Showing posts with label සැලළිහිණි සමාජ සත්කාර. Show all posts
Showing posts with label සැලළිහිණි සමාජ සත්කාර. Show all posts

Tuesday, February 4, 2014

සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරි ඉතිරි යන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය වූ වගයි

විඩාබර මනසට මහා සිසිලසක්  සේම අස්වැසිල්ලක් දැනෙන  බව හැඟේ. වෙනදා මෙම ස්ථානය පසු කර යන විට දැනුනු පාලු  ගතිය අද දක්නට නැත, තරමක පාලු ගතියකින් යුක්තව එදා පැවතී භුමිය අද  ආලෝකයෙන් බැබලීමට පටන්ගෙන ඇත. ඒ අන් කවරක් නිසා නොව පින්බර සිතක ඇතිවු යහපත් සිතුවිල්ලක මුදුන්පත් විමක්ය. මාස කිහිපයකට  පෙර තිබු  භුමිය උඩු යටිකුරු කරමින් අද බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන අසිරිමත් පින්කමක ප්‍රතිපලයක්ය    


නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරකරනා බුදුපිළිම වහන්සේ 

Friday, December 20, 2013

ඒ අමා නිවන් දුටු අසුමහා ශ්‍රාවක වන්දනාව

ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසත් පසේ බුදුබව ලැබීම   පිණිසත්  අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා  මහා ශ්‍රාවක මහරහත් තනතුරු ලැබීම පිණිසද සසරදම් පිරිම අත්‍යවශ්‍ය වන්නකි. 

මහා ශ්‍රාවකයෝ යනු කවරහුද?  කල්ප ලක්ෂයක් පිරු පෙරුම් ඇති බුදු රජාණන් වහන්සේ වදාරන ලද තනතුරු ඇති  පන්සීය පන්සීය භික්ෂු පරිවාර ඇති අශීති මහා ශ්‍රවකයෝය. ( ධර්ම ප්‍රදීපිකාව)    
බුදු රදුන් පිරිවරා සිටින නිකලේශි මහරහතන් වහන්සේලා අසූ  නමක් මහා ශ්‍රාවක ගණයෙහිලා සැලකුණු බවක් මෙයින් සනාථ වේ. බොහෝ විට තමන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරන බෝධිසත්ව අවධියේ පවා අසූ මහා ශ්‍රාවක කෙනෙක් වුහ . පෙර බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා පාරමී ධර්මයන් පුරලා ලද්දාහුය.
බෞද්ධ සාහිත්‍ය තුල මෙම අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිඹඳ  චරිත කතා අතිශය විචිත්‍රය. භවයෙන් භවයට මුහුකුරා ගිය කුසල බල මහිමය පෙන්නුම් කරන බුද්ධ චරිතය හැරුණු කොට ශ්‍රේෂ්ථතම ආදර්ශ චරිතාපදානයන් වශයෙන් සැලකෙන්නේ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාය..


එවන් අසිරිමත් ගුණ සමුදායකින් යුතු කලකින් දක්නට ලැබෙන  අසිරිමත් අසු මහා ශ්‍රාවක වන්දනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 29 දෙදින තුලදී අප වාසය කරන පුස්කොලදෙණිය ගම්මානයේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්‌ථානයේ පැවැත්වුනා. 

Monday, September 23, 2013

ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!

එදා මෙන් නොව අද සමාජය අතිශය විවිධාකාරය. සංකීර්ණය. එදවස පිනට දහමට ලැදිව කටයුතු කල මිනිසුන් අද  සමාජයේ  අපට නිතර හමු නොවේ. එහෙත් ඉඳහිට දවසක මිනිසත්කම ඉහවහා ගිය මිනිසුන් අපට  හමුවේ. ඇතැමුන් ජිවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජිවිත බේරා ගන්නට තම ජීවිතය වුවද පුද දෙන්නට සුදානම් මිනිසුන් හමුවන්නේ  ඉතාම කලාතුරකිනි. එවන් විරල මිනිසුන් සමුහයකගේ එකතුවකින් සිදු කළාවූ උතුම් පුණ්‍ය කර්මයක්  වෙනුවෙන් මේ සටහන තබන්නට ලැබීමද මා ලැබූ භාග්‍යකි....

ජුනි  මාසයේ දිනෙක කරදර  බාධක දුක් කම්කටොලු මැද  ජීවිතය ගෙවී යද්දී  FacebooK  හි අපගේ NIBM කුරුණෑගල පිටුව තුල එක්තරා   විරල ගනයේ පින්කමක දැන්වීම දක්නට  ලැබුණි. NIBM කුරුණෑගල ආයතනයේ පළමු  කණ්ඩායමේ සිසුන් වුවද මේ වන විට අප අඳුනන සාමාජිකයින් සීමිත බැවින් ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසු විනි. ෂෆ්රාස් සර් විසින් පලකලවූ ලේ දන්දීමේ පිංකම පිළිඹඳ දැන්වීම දුටුවද ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසුව තිබුනද  දිනෙක හදිසියෙන්ම රවී සර් සමග කතාබහක  නිරත වී සිටියදී මේ පිලිඹඳ  පැහැදිලි විස්තරයක් දැනගන්නට ලැබිණි.

ලේ දන්දීමේ පිංකම වෙනුවෙන් සැකසුනු දැන්වීම් 

Thursday, February 21, 2013

ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..


කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන් බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..

අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?

මේ Facebook එකේ කෝටි ගණනක් සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි.. මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..

ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම සුළු මුදලක් පවා අපට වැදගත්..

ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන ගත හැකියි.. එමෙන්ම පහත සඳහන් Facebook ගිණුම් ඔස්සේ ඔවුනට INBOX කිරීමෙන්ද ඔබට තව අවශ්‍ය විස්තර ඇත්නම් ලබාගත හැකියි..