Saturday, February 23, 2019

සුභ උපන්දිනයක් වේවා ආදරණිය සොහොයුරාණෙනි..!!

කාලය ගතවන්නේ අපටත් නොදැනීමයි. ක්‍රමයෙන් ජිවිතයේ අවසානය දක්වා ළඟාවන මොහොතක් මොහොතක්  පාසා ජීවත්ව සිටින කාලයේ කලයුතු වන්නේ අනෙකුට කරදරයක් වීම නොව අනුනට සවියක් යහපතක් වන අයුරින් ජීවිතය ගෙවීම සේම හැකි සෑම විටෙකම අන්‍යන්ගේ  ජිවිතයන්ට උදව් අවශ්‍ය තැනදී හැකි උපරිමයෙන් දායක වීමය. . තවකෙක් වෙනුවෙන්  ජිවිතයේ  දියුණුව යහපත වෙනුවෙන් වැඩදායි යමක් කරන්නට හැකිනම් එය ඉතා වටින්නේය. 


බොහොමයක් අවස්ථාවල හොද දෙයක් තවකෙකු වෙනුවෙන් කරන්නට ගිය විටදී ලබන්නට හැකි  හොදම ප්‍රතිචාරය බැනුම් , අපහාස, උපහාස සමග ලැබෙන ගැරහුම් නැවත කිසි දිනෙක හොදක් හෝ කරන්නට ඇතිවන පුංචි හෝ  සිතුවිල්ලද නැති කරමිනි. 

තවකෙකු  වෙනුවෙන් යමක් කරන්නේ නම් එය කල යුත්තේ ලකුණු තැනක් ගැනීම හෝ පිණිස නොව අනෙකාගේ යහපත පිණිසමය. එසේ සිදු කරනු ලබන  යහපත්වූ  සිතුවිල්ල තුල අප කල හොද දේ යම් දිනක ඔවුන් වටහා ගනු ඇත. සමහර විටෙක ඉක්මනින් ලැබෙන ලකුණ හෝ ගෞරවය තාවකාලික විය හැක. එනමුත් කාලය බොහෝ දේ නිවැරදි කරන්නේ වේදනාවක් විඳි තැනැත්තාට සාධාරණය ඉටු කරමිනි. එවිට  ලකුණු පමණක් නොව ගෞරවය දිනක අපට නිරායාසයෙන් ලැබෙනු  ඇත.


ගෙවුණු ජිවිත  කාලයේ මට මගේ නැසීගිය සහෝදරයා ජීවත්ව සිටි කාලයේ  මෙවැනි කටයුත්තක්  කරන්නට වාසනාව නොලැබුණි. නමුත් දහහතර  වසරකට පෙර ඔහු හැර ගියත් ඔහුගේ මතකයත් රැගෙන ඔහු වෙනුවෙන් කිරීමට නොහැකි වූ බොහෝ දේ අතරින් මා හට කළහැකි වූ මට ළබැඳි හදවතේ නිරතුරු ජිවත්වන මිතුරෙකු, සහෝදරයෙකු වෙනුවෙන් ඔහුගේ  උපන්දිනය උදෙසා බෝධි පුජා පිංකම සහ සෙත් ප්‍රාර්ථනය සිදුකරන්නට දුර්ලභ  වාසනාවක් ලැබුණි. කව්රුන් වෙනුවෙන් දැයි සඳහන් නොකලද මෙයින් ලද ආශිර්වාදය මගේ නැසීගිය සොයුරාට මෙන්ම   මෙම උපන්දිනය සැමරු සොයුරාට සිය ජිවිත කාලය පුරාවටම  එක ලෙසම ලබන්නේය. පුජා කල පහන් දැල්වෙන වාරයක් වාරයක් පාසා උපන්දිනය සැමරු සොයුරාගේ ජිවිතයට ආලෝකයම ලැබෙන්නේය.



සෑම හමුවිමකටම හේතුවක් ඇත. විටෙක එය ජිවිතයේ යහපත් වෙනසකට ලැබෙන මහගු අවස්ථාවක් විය හැක. මිතුරෙකු ලෙස ජිවිතයට විත් අවසානයේ සොහොයුරෙක්, පවුලේ කෙනෙකු තරමට ලංවන්නට දුක සැප හමුවේ නොසැලී  අත්නොහැර නොයමින් සෙවනැල්ලක්සේ පසුපස ඉන්නට තරම් යහපත් මිනිසුන් තවමත් ලෝකයේ නැත්තාම නොවේ. එකම අම්මාගේ කුසින් එකම ලේ ලෙස නොපැමිණියද, හදවතින් සොහොයුරන් ලෙස ආ ගමන විටෙක ඇනුම් බැනුම් සේම දුකද සතුටද එකලෙස බෙදාගන්නට තරම් වාසනාවක් ලැබුණි. අවැසි විට පසුපස ඉදිමින් ජිවිතයේ අත්‍යවශම අවස්ථාවන්හි ලබාදුන් සහයටද තුති පිදුමටද අවස්ථාවක් කරගනිමි.

උපන්දින පුජාවේ අවස්ථාවන් 

උපන්දින පුජාවේ අවස්ථාවන් 
  
උපන්දින පුජාවේ අවස්ථාවන් 

උපන්දින පුජාවේ අවස්ථාවන් 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 


ජිවිතයටම ප්‍රාර්ථනා කල දෙවියන්ගේ ආශීර්වාදය 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

වසර විසි දෙකක අභිමානවත් සැමරුම 

තවත් දිනෙක උදව් අවැසිම මොහොතක 

ලකුණු ලබන්නටතැනක් ගන්නට හෝ නොව යහපත් සිතුවිල්ල තුල මුළු හදවතින්ම මෙය සිදු කරන්නට ලැබීමද නිසාවෙන්  මෙයින් අප ලබන ආනිශංසය මහත්ඵල වන්නේය.  මෙම  කටයුත්ත ආරම්භය දක්වාම ඔහුට රහසක්ලෙස තබාගන්නටත් අවසානයේ ඔහු විශ්මයට පත්කරන්නටත් හැකියාව ලැබුනායි මා නිසැකවම විශ්වාස කරමි.  එමෙන්ම  ආදර අම්මා  මේ වෙනුවෙන් ලබාදුන් දායකත්වයටද කෘතවේදී වෙමි.

ජිවිතයට ආලෝකය ලැබෙන  පහන් ආලෝකය 

ජිවිතයට ආලෝකය ලැබෙන  පහන් ආලෝකය

අත්‍යවශම අවස්ථාවක දැල්වුණු  පහන් ආලෝකය

දොළොස් මසක් දැල්වෙන පහන්  පුජාවද,  උපන්දිනයේ  අගය තුල දැල්වුණු පහන් ආලෝකයන්ද ,  සුවඳ දුම් පුජාවන්ද සමග සුදු  නෙලුම් මල් සහ පිරිකර පුජාවන්ද ජිවිත කාලයටම මහත්වූ  ආශිර්වාදයක්රැකවරණයක් ලබනු නියතය. සැමදිනයකම උවදුරු දුරුවී යහපත් කටයුතු සාර්ථක වන්නට මග පෙන්වනු නිසැකය. 



ජායාරුපයන් බොහෝ දේ නිහඬවම පවසනු ඇත. අද මුවින් නොකීවද හදවතේ ගැඹුරු තැනටම මෙම කර්තව්‍ය දැනෙනු ඇත ......   
මතු දිනක නැවත නැවතත්  මුවින් පවසනු ඇත ...
සිතෙහි සදා කාවැදී පවතිනු  ඇත.....

ජීවිතය ජයගන්නට මංසලකුණක්ද  වනු  ඇත....

සුභ උපන්දිනයක් සේම  යහපත් අනාගතයක්..... 

අදටද.......... 

හෙටටද....... 

සහ මතු මතුවටද..................  


5 comments:

  1. ගොඩක් කාලෙකින් පොස්ට් එකක් දැක්කේ.. මට කියන්න වචන නම් නෑ. හිතට තදින්ම වැදුනා මේක නම්. මිය ගිය සොහොයුරාට නිවන් සුව. උපන්දිනය සමරු සොහොයුරාට ප්‍රීතිමත් උපන්දිනයක්. ඇත්තටම සහෝදරයෝ දෙන්නම් හරිම වාසනාවන්තයි...

    සසිත්

    ReplyDelete
  2. මේක කියවන කෙනක්ගේ ඇසට කදුලක් අවේ නැත්නම් ඒක පුදුමයක්. අගෙයි මචෝ අගෙයි. මට මේක කියවද්දී ලෑජ්ජත් හිතුන අපි මොනවද කරන්නේ කියල.
    ජය ජය

    ReplyDelete
  3. Ane mata me kathawa kiyawanna be. Es deken kadulu wetuna. Birthday boy uba nam pattama lucky me wage yaluwek labanna

    ReplyDelete

එක් කලාවූ අදහස් උදහස්