Showing posts with label සැලළිහිණි සංචාරයන්. Show all posts
Showing posts with label සැලළිහිණි සංචාරයන්. Show all posts

Thursday, September 19, 2013

සද්දන්තයින් සොයා පින්නවලට

පෙරවදනක්............

එළඹුණු වෙසක් මාසයෙන් අනතුරුව සැලළිහිනියා  හට උදාවුයේ  සුභදායි කාලයක්  නම්  නොවේ. උපාධියේ සියලුම දේශනයන්, විභාගයන් , පැවරුම් , ව්‍යපෘති සියල්ලම සාර්ථකව අවසන් කොට නිදහසේ හුස්ම පොදක් ගන්නට උත්සාහ කලද  එක පිට එක පිට  ආවාවූ  බාධක තුලින් ගොඩනගා ගත් ජීවිතය මදක් ආපස්සට  හරවා යවන්නට  තරම් ප්‍රබල වුයේය.

එම කාලයේ කිහිප අවස්ථාවකම නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇනහිටියේ  ප්‍රධාන මාර්ගය හරහා වැටි පවතින අප නිවසේ දුරකථන රැහැන් මාර්ගය මාර්ග  සංවර්ධන මහත්වරුන්ගේ අධිවේගී ක්‍රියා මාර්ග තුල අවස්ථා කිහිපයකදී විසන්ධි වීමෙන් 1212 අමතා නැවත සවි කරගන්නටය. මාසික බිල්පත ප්‍රමාදයක් වුයේ නම්  දුරකථන සම්බන්ධතාව විසන්ධි කරන්නට ප්‍රමාද  නොවන නමුත් අලුත්වැඩියා කටයුත්තකදී කිහිපවතාවක්ම දුරකථනයන්  ඔස්සේ කණ රත්වනතුරු 1212 අමතන්නට ලැබීමද එක්තරා අවාසනාවන්ත තත්වයකි...


නොයෙකුත් ආකාරයෙන්  එළඹුණු කරදර බාධක හමුවේ නිරවුල් මනසකින් යුක්තව සිටීමේ අවස්ථා අතිශය සීමිත විය. උපාධියේ වැඩකටයුතු හමාරකොට අවසන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියද අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිඵල නිකුතුව ප්‍රමාද වීමද සිතට ගෙන ආවේ දැඩි පිඩනයකි. අවසානයේ  දිගු කලක් මුළුල්ලේ දෑස් දල්වා බලාසිටි ජිවිතයේ සොඳුරු බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කල තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිඹඳ උපාධිධාරියෙකු බවට පත්කලාවූ  උපාධියේ අවසන් විභාග ප්‍රතිපලය සතුටු කඳුලැලි ගලායන දෙනෙතින් දකින්නට තරම් මා වාසනාවන්ත  වීමි.....


වේදනාව තනිකම  දැඩිව දැනුනු  මෙම කාලයේ වෙනදා  මාසයකට කිහිපවරක් සැලළිහිණියා තුලින් ඔබ හමුවට ආවද අවසානයේ එයින්ද තාවකාලික සමුගැනීමක් සිදු කරන්නට  වීමි. ඒ කාලය  තුලදී නිරන්තරයෙන් මා  පිළිඹඳ අවධානයෙන් සිටි මගේ ජිවිතයේ හිතවත්ම මිතුරන් සොහොයුරන් කිහිප දෙනාට පින්සිදු වන්නට  නැවත වරක් නැගී සිටින්නට මට හැකි විනි. සැබෑ ලෙන්ගතු සොහොයුරන් සේම මිතුරන් වූ  ඔබ කිහිප දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.



------------------๑۩۩๑ -- ๑۩۩๑ -- ๑۩۩๑------------------


මාස  කිහිපයකින් ශ්‍රී ලංකා මාතාවගේ සොඳුරු මංපෙත් සොයා යන චාරිකාවක නිරත වන්නට අවස්ථාවක නොලබා සිටියෙමි. තරංග සහ පිරිවර සමඟ යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව අවසන් වීමෙන් පසුව වසර ග ණනාවක්  මුළුල්ලේ නැවත එක්ව චාරිකාවක්  යන්නට පිඹුරුපත් සැකසුවද ඒ සියල්ල සිතුවිල්ලක්  පමණක් විය.අවසානයේ  කෙසේ හෝ තරංග විසින් මෝටර් සයිකලයක් මිලට ගැනීම තුල දුර ගමනක් කෙසේ වෙතත් ළඟ ගමනක හෝ නිරත  වීමේ බලාපොරොත්තුවකින් ඒ පිළිඹඳ  සාකච්චා කළෙමු.

Thursday, March 28, 2013

අපුරු මග පෙන්වන්නා සමග අතරමං වුන අලුවිහාරේ කඳු තරණය

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා චාරිකාව අවසන් වූ  පසුව නැවත වතාවක් ඒ  හා සමාන තවත්  සුන්දර  චාරිකාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් අප පිරිස දෙවන වසරේ පළමු අදියරේ  අධ්‍යාපන කටයුතු වල නිරත වීමු.  ටික දිනක්  යත්ම  නැවතත්  චාරිකාවක්  සලකුණු පහල වුයේ රජිත ගේ අලුත්  චාරිකාව  සමගිනි 2010 වසරේ සැප්තැම්බර් මාසය පුරාම අපගේ විභාගයන් පැවැත්වුණු අතර එය අවසන් දිනයට පසු දින මෙවර  මාතලේ අලුවිහාරේ  කන්ද තරණය කිරීමේ චාරිකාව  යොදා ගන්නට යෙදුනි. සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනයන්හි සති 3ක් පුරා විභාගයන්ට මුහුණ දීමෙන් අප සියලු දෙනාම දැඩි  හෙම්බත්විමකට ලක්ව සිටියෙමු.  සැප්තැම්බර් 19 වැනිදා විභාග අවසන් කල අප පසුදිනට නියම කරගත් චාරිකාවේ කටයුතු වලට සුදානම් වීමු.

රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප  දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර  සැලළිහිනියා  සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය  රිවෙර්ස්ටන් චාරිකාවේදී  කුරුණෑගල සිට  මාතලේ දක්වා  යාමට කිහිපදෙනෙක්  සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ 
  සැලළිහිනියා  පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට  සැලළිහිනියා  සිතා ගත්තේ  කුරුණෑගල සහ  මාතලේ අතර බස් රථයක ගමන් කිරීම  නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය.  එලෙසම සවස් වූ විට ආපසු   කුරුණෑගලට පැමිණීමට නිසි  සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ  මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර  මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය.  එය  ඔලුව වටේ අත  යවමින්  කන  අල්ලනවා වැනි ක්‍රියාවකි.  සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ  බල පිටත් වුයේ  පළමු වතාවටය.  

නිවසේ සිට  මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට  ළඟා  වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත  ගමන්  කලේද පළමු වතාවටය.  රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක්  ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා  දකින්නට නොලැබුණි.  කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත.  3km  පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා  ආපසු  හරි  රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ  යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය.  පළමු අවස්ථාවේ එය දකින්නට  තරම් පිනක්  සැලළිහිනියා  හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු  නොවන්නේය. එය දිනයේ  සිදුවූ පළමු මග වැරදිමය.  සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින්  අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.   

ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ  සුන්දර දසුන් 

Monday, February 25, 2013

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - අවසන් කොටස

කිසිවෙකු බලාපොරොත්තු නොවූ ආකාරයෙන්  ගලා ආ  දැවැන්ත සුළඟ අප  හිටි  තැනම  
නොසෙල්වා තබන්නට සමත්විය. හදිස්සියට අල්වා  ගන්නට  කිසිවක්ද නැත. සැබවින්ම අප මුහුණ  දුන්නේ ත්‍රාසජනක අවස්ථාවකටය.  විනාඩි  කිහිපයක්ම මේ  ආකාරයෙන්  නොසෙල්ව ගත කල අපට   සිතට යම් සහනයක් දැනෙන්නට ගත්තේ ගලා ආ දැවැන්ත සුළං  කඳ සහ  මිහිඳුම ක්‍රමයෙන්  පහව   යන්නට ගත්තයින්  පසුවය. ක්ෂණයෙන් අපගේ  පා ඉක්මනක් කල අප මාර්ගය ඔස්සේ   පහලට ගමන් කලේ නැවතත් ත්‍රාසජනක අවස්ථාව කට මුහුණ  දීමට ප්‍රථමයෙනි.  ඒ  යන අතරතුරද ආරක්ෂිතයි හැඟුණ ස්ථානයක නැවතී ඡායරූප ගන්නටද  අමතක නොකළෙමු.   ඒ හැම අවස්ථාවකම අප විමසිලිමත් වුයේ හමන සුළඟ පිළිඹඳවය. 






Monday, February 18, 2013

අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - පළමු කොටස

ඒ අපගේ NIBM   ජිවිතයේ ගෙවී යන  දෙවන වන වසරයි. 2010 ජුනි  මාසයේ දිනෙක දෙවන වසරේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර කාලයේ අපගේ  සහෝදර  රජිත  විසින්  එයට  සිය මිතුරන්  සමග නිරතවූ  විවිධාකාරී සංචාරයන් පිළිඹඳව  නොයෙක් විට දැක්වූ අදහස් අපටද එවැනි චාරිකාවක් යාමට දැඩි උනන්දුවක් ඇති  කරන්නක් වුණා.  සිය චාරිකාවන්හි අත්දැකීම් සහිත ඡායරූප  Facebook  හරහාද අප වෙත එවීම තුලින්  අවසානයේ තීරණය වුයේ  අප දෙවන වසරේ සිසු පිරිසක්  හැකි ඉක්මනින් චාරිකාවක නිරත විමටයි. දිනෙක දේශනයක් අවසානයේ 

රජිත " අයියා, අපි ට්‍රිප් එකක් යමුද එන Week  එකේ ?

සැලළිහිණියා " අහ්     ඒක කියන්න තමයි මල්ලි මමත් මේ  බලන්  හිටියේ, දවසක් සංජීවත්, සමිතුත්  කතා උනේ ඔය ගැන තමයි."

රජිත " එළකිරි අයියා,   එහෙනම් මම වැඩේ ලේස්ති කරන්නම්,  මේ සැරේ අපි රිවෙර්ස්ටන් යමුද?

රිවෙර්ස්ටන් ගැන  මිට කළින් අසා තිබුනද සැලළිහිණියා  කිසි විටෙක් එම  ප්‍රදේශයේ සංචාරය  කර  නොතිබුණි. එබැවින් 


සැලළිහිණියා "  නියමයි. මම  රිවෙර්ස්ටන් ගිහිල්ල නැහැ. එහෙනම්  මම OK "

රජිත" එතකොට සංජීව, සමිත් ? "

සැලළිහිණියා " මම කියන්නම් එයාලට ,  කොහොමත් එයාල  දෙන්න ok "

රජිත"  එළකිරි අයියා, එහෙනම්  නවරත්නල දෙන්නයි, තරින්දු මල්ලියි , අතුලයි  එන්නම් කිවා.  තව චරිත් , රසිත, දිනේෂ්  එක්ක එන්නම් කිව්වා"

සැලළිහිණියා " හරි  එහෙනම් "

ඒ වන විට Lab එකේ සිට සංජිව  සහ සමිත් අප සිටි දෙසට පැමිණෙමින් සිටි අතර,


රජිත" ආ  මේ  එන්නේ දෙන්නම ,  මොකද  දෙන්නා  කියන්නේ එන Week එකේ රිවෙර්ස්ටන් යමුද? "


Tuesday, February 5, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - අවසන් කොටස

සැලළිහිනියා ඇතුලු පිරිස    ඊයේ දිනයේ ගමන ආරම්භ කල පසුව යන ස්ථානයක් දැන  ගමන ආරම්භ කරන පළමු අවස්ථාව උදාවුයේ  බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදීය. බදුල්ල බලා යන  ප්‍රමාද වූ  රාත්‍රී තැපැල් දුම්රියත්,  කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියත්  යන දෙකෙන් කුමන දුම්රියේ  අපගේ  ගමනාන්තය යන්න තීරණය වන අවස්ථාව  උදාවිය. තරංගයා පෙරමුණේ රාල වී දුම්රියට නැගුණේය.  එය කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියයි. ඒ  අපගේ  සංචාරක ඉසව්ව  වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය  කර ගමන් කිරීමටය. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අපට තරංගගේ  අයියන්ඩිය විසින්  හඳුන්වා දුන් අමුත්තා ප්‍රකාශ කල පරිදි වටිනා දුෂ්කර ගමන් මාර්ගයක පිහිටි ස්ථානයක් නැරඹීමට  පිණිස අප ඉදල්ගස්හින්න  දක්වා දුම්රියෙන් ගමන ආරම්භ කළෙමු.  ඊයේ රාත්‍රියේ  නොදුටු දියතලාව,හපුතලේ ප්‍රදේශ පසු කරමින් අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කරා ළඟා වීමු.

Wednesday, January 30, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - දෙවන කොටස


ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය පෙනෙන  සිමාවේ එක්වරම  දුම්රිය නැවැත්වීම අප සෑම දෙනාටම   මහත්වූ කුතුහලය දනවන සිදුවීමක් විය.   ඒ අතරම දුම්රිය ස්ථානය දෙසින් කීපදෙනෙක් උදළු තල සහ තවත් උපකරණ රැගෙන මග නැවතී ඇති දුම්රිය කරා එන ආකාරය පෙනෙන්නට  වීමද අපහට  සිදුවන්නේ  කුමක්දැයි සිත ගන්නට නොහැකි දෙයක් බවට  පත්ව තිබුණි ...   

කාලයක   පෙර මේ ආසන්නතම  වටගොඩ  ප්‍රදේශයේ  සිදුවූ අමිහිරි  සිදුවීමක මතකයද  සිතේ නලියන්නට විය.  කෙසේ හෝ   දුම්රිය  මහා වර්ෂාව මැද  මෙලෙස නතරවන්නට වූ හේතුව පැවති මහා ධාරානිපාත වර්ෂාව නිසා ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය  අසල වූ දැවැන්ත ග්‍රේට් - වෙස්ටර්න් කඳුවැටියෙන් ගලා ආ  මහා  ජල කඳ  සමග පැමිණි විශාල පස් තට්ටුවක් දුම්රිය මාර්ගය හරහා රැඳී මාර්ගය  යටවිමය. එම හේතුව නිසා  දුම්රියට  එතනින් එහාට යාමට නොහැකි වී තිබීමය  විනාඩි කීපයක දැවැන්ත මෙහෙයුමකින්  පසු දුම්රිය ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය කරා ළඟා  විය.  මහා වර්ෂාව  තරමක් තුරල්ව පැවතියද දැඩි  ශීතල   තදින් අප පෙලන්නට විය. ග්‍රේට් -වෙස්ටර්න්  හිදී සැලළිහිණියා ඇතුළු පිරිවර  සමුහ ඡායාරෑපයකට පෙනී සිටියෙමු.  




Saturday, January 19, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - පළමු කොටස

සැලළිහිණියා සිය පළමු අනුරාධපුර චාරිකාව පිළිඹඳ පොස්ටුවෙන් ආරම්භ කලාවූ බ්ලොග් පොස්ටු ලිවිම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය  2වන පොස්ටුව වෙත පැමිනීමට සුදානම් වෙයි. ලැබෙමින් පවතින ප්‍රතිචාර සම්බන්ධව ස්තුතිය පලකරන අතරම  මිළඟට ලිවීමට අදහස්කළ පොස්ටුව ලිවිම පසෙකට තබා  මීට වසර කීපයකට කලින් සැලළිහිණියාගේ  මිතුරන් කීපදෙනෙක් කැටුව  සංචාරය කලාවූ බණ්ඩාරවෙල ගමන පිළිඹඳ  සුන්දර අතීත මතකයන් අවදි කරන්නටයි මේ සුදානම.  අදියර කීපයකින් මෙම පොස්ටුව ලිවීමට අදහස් කරගෙන අද එහි පළමු කොටස  ඉදිරිපත් කරන්නම්.

ඒ 2007 වර්ෂයේ  සැප්තැම්බර්  මාසයයි. සති කීපයක සිට කොහේ හෝ චාරිකාවක නිරත වීමට  සැලළිහිණියාත් ,තරංගත්    දිගින් දිගටම  ඒ වෙනුවෙන් ක්‍රියා කරමින්  සංවිධාන කටයුතු වල නිරත වුනා.  ඒ සඳහා පිරිස් එක්කාසුව හිතු තරම් ලේසි පහසු උනේ නැහැ. මුලින් එන්නම් කියූ සමහර ය අවසානයේ  නොයෙක්  කතන්දර කියමින් එන්නට නොහැකි බව ප්‍රකාශ කරද්දීත්  කෙසේ හෝ ඒ සඳහා  අවසානයේ   අචලත්, අරුණත් සමග ඩයන්  අවසානයේ කැමැත්ත   ප්‍රකාශ කරන්නට වුනා. මුලින්ම නුවරඑළියේ යාම සඳහා සුදානම් වූ අප සැප්තැම්බර් මාසයේ 06 වන දිනය ඒ සඳහා  යොදා ගත අතර අවසාන මොහොත දකවාම නුවරඑළියේ නවතින්න තැනක් පිළිඹඳ කිසිදු විස්තරයක් ප්‍රකාශ වුයේ  නැහැ


දින තුනක චාරිකාවක් සඳහා අවැසි බඩු  බාහිරාදිය රැගෙන අප නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරන්නට සුදානම් ව ආසන්නම ගිරිඋල්ල නගරය වෙත පෙ:ව
7.30 වනවිට  ලගාවුනා.  කොළඹ කොටුවෙන් පෙ:ව 9.45 ට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ  දුම්රිය ඒ සඳහා යොදාගන්නට තීරණය කොට අවසානයේ එය නවත්වන දුම්රිය ස්ථාන කවරක්දැයි යන්න සොයා බැලුවිට අවාසනාවට මෙන් අපට ආසන්නම මීරිගම දුම්රිය ස්ථානයේ එය නොනවත්වන බවත් පෙව 11.00ට පමණ එය පොල්ගහවෙල දුම්රිය ස්ථානය කර ළඟාවන බවත් දැනගන්නට  ලැබුණා. ඊට අමතරව  වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන අතර අප වේයන්ගොඩට නොගොස් අලව්ව හරහා පොල්ගහවෙලට යාමට කතිකා කර ගත්තා
ගිරිඋල්ලේ සිට අලව්ව දක්වා දිවෙන බස් රථයකට ගොඩවූ අප එය කීයට ගිරිඋල්ලෙන් පිටත් වන්නේ දැයි විමසා සිටිය.

Thursday, January 10, 2013

අනුරපුරයේ සංචාරය


නමෝ විත්තියෙන් ඇරඹුන 2013 වසරේ  සැලළිහිණියා ස්වකීය  නෙතින් දැකි සවනින් ඇසූ මතකයේ රැදි සටහන් මෙලෙසින් ඔබ හා බෙදා ගැනීම ආරම්භ කරන  වගයි......

"පුල් මල් කෙසරු මෙන් රන්වනි තෙලෙ සරණයුගසපුමල කැලෙව් තුඩ මඳ රතින මනහරනිලුපල් දෙලෙව් සම්වන පිය පිය පතරවලින් කළ රූඑව් එබැවින් නුබින් එනවරනිලූද ළඳ සිඳඹුවො දිගු වරලැ නිලූනිලූ ද වට බිගු පෙළ අද තඹරු නිලූවන දෙව් ලියෝ නො කෙළොද සවැන අබරණඑන මඟැ දුකෙක් නොවී ද සබඳනි කළණසන හස බැඳුණු තැන නොහරන කැරැ දියුණවෙන සැප කුමට තොප දකිනා එමැ පමණ....."

සැලළිහිණි සංදේශ කාව්‍ය  තුල  ඉහත ආකාරයෙන් සැලළිහිණියා  පිලිබදව වර්ණනා කොට ඇති අතර  මෙම  නාමය තොරා ගැනීමට  එයද විශේෂ වූ  හේතුවක් වූයේය.  එමෙන්ම තවත් සුවිශේෂී හේතුවක්  මෙම   නාමය තෝරාගන්නට  හේතුවක් වුයේය.  එය   පසුවට පවසන්නම්.. එසේනම් සැලළිහිණි  පුරාවත  මෙතකින් දිග හරිනට අවසරය........