Saturday, January 17, 2015

සුභ උපන්දිනයක් වේවා ප්‍රිය සොහොයුරාණෙනි

       කාලය ගතවන්නේ අපටත් නොදැනීමයි. ක්‍රමයෙන් අවසානය දක්වා ළඟාවන මොහොතක් පාසා ජීවත්ව සිටින කාලයේ කලයුතු වන්නේ අනෙකුට කරදරයක් වීම නොව අනුනට සවියක් යහපතක් වන අයුරින් ජීවිතය ගෙවීමයි. තවකෙක් වෙනුවෙන්  යමෙකුගේ දියුණුව යහපත වෙනුවෙන් වැඩදායි යමක් කරන්නට හැකිනම් එය ඉතා වටින්නේය. බොහොමයක් අවස්ථාවල හොද දෙයක් තවකෙකු වෙනුවෙන් කරන්නට ගිය විටදී ලබන හොදම ප්‍රතිචාරය බැනුම් සමග අපහාස උපහාස සමග ගැරහුම් නැවත කිසි දිනෙක හොදක් හෝ කරන්නට ඇතිවන  සිතුවිල්ලද නැති කරමිනි. 


තවකෙක් වෙනුවෙන් යමක් කරන්නේ නම් එය කල යුත්තේ ලකුණු තැනක් ගැනීම හෝ පිණිස  නොව අනෙකාගේ යහපත පිණිසමය. .  එසේ සිදු කරනු ලබන  යහපත් සිතුවිල්ල තුල අප කල හොද දේ යම් දිනක ඔවුන් වටහා ගනු ඇත. සමහර විටෙක ඉක්මනින් ලැබෙන ලකුණ හෝ ගෞරවය තාවකාලික විය හැක. එනමුත් කාලය බොහෝ දේ නිවැරදි කරන්නේ වේදනාවක් විඳි තැනැත්තාට සාධාරණය ඉටු කරමිනි. එවිට  ලකුණු පමණක් නොව ගෞරවය දිනක අපට නිරායාසයෙන් ලැබෙනු  ඇත.


ගෙවුණු ජිවිත  කාලයේ මට මගේ නැසීගිය සහෝදරයා ජීවත්ව සිටි කාලයේ  මෙවැනි කටයුත්තක්  කරන්නට වාසනාව නොලැබුණි. නමුත් දස වසරකට පෙර ඔහු හැර ගියත්  ඔහුගේ මතකයත් රැගෙන ඔහු වෙනුවෙන් කිරීමට නොහැකි වූ බොහෝ දේ අතර ළබැඳි මිතුරෙකු, සහෝදරයෙකු වෙනුවෙන් ස්වකිය උපන්දිනය උදෙසා බෝධි පුජා පිංකම සහ සෙත් ප්‍රාර්ථනය සිදුකරන්නට වාසනාව ලැබුණි. කව්රුන් වෙනුවෙන් දැයි සඳහන් නොකලද මෙයින් ලද ආශිර්වාදය මගේ නැසීගිය සොයුරාට මෙන්ම   මෙම උපන්දිනය සැමරු සොයුරාට සිය ජිවිත කාලය පුරාවටම  එක ලෙසම ලබන්නේය. පුජා කල පහන් දැල්වෙන වාරයක් වාරයක් පාසා උපන්දිනය සැමරු සොයුරාගේ ජිවිතයට ආලෝකයම ලැබෙන්නේය.


ලකුණු ලබන්නට, තැනක් ගන්නට හෝ නොව යහපත් සිතුවිල්ල තුල මුළු හදවතින්ම මෙය කරන්නට ලැබීමද තුල  මෙයින් ලබන ආනිශංසය මහත්ඵල වන්නේය. 





දොළොස් මසක් දැල්වෙන පහන්  පුජාවද  උපන්දිනයේ  අගය තුල දැල්වුණු පහන් ආලෝකයන්ද ,  සුවඳ දුම් පුජාවන්ද සමග සුදු  නෙලුම් මල් සහ පිරිකර පුජාවන්ද ජිවිත කාලයටම මහත්වූ  ආශිර්වාදයක්, රැකවරණයක් ලබනු නියතය.








ජායාරුපයන් බොහෝ දේ නිහඬවම පවසනු ඇත. අද මුවින් නොකීවද හදවතේ ගැඹුරු තැනටම මෙම කර්තව්‍ය දැනෙනු ඇත ......   
මතු දිනක හෝ මුවින් පවසනු ඇත ...


සුභ උපන්දිනයක් වේවා  අදටද....... හෙටටද....... සහ මතුවටද..................  

12 comments:

  1. කියන්න වචන නෑ මචං මේවගේ දෙයක් නම් දැකල නෑ කවදාවත්....
    මේ වචනේ නම් බොක්කටම වදිනවා කොල්ලෝ

    #ජායාරුපයන් බොහෝ දේ නිහඬවම පවසනු ඇත. අද මුවින් නොකීවද හදවතේ ගැඹුරු තැනටම මෙම කර්තව්‍ය දැනෙනු ඇත ......
    මතු දිනක හෝ මුවින් පවසනු ඇත ...#

    ඔව් මචන් එක නම් හරියටම හරි

    ReplyDelete
  2. bokkatama wadina siddiyak machan. ube nam lesiyen hoyaganna beri charithayak ban jayawewa

    ReplyDelete
  3. කියන්න වචන නෑ.. තදින්ම හිතට වැදුනා මේ දේ..

    ReplyDelete
    Replies
    1. Aniwa machan. Ape jivithetawath mehema deyak karanna lebila na.

      Delete
    2. aniwa macho. api api genama lejja wenna ona.

      Delete
  4. Sira machoo. Yaluwek wenuwen mehema deyak karanna ubata hithata apu eka kochchara watinawads

    ReplyDelete
  5. බොක්කටම වැදුනා මචෝ මේ සින්කොන් එක

    ReplyDelete
  6. මේක කියවපු කෙනෙකුගේ ඇස් වලට කදුලක් ආවේ නැත්නම් පුදුමයි සහෝ. මේක පුදුමාකාර ලස්සනක් වගේම උතුම් වැඩක්

    ReplyDelete
    Replies
    1. sirawata machan. pattama wedak meka.

      Delete
  7. Mata nam eswalata kadulu piruna meka kiyewwama

    ReplyDelete
  8. mekata mata kiyanna wachana ne machan,. apita kawdawath hithena deyak nam nemayi meka. ube sahodaraya pin karala thiyanawa machan, 18 weni upandineta mehema deyak kara kiyanne uge mulu jivithema goda.


    awasthwan labilath mehema dewal nokarapu eka ghena mata nam mama genama lejja hithuna macho meka kiyewwama.

    ReplyDelete
  9. es dekata kadulak wagema hadawathatama denuna kathawak meka. obe sahodaraya wagema mithurath godak wasanawanthayi.

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්