි  මිතුරන්ගේ අදහස් ලබාගෙන ඒවා මෙහි සංවිධායකයින් සමග කතා බහ කරමිනි. සතියේ  දිනයක මෙම වැඩසටහන ක්‍රියාත්මක වන බැවින් ඔවුන්ගේ  පැමිණීම ස්ථිර නොවුනද කලයුතු දෑ පිළිඹඳ ඔවුන්ට  හැකි උපකාරයක් කරන්නට සුදානම් විනි.

කාලය අපටත් නොදනිම ගතවෙමින් ජුනි 18 දිනය උදාවුයේය. එදින උදැසනම 
 NIBM කුරුණෑගල ආයතනය වෙත ලඟා වන විටත් වර්තමාන සිසුකැල 
සෑම දෙනාම සුදුවතින් සැරසී  සිය උපරිම ශක්තිය   යොදවමින් ඒ සඳහා සුදානමින් සිටි අතර උදැසන සදහම් දෙසුමක් පවත්වා තුරුනුවන්ගේ ආශීර්වාදය ලබාගන්නට කටයුතු යොදා තිබුණි. 

ඇදුරු මඩුල්ල සියලු කටයුතු සොයා බලමින් 
ස්වාමින්  වහන්සේ වැඩම කරවමින් 
 සදහම් දෙසුම ශ්‍රවනය කරමින් 
දම් දෙසුම පවත්වමින් 
පිරීකර පූජාව 
අවශ්‍ය  පරිදි පරිසරයේ අවසානයේ මැල්සිරිපුර ප්‍රදේශයෙන් ස්වාමින් වහන්සේ නමක් වැඩමවා උදැසන සදහම් දේශනය  යෙදුනි. තරුණ ස්වාමින්  වහන්සේ නමක් වුවද ඉතා අර්ථාන්විත දම් දෙසුමක උන්වහන්සේ  නිරත වුහ. එම කටයුතු සිදිවෙමින් පවතින අතරතුර ජංගම ලේ දන්දීමේ සේවයේ කාර්ය මණ්ඩලය රැගත් ගිලන් රිය ආයතනය වෙත ළඟාවිය. 

ජංගම ලේ දන්දීමේ සේවය ළඟාවෙමින්  
කාර්යමණ්ඩලය 
 ගෙන ආ උපකරණ  ශාලාව තුලට ගෙන යමින් 
සංග්‍රහ කටයුතු සුදානම් කරමින් 
සංග්‍රහ කටයුතු සුදානම් කරමින්  
සදහම් දෙසුම අවසන්ව නොතිබුන බැවින් එයට බාධාවක් නොවන අයුරින් ලේ දන්දීමේ සේවයේ කාර්ය මණ්ඩලය සහ උපකරණ ඉතාම ඉක්මනින් ශාලාව වෙත රැගෙන  ගොස් වැඩසටහන ආරම්භ කිරීමට සුදානම් වීමු. සදහම් දෙසුම අවසන් කොට ස්වාමින් වහන්සේ නැවත විහාරස්ථානය වෙත වැඩමවීම සිදුවන අතරේ සියලු කටයුතු සුදානම් කර වැඩසටහන ආරම්භ කළෙමු. 

වැඩසටහනට සුදුසු වන පරිදි මුලික සැකසුම්  ඉතා  ඉක්මනින්   පිළියෙළ කරමින්  වැඩ කටයුතු   කරගෙන යාමේදී  මුලිකව පිටතින් පැමිණි රුධිර දායකයින් ඉක්මනින්ම යොමු කරමින් වැඩසටහන කරගෙන  යන අතර ඔවුන් සඳහා සංග්‍රහයක්ද පිළියෙළ ව තිබුණි.  සිතුවාටත් වඩා වැඩසටහන සාර්ථක වන ලකුණු පෙනෙන්නට විය.  වැහැර යුද හමුදා කඳවුරේ  රණවිරුවන් සැලිකිය යුතු පිරිසක් විටින් විට NIBM ආයතනය වෙත ලඟා වෙමින් ලේ දන්දීමේ පුණ්‍ය කර්මයට දායක වනු  දක්නට ලැබුණි. NIBM ආයතනේ  බහුතරයක් සිසුන්ද ඉතාම ඕනෑකමින් ලේ දන්දීම සඳහා සුදානම් වූ අතර   යුහුසුළුව වැඩසටහනට   දායකත්වය ලබා දෙනු දක්නට ලැබුණි.

ඇතුල්වීමේ දොරටුව අසලම බර මැනීමේ  උපකරණය සකසා තිබුනේ කිලෝග්‍රෑම් 50    බර වැඩි පිරිස් පමණක් තෝරා ඔවුනට රුධිර දායක ප්‍රකාශය සහ වාර්තාව  ලබාදීමෙන් අනතුරුව  
වෛද්‍යවරයා වෙත යොමු කිරීමටය. කිලෝග්‍රෑම් 50ට වඩා අඩු වූ කිහිප දෙනෙක්ම බලාපොරොත්තු කඩ වු ආකාරයෙන් ඉවත්ව  ගියේ  සැඟවුණු කඳුලක් සමගය. ඒ  අතර පැමිණි කිහිපදෙනෙක්ගේ ශරීර ස්වභාවය දැක ඔවුන් බර මැනිමකින්  තොරවම  
වෛද්‍යවරුන් වෙත යොමු  කළෙමු. ඒ  ඔවුන් බර මැනීමේ උපකරණය දෙස බලා කට කොනින් සිනා සීමෙන් අනතුරුවය.

වැඩසටහන  ආරම්භයට සුදානමින් 
රුධිර දායක ප්‍රකාශය සම්පුර්ණ කරමින්  
මුලික පරීක්ෂාවන්  


මුලික  පරික්ෂාවට යොමුවූ රණවිරුවන් 
ලේ පරිත්‍යාගයට පැමිණි රණවිරුවන් 
මුලික පරීක්ෂණ නිමවා සුදානම් වෙමින් 
ලේ  දන්දීමට පෙළ සැදී  
රුධිර දායකයාගේ සුව තතු පරික්ෂා කරමින් 
ඔව්  ඔබට පුළුවන් ලේ දන් දෙන්න 
රණවිරුවන් ලේ  පරිත්‍යාග කරමින් 
රුධිරය දන් දෙමින් 
තවත් පරිත්‍යගශිලියෙකු 
තවත් පරිත්‍යගශිලියෙකු 
රුධිරය  ලබා ගන්න විටදීත් සුව තතු පරීක්ෂා කරමින් 
තවත් පරිත්‍යගශිලියෙකු 
එක අයෙකුගෙන් ලබාගත් රුධිරය අසුළුමෙහි බහා
රුධිර පරිත්‍යාගයෙන් පසු සංග්‍රහය බුක්ති විඳිමින් 
සිසුන්  පමණක් නොවඅපගේ   ඇදුරු මඩුල්ලද උද්යෝගයෙන් ලේ දන්දීමට ඉදිරිපත් වූ අතර  අවස්ථාවන් සිසුන්ගේ දැඩි අවධානය දිනා ගන්නට සමත් වූ කැපී පෙනෙන අවස්ථාවන්   විය. 

ඇදුරු මඩුල්ල රුධිර පරිත්‍යාගයට  මුලික පරික්ෂාවන්ට   ලක් වෙමින්
ඇදුරු මඩුල්ල රුධිර පරිත්‍යාගයට එක්වෙමින් 
ඇදුරු මඩුල්ල රුධිර පරිත්‍යාගයට එක්වෙමින් 
ඇදුරු මඩුල්ල රුධිර පරිත්‍යාගයට එක්වෙමින් 
මා හටද ලේ දන්දීමට දැඩි ආසාවක් ඇති වුවත් ඒ සඳහා සුදුසු මානසික කායික ශාරීරික  නොතිබූ බැවින්    ඒ අදහස අත් හරින්නට සිදුවිය.  ඊට දින කිහිපයකට උඩදී පරීක්ෂණයක් සඳහා ලේ ලබා ගන්නට දැඩි   වෙහෙසක් සිදුවුයේ  මාගේ ශරීරයේ ලේ  ප්‍රමාණයේ යම්  පහල  යාමක් තිබු බැවිනි.  ඒ අවස්ථාවේ  ලේ ලබාගන්නට  තැත් කිරීමේදී  ලේ  පරීක්ෂක  මහතා කිවේ 
"නහර ටික මිරිකලා  මිරිකලා තමා ඔයාගෙන් ලේ  ගන්න වෙන්නේ "

රුධිරය එකතු කරන ඇසුරුම් 
පරිත්‍යාග කලාවූ රුධිරය සහිත ඇසුරුම් 
රුධිර සාම්පල 
සංවිධායක මණ්ඩලයෙන් කොටසක් 
කවදත් අලුත් දෙයක්  කරන්නට උත්සාහ දරන NIBM කුරුණෑගල සිසුන් මිට පෙර අවුරුදු ක්‍රීඩා සමගින් අනෙකුත් ඉසව් එක්කොට වාර්ෂිකව NIBM Sports Day  සංවිධානය, වසරක් පාසා දන්සල් , වෙසක් කුඩු ප්‍රදර්ශනයන් සේම ගුරු මණ්ඩලය විශ්මයට පත් කරමින් සිදු කරන්නාවූ උපන්දින සාදයන්  සංවිධානය කරමින් නවමු ඉසව් කරා ගමන් කරමින් සුවිශේෂී සැමරුම් එක්කොට තිබුණි. ඒ සඳහා නිරතුරුව සහය ලබාදෙන කුරුණෑගල ගුරුමඩුල්ල සේම අනෙකුත් කාර්යමණ්ඩලය ,සියලුම සිසු සිසුවියන් ,දෙමාපියන් ,හිතවතුන්, අනුග්‍රාහකයින් සියලු දෙනාටම හද පිරි ස්තුතිය පලකල යුතුමය.

සියලු කටයුතු ඉතා සාර්ථක වෙමින් සතියේ  දිනෙක වුවද ලේ දන්දීමේ පිංකම උදෙසා සැලිකිය යුතු පිරිසක් සහභාගී වීම කැපී පෙනෙන්නට විය.  තරුණයින් වැඩි වශයෙන් මේ සඳහා දායක වූ ආකාරයක් දක්නට ලැබුණි. ලේ දන්දීමට දායක වුවන් හට සුවිශේෂ මතක සැමරුමක් ලබා දීමට සංවිධායක මණ්ඩලය පියවර ගෙන තිබුණි. 

ඔබට ස්තුතියි 
පුවත්පත් වාර්තාව (ඡායාරූප අයිතිය චේතන කලන)
සියලු දෙනාම එකාවන්ව කටයුතු කිරීමේ ප්‍රතිපලයක් ලෙසින් වැඩසටහන අවසාන වන විට රුධිර පරිත්‍යාගයකින් 128 ක් දෙනා තවත්  ජිවිත ගණනාවක්  බේරා ගැනීම උදෙසා නිර්ලෝභීව රුධිරය දන් දෙන්නට තරම් මනුසත්කමින් පෝෂිත විණි. විරල ගණයේ පින්කමකට සහභාගී වන්නටත් එය සාර්ථක කර  ගන්නටත් සියලුම දෙනා ගත්තා  වූ  උත්සාහයේ සාර්ථක ප්‍රතිපල බුක්ති විඳීමට සියලු දෙනාම වාසනාවන්ත වීමු.  

අකාලයේ පරවෙන්නට යන ජිවිතයකට ජිවය දෙමින් උතුම් වූ ලේ දන්දීමේ පින්කමක් සංවිධානයට සිත් යොමු වුවාවූ සැමගේත් ඒ සඳහා ස්ව කැමැත්තෙන්ම පැමිණ සිය රුධිරය පරිත්‍යාග කරමින් මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!

ඡායාරූප අයිතිය: Nadeesh Isuru Rathnayake 
විශේෂ ස්තුතිය : ෂෆ්රාස් සර්, රවී සර්  ඇතුළු  සමස්ත කුරුණෑගල  NIBM ඇදුරු මඩුල්ල  සහ කාර්යමණ්ඩල සාමාජිකයින්.  
මහේෂ් සමරදිවාකර සොහොයුරා සහ  සියලුම NIBM සිසු සිසුවියන්ට.  

19 comments:

  1. අගෙයි සැලෝ... උතුම් පින්කමක්.

    ReplyDelete
  2. අංජුල සමරනායකMonday, September 23, 2013 5:32:00 PM

    සැලළිහිණියා කාලෙකින් දකින්නට නොලැබුනත් හොද මාතෘකාවක් නැවත හොඳ ආරම්භයක් ලබාගෙන තියනවා..
    මේ වගේ ඒවා තමයි අද වෙන්න ඕන. මනුස්සකම ගිලිහෙන සමාජයක මේ වගේ දේවල් කරන්න හිතෙන අය වගේම එයට සහභාගිවන අයත් දුර්ලබයි. ආරම්භයේම තියන සටහන කදිමයි.....
    වැඩසටහන වගේම පොස්ට් එකත් සාර්ථකව ලියල තියනවා. මේ විදියට විවිධ මාතෘකා ඔස්සේ පොස්ට් දන එක අගය කරනවා

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අංජුල සමරනායක අදහස් දක්වලා දිරිමත් කරනවට.... මේ වගේ විවිධ වැඩසටහන් කරන්න කුරුණෑගල NIBM එක නිරන්තර සුදානමින් ඉන්නේ.

      Delete
  3. ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ... මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!
    daapu hedima nam patta machan..... siraawatama agaya karanawa me pinkama nam

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම... ස්තුතියි.අදහස් දක්වලා දිරිමත් කරනවට....

      Delete
  4. පට්ට article එක අයියේ (y)

    ReplyDelete
    Replies
    1. ස්තුතියි CM අදහස් දක්වලා දිරිමත් කරනවට....

      Delete
  5. සැලෝ උබත් ඉදල ඉඳල අතාරිනවා පට්ටම කතාවක්. අගෙයි මචෝ උබේ ලිවිල්ලත් අදහසුත් සිරා.

    ReplyDelete
    Replies
    1. මා හටද ලේ දන්දීමට දැඩි ආසාවක් ඇති වුවත් ඒ සඳහා සුදුසු මානසික කායික ශාරීරික නොතිබූ බැවින් ඒ අදහස අත් හරින්නට සිදුවිය. ඊට දින කිහිපයකට උඩදී පරීක්ෂණයක් සඳහා ලේ ලබා ගන්නට දැඩි වෙහෙසක් සිදුවුයේ මාගේ ශරීරයේ ලේ ප්‍රමාණයේ යම් පහල යාමක් තිබු බැවිනි. ඒ අවස්ථාවේ ලේ ලබාගන්නට තැත් කිරීමේදී ලේ පරීක්ෂක මහතා කිවේ
      "නහර ටික මිරිකලා මිරිකලා තමා ඔයාගෙන් ලේ ගන්න වෙන්නේ "

      අගෙයි මචෝ උබේ ලිවිල්ලත් අදහසුත් සිරා.

      Delete
    2. Nimantha Dasanayake ස්තුතියි අදහස් දක්වලා දිරිමත් කරනවට.... මගේ ලේ ප්‍රමාණය ටිකක් අඩුවෙලානේ ඉතින් ලේ දන් දෙන්න ගියානම් අනික් අය දුන්න ලේ ඔක්කොම ආයේ මටම දෙන්න වෙනවා :)

      Delete
  6. නියමයි.. ඇත්තටම ඕකෙ ප්‍රධානියත් නියම මහත්මයෙක් වෙන්න ඕන. අපේ ගාල්ල branch එකේ ඉස්සර ඔහොම පින්කම් කෙරුණා. මින් ඉදිරියට කෙරෙන එකක් නෑ. කෙරුණත් කොල්ලොන්ගෙ දායකත්වය ලැබෙන එකක් නෑ..

    සමහර ඩිරෙක්ටර් ගොබිලොන්ට ඕන කෑපී පේන්නෙ කෙල්ලො කොල්ලො ටිකකට බාගෙට ඇඳුම් අන්දල ස්ටේජ් උඩ නටවන්න විතරනෙ.. එතකොටලු ප්‍රොෆිෂනල්.. හිතාගන්න පුළුවන්නෙ කවුද කියලා

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන් තවමත් කුරුණෑගල ඒ සුන්දරකම රැඳිලා තියනවා. 2009 ඉදන්ම සාර්ථක ගමනක් යන්නේ. ඔව්ව ඔහොම තමා යසිත් එක එක්කෙනාගේ අදහස් විවිධයි. තේරුම් ගන්නකම් කිව්වට වැඩක් වෙන්නේ නෑ.. ගොඩක් ස්තුතියි අදහස් දක්වලා දිරිමත් කරනවට.....

      Delete
  7. යුතුකම් දන්නා මිනිසුන්ට ජයෙන් ජයම වේවා!!!!!!!!!

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම
      ස්තුතියි ඔබට

      Delete
  8. අගෙයි කොලුවෝ

    ReplyDelete
  9. Replies
    1. නිරන්තරයෙන් දිරිමත් කරන Chinthaka Supun ඔබට ස්තුතියි

      Delete

එක් කලාවූ අදහස් උදහස්