ඒ අපගේ NIBM ජිවිතයේ ගෙවී යන දෙවන වන වසරයි. 2010 ජුනි මාසයේ දිනෙක දෙවන වසරේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර කාලයේ අපගේ සහෝදර රජිත විසින් එයට සිය මිතුරන් සමග නිරතවූ විවිධාකාරී සංචාරයන් පිළිඹඳව නොයෙක් විට දැක්වූ අදහස් අපටද එවැනි චාරිකාවක් යාමට දැඩි උනන්දුවක් ඇති කරන්නක් වුණා. සිය චාරිකාවන්හි අත්දැකීම් සහිත ඡායරූප Facebook හරහාද අප වෙත එවීම තුලින් අවසානයේ තීරණය වුයේ අප දෙවන වසරේ සිසු පිරිසක් හැකි ඉක්මනින් චාරිකාවක නිරත විමටයි. දිනෙක දේශනයක් අවසානයේ
රජිත " අයියා, අපි ට්‍රිප් එකක් යමුද එන Week එකේ ?
සැලළිහිණියා " අහ් ඒක කියන්න තමයි මල්ලි මමත් මේ බලන් හිටියේ, දවසක් සංජීවත්, සමිතුත් කතා උනේ ඔය ගැන තමයි."
රජිත " එළකිරි අයියා, එහෙනම් මම වැඩේ ලේස්ති කරන්නම්, මේ සැරේ අපි රිවෙර්ස්ටන් යමුද?

රිවෙර්ස්ටන් ගැන මිට කළින් අසා තිබුනද සැලළිහිණියා කිසි විටෙක් එම ප්‍රදේශයේ සංචාරය කර නොතිබුණි. එබැවින්
සැලළිහිණියා " නියමයි. මම රිවෙර්ස්ටන් ගිහිල්ල නැහැ. එහෙනම් මම OK "
රජිත" එතකොට සංජීව, සමිත් ? "
සැලළිහිණියා " මම කියන්නම් එයාලට , කොහොමත් එයාල දෙන්න ok "
රජිත" එළකිරි අයියා, එහෙනම් නවරත්නල දෙන්නයි, තරින්දු මල්ලියි , අතුලයි එන්නම් කිවා. තව චරිත් , රසිත, දිනේෂ් එක්ක එන්නම් කිව්වා"
සැලළිහිණියා " හරි එහෙනම් "
ඒ වන විට Lab එකේ සිට සංජිව සහ සමිත් අප සිටි දෙසට පැමිණෙමින් සිටි අතර,
රජිත" ආ මේ එන්නේ දෙන්නම , මොකද දෙන්නා කියන්නේ එන Week එකේ රිවෙර්ස්ටන් යමුද? "
සංජිව " අනිවා මම එනවා."
සමිත් " හරි මමත් එනවා."
රජිත " හරි සැලා අයියගෙන් අහගන්නකෝ විස්තර, මම යනවා එහෙනම්, වැඩේ OK "
සතියක පමණ කාලයක් අපගේ චාරිකාව සඳහා ඉතිරිව තිබුණු අතර මුලින් බස් රථයක මාතලේ කර ගමන් කර අනතුරුව මාතලෙන් වෑන් රථයක් ගෙන රිවෙර්ස්ටන් යාමට තීරණය වුවත්, කුරුණෑගල සහ මාතලේ අතර බස් රථයක ගමන් කිරීම පැය 2 1/2 පමණ නිකරුනේ කාලය කාදැමීමක් බැවින් කුරුණෑගල සිටම වෑන් රථයක් ගෙන රිවෙර්ස්ටන් යාමට තීරණය විය රසිත , දිනේෂ් ඒ සඳහා මුලික කටයුතු සුදානම් කර අඟහරුවාදා දිනයේ පෙව 6.00 වන විට කුරුණෑගල නගරයට පැමිණන ලෙස කතිකා කර ගතිමු.
සැලළිහිණියා සුපුරුදු පරිදි දඬු මොනරයේ කුරුණෑගල දක්වා ගමන් කර පාසල් මිතුරෙකුගේ නිවසේ දඬු මොනරය තබා නියමිත වෙලාවට අදාල ස්ථානය කරා පැමිණියේය. එනවා කියූ කිසිවෙකුත් නැත. වහාම රසිතට දුර ඇමතුමක් ලබාදුනිමි.
සැලළිහිණියා " රසිත කෝ කට්ටිය, කීයටද යන්නේ "
රසිත " හරි හරි මම එනවා 6.30 වෙනකොට වෑන් එක පොඩ්ඩක් පරක්කුයි. නවරත්නල ඇවිල්ල නැද්ද? "
සැලළිහිණියා " කව්රුවත් නැතෝ "
රසිත " හරි ඔතනම ඉන්න "
සැලළිහිණියා " රසිත කෝ කට්ටිය, කීයටද යන්නේ "
රසිත " හරි හරි මම එනවා 6.30 වෙනකොට වෑන් එක පොඩ්ඩක් පරක්කුයි. නවරත්නල ඇවිල්ල නැද්ද? "
සැලළිහිණියා " කව්රුවත් නැතෝ "
රසිත " හරි ඔතනම ඉන්න "
උදේ පාන්දරම කට්ටක් සෙට් වෙන්න යන්නේය. කුරුණෑගල නගර මධ්‍යයේ ඉදගන්නට හෝ තැනක් නැතිව පාර දෙස බලමින් විනාඩි 20 ක් පමණ ගෙවා දමන්නට සිදුවිය. මොහොතකින් නවරත්නලා දෙන්නගෙන් එකෙකු සිය පියතුමා සමග එතනට ලගාවුයේය .
නවරත්න " කෝ කට්ටිය? "
සැලළිහිණියා " 6.30 වෙද්දී වෑන් එක එනවා කිව්වේ."
නවරත්න " MP නවරත්න call කලා. ඌ තවම අඹන්පොල. "
සැලළිහිණියා " හප්පා අද එහෙනම් 8.00 වත් වෙයි යන්න. සමිත්, සංජිව 8.00 වෙනකොට මාතලේට එනවා කිව්වා දැන් ඉතින් දීපන්කො උත්තර. "
කටු පිට කටු සෙට් වෙන්න යන්නේය.ඒ මදිවට මහනුවර සිට එන පිරිසට 8.00 වනවිට මාතලේ නගරයට පැමිණෙන්නට කියා තිබුණි.
නවරත්නගේ පියාණන්ගේ අවවාද කලේ "යන තැනක පරිස්සමන් , කඳු පල්ලම් වල යන්නේ බලාගෙන. අපහු එනකොට call කරන්න. මම යනවා."
6.30 ද පසුවිය එනවා කියූ කිසිවෙකුද නැත. ඒ අතර රජිතගෙන් දුර ඇමතුමකි.
රජිත " අයියා කට්ටිය ඔක්කොම ආවද? දැන් කොයි හරියේද ඉන්නේ? "
රජිත " අයියා කට්ටිය ඔක්කොම ආවද? දැන් කොයි හරියේද ඉන්නේ? "
දැන් ඉතින් දීපන්කො මේවට උත්තර මග එනවා කියන්නද බැරිය. හොද වෙලාවට Google Latitude පහසුකම් සක්‍රියව නොතිබිය. එසේ වූවා නම් චාටර් කෝටියකි.
සැලළිහිණියා " මෙහෙන් පොඩ්ඩක් පරක්කු වෙනවා මල්ලි වෑන් එක පොඩ්ඩක් පරක්කුයි. මම මෙහෙන් එද්දී කියන්නම් "
රජිත " හරි අයිය. පරක්කු වෙන්න එපා. අර සෙට් එක 8.00 වෙනකොට මාතලේ එනවා කිව්වා."
සැලළිහිණියා " මෙහෙන් පොඩ්ඩක් පරක්කු වෙනවා මල්ලි වෑන් එක පොඩ්ඩක් පරක්කුයි. මම මෙහෙන් එද්දී කියන්නම් "
රජිත " හරි අයිය. පරක්කු වෙන්න එපා. අර සෙට් එක 8.00 වෙනකොට මාතලේ එනවා කිව්වා."
සිහින් දහඩිය දමන්නට විය. එකෙකුගෙන් යන්තම බේරුනි. අනික් සෙට් එක මාතලේට පැමිණි පසු දෙන්නට උත්තරද නැත.
6.45 වනවිට රසිත වෑන් රථය සමග පැමිණියේය. චරිත්ද පැමිණියේය. එනමුත් තවම දිනේෂ් සහ MP නැත. MP වාරියපොළ සිටින බව දැන්විය. උදේ පාන්දරම කටුගොඩක් සෙට් වූ අතරම පැයක් පමණ ප්‍රමාදයෙන් පසුව 7.30 වන ගමන ආරම්භ කලේ ඉබ්බාගමුව දක්වා ගමන් කර ධම්මික එකතු කරගනිමිනි . ඉබ්බාගමුවෙන් ආරම්භ වන කුරුණෑගල, මාතලේ 558 දරන බස්රථ මාර්ගය ඉතා දුෂ්කර ගණයේලා සැලකිය හැකි මාර්ගයකි, දොඩම්ගස්ලන්ද, යටවත්ත හරහා මහනුවර යාපනය A 9 මාර්ගයේ පලාපත්වල නගරය කර කඳු හෙල් ඔස්සේ දුෂ්කර ගමනකි.

කුරුණෑගලින් ගමන් ආරම්භයේ සිට අපගේ රියදුරු මහතා රථය ධාවනය කලේ අධික වේගයකිනි. පිටිපසම ආසනයේ සිටියද මු යන වේගයට මමද කකුල් බිමට තදකරමින් Break ගසනවා හැඟීමෙන් සිටියෙමි. නොකිව්වට අනික් උන්ද එසේමය. වාහන දෙකක් මාරුවීමට තරම් ඉඩක් නොමැති මාතලේ මාර්ගයේද වෙනසක් නැත. දෑස පියාගෙන ඉතිපිසෝ ගාථාව මිමිණු අවස්ථා බොහෝය. කලාවූ පින් සියල්ලද සිහියට නගා ගත්තේ මාතලී රථය ධාවනය කරන ආකාරයට යම් අනතුරක් සිදු වූවානම් අපේ කැලිවත් සොයාගන්නට නොහැකි වන නිසාය. 100 Kmph ඉක්මවූ වේගයකින් වළවල් ගහනවූ මාර්ගයේ ධාවනය විය. එක්වරම ජංගමය නද වුයෙන් එය අතට ගත්තෙමි.

හුටා . missed calls 10 කි. ජංගමයේ vibrate On කල තිබුනද මාතලියගේ බයංකාර ධාවනය ජංගමයේ vibrate වීම පවා නොදැනෙන්නට හේතු විය. වහාම මම රජිත අමතා දැන් යටවත්ත ප්‍රදේශයට පැමිණෙමින් සිටින බව වාර්තා කලෙමි. සැබවින්ම අප ඒ වනවිට ඉන්නේ කොතනද යන්නවත් යන්න සිහියක් නොවිය. විටින් විට MP යා.
"අඩේ අරුට හිමින් යන්න කියපන්කො බන්. මෙහෙම ගියොත් පර ලෝකෙට තම යන්න වෙන්නේ, "

කව්රුන් කුමක් කීවද වේගය නම් අඩු නොවිණි. නැවතත් දුරකථනය නාදවිය ඇමතුම සංජිවගෙනි.
සංජිව" කොහෙද බන් ඉන්නේ? කීපාරක් call කළාද ? "
සැලළිහිණියා " දැන් යටවත්තේ ඉන්නේ. තව මිනිත්තු 30න් එනවා. පොඩ්ඩක් හිටු."
සංජිව" 7.45 ඉඳන් අපි මෙතන බන්. ඉක්මනට වරෙල්ලා "
බැනුම් නොඅසා යන්තමින් එය හමාර කර ගතිමි. යටවත්තේ කිව්වට අඩුම තරමේ ජංගමයට සිග්නල් වත් යටවත්තෙන් එන්නේ නැත. එයද වෙන කොහෙන්දෝ නොදන්නා ඉසව්වකිනි . බිහිසුණු ගමනක් අවසානයේ පෙව 8.45 පමණ වනවිට මාතලේට ලඟා විමු. මාතලී තුමන්ගේ අධිවේගී ධාවනය නිසාවෙන් තවමත් හදගැස්ම උපරිම තත්වයේමය. පැමිණි මාර්ගයට වැඩ මාතලේ රත්තොට හරහා රිවෙර්ස්ටන් මාර්ගය දුෂ්කර සහ පටු මාර්ගයක් බව රජිත පවසා තිබුණි.
"අපොයි මේ යකා ඒ පාරෙත් මෙහෙම යයිද දන්නෑ. බස් එකක් නැද්ද බන් මම ඒකේ එන්නම් " ඒ හඬ MP ගෙනි.
නවයාට පමණක් නොව සැලළිහිණියාටද සිත කිවේ එවැන්නකි.
මාතලේ නගරයේ ඔරලෝසු කනුව අසලින් රජිත, තරිඳු , සංජිව, සහ සමිත් එක්වූ අතර, හදිසි වැඩ කටයුත්තක් නිසා අතුලට එන්නට නොහැකිවී තිබුණි. මාතලේ නගරයේ සිට රත්තොට දක්වා මාර්ගයට අවතීර්ණ වූ අප යම් මාර්ග තදබදයකට අසුවුයේ රත්තොට දක්වා මාර්ගය සංවර්ධනය කරමින් පවතින නිසාය. කුරුණෑගල - මාතලේ මාර්ගයට සාපේක්ෂව හොද තත්වයේ පවතී මාර්ගයක් වුවද එහිදී අප මාතලිය අපව පුදුම කරවමින් මන්දගාමී ගමනක නිරත විය. සියලු දෙනාම එක්ව දිගු කතා බහකි. පැය 1 1/2 ක් පමණ ප්‍රමාද වුවද ඒ තරම් කතන්දර අසන්නට නොවීමද වාසනාවකි. රත්තොට නගරය පසු කර පල්ලේගම මාර්ගය ඔස්සේ රිවෙර්ස්ටන් බල ගමන් කරමින් සිටියෙමු.
කෙමෙන් කෙමෙන් මාර්ගය පටු වන්නේය. සුන්දර දසුන්ද , U හැඩයේ දැඩි වංගු වලින් අඩුවක් නැත. ඉඳගෙන සිටියද දෙපසට පද්දමින් වංගු සහිත මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. කොතරම් සුන්දර දසුන් ප අවට මැවුනද ඒ වා පැහැදිලිව ඡායරූප ගත කරගන්නට තරම් මගේ ජංගමය පොහොසත් නැත. Sony Ericsson K 700 ජංගමයේ අඩු විභේදන කැමරාව මගින් හැකි ආකාරයට ඡායරූප එකතු කර ගතිමි,
ආතල් එක කියල නිමක් නැත. ඉහලදී සුළු හෝ අත්වැරැද්දක් වූවානම් නකල්ස් කඳුකරයේ පාවී යන්නේය. තෙරක් නොපෙනෙන ප්‍රපාතයන්හි මෙය ලියන අවස්ථාව දක්වා වැටෙන්නේය. මිහිඳුම සමග ගලා ආ තද සීතලද තවමත් මතකය ශීතකරණයේ අධිශීත කොටස දෙවැනි තැනහිලා සලකන්නට වුවද බැරි කමක් නැත.
මෙතෙක් වෙලා හිස පලද සිටි තොප්පියද සුළඟට ගසාගන ගොසින්ය. අව් කන්නාඩියේ ජලවාෂ්ප බැඳී අපහදිලිව ඇත. අප නැවතත් ඉදිරියට ගමන් කලේ රිවෙර්ස්ටන් කඳු මුදුනෙහි පිහිට ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් කුලුන අසලට යාමටය. ගමන් කරන්නට හැකිවුයේ පියවර කීපයක් පමණි.නැවතත් සුපුරුදු මිහිදුම සමග දැඩි සුළඟ ගලා ආවේ අඩියක් ඉදිරියට තබා යන්නට නොහැකි තරම් වේගයකිනි. කොතරම් උත්සාහ කලද ඉදිරියට යන්නෙම නැත. අප සියලු දෙනාවම පිටිපස වූ ගල් කුල ආසන්නයට පැමිණ එයට පිටුප හේත්තු වූයෙමු.. විනාඩි කීපයක කාලයක් ආරක්ෂාව උදෙසා ගල්කුලට මුවා වමින් සිටි අප සමනය වූ බවක් හැඟෙන තුරු බලා සිටියේ නැවතත ඉදිරියට ගිය විට ආරක්ෂාව සපයා ගන්නට අවස්ථාවක් නොලබන බැවිනි.
එය පුදුම සතුටක්ය. මහා සුළඟට අසුවී පාවී ගිය සැලළිහිනියා හිස පළඳි සිටි හිස් වැසුමය. ගල්කුල මුදුනේදී මහා සුළඟට අසුව ගසාගෙන ගිය එය කන්දෙන් පහලට නොවැටී කඳු බවුමෙහි අත්තක් මත රැඳී තිබුණි . එයද එම කඳු බැවුමේ පිහිටි යන්තම් දුරකට හෝ සවිමත්ව පවතී එකම ශාකයද විය.
අවදානම් සුලන් කපොල්ල පසු කල අප ඉදිරියට ගමන් කලේ රිවෙර්ස්ටන් කඳු මුදුනත බලාය. එන්න එන්නම මිහිඳුම් තදින් ගලා එන්නේය. අවට කිසිවක් පැහැදිලි නැත. කන්ද මුදුනේ දුරකථන කුලුන වරෙක පෙනෙන්නේය. වරක නොපෙනී යන්නේය. සීතලද ඉවසිය නොහැක. කඳු මුදුනට ආවා කියා වටපිටාව දකින්නටද නැත.
හැකි අයුරින් ඡායරූප කීපයක් ජංගම යේ සටහන් කරගත් අප නැවත පහලට ගමන් කරන්න ආරම්භ කළෙමු.නැවතත් බිහිසුණු සුළං කපොල්ල පසුකර යායුතුය. ක්‍රමයෙන් සුලන් කපොල්ල වෙත ළඟාවීමු. සුළං තත්වය පෙරට වැඩ දැඩිය. අඩියක් ඉදිරියට තැබුවද අඩි කීපයක් පසු පසට ගසාගෙන යන්නේය. මේ ආකාරයේ ඉතා අසීරුවෙන් පියවර කීපයක් ඉදිරියට ගිය පමණි. දැවැන්ත සුළඟක් හමා ආවේ අඩි කීපයක් හෝ ඉදිරිය නොපෙනෙන මහා මිහිඳුම් කඳක් සමගිනි. සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව අප සිටි තැනම රැඳෙන්නට අසීරු උත්සාහයක නිරත වීමු.
ඉදිරියට යම්දෝ නොමැතිනම් පසු පසට නැවතත් යම්දෝ හෝ එසේත් නොමැතිනම් ආරක්ෂාවට අල්වා ගන්නට තුත්තිරි පඳුරක් හෝ නොමැති සුළං කපොල්ලේ තවත් රැඳී සිටින්නද,
සංජිව" කොහෙද බන් ඉන්නේ? කීපාරක් call කළාද ? "
සැලළිහිණියා " දැන් යටවත්තේ ඉන්නේ. තව මිනිත්තු 30න් එනවා. පොඩ්ඩක් හිටු."
සංජිව" 7.45 ඉඳන් අපි මෙතන බන්. ඉක්මනට වරෙල්ලා "
බැනුම් නොඅසා යන්තමින් එය හමාර කර ගතිමි. යටවත්තේ කිව්වට අඩුම තරමේ ජංගමයට සිග්නල් වත් යටවත්තෙන් එන්නේ නැත. එයද වෙන කොහෙන්දෝ නොදන්නා ඉසව්වකිනි . බිහිසුණු ගමනක් අවසානයේ පෙව 8.45 පමණ වනවිට මාතලේට ලඟා විමු. මාතලී තුමන්ගේ අධිවේගී ධාවනය නිසාවෙන් තවමත් හදගැස්ම උපරිම තත්වයේමය. පැමිණි මාර්ගයට වැඩ මාතලේ රත්තොට හරහා රිවෙර්ස්ටන් මාර්ගය දුෂ්කර සහ පටු මාර්ගයක් බව රජිත පවසා තිබුණි.
"අපොයි මේ යකා ඒ පාරෙත් මෙහෙම යයිද දන්නෑ. බස් එකක් නැද්ද බන් මම ඒකේ එන්නම් " ඒ හඬ MP ගෙනි.
නවයාට පමණක් නොව සැලළිහිණියාටද සිත කිවේ එවැන්නකි.
මාතලේ නගරයේ ඔරලෝසු කනුව අසලින් රජිත, තරිඳු , සංජිව, සහ සමිත් එක්වූ අතර, හදිසි වැඩ කටයුත්තක් නිසා අතුලට එන්නට නොහැකිවී තිබුණි. මාතලේ නගරයේ සිට රත්තොට දක්වා මාර්ගයට අවතීර්ණ වූ අප යම් මාර්ග තදබදයකට අසුවුයේ රත්තොට දක්වා මාර්ගය සංවර්ධනය කරමින් පවතින නිසාය. කුරුණෑගල - මාතලේ මාර්ගයට සාපේක්ෂව හොද තත්වයේ පවතී මාර්ගයක් වුවද එහිදී අප මාතලිය අපව පුදුම කරවමින් මන්දගාමී ගමනක නිරත විය. සියලු දෙනාම එක්ව දිගු කතා බහකි. පැය 1 1/2 ක් පමණ ප්‍රමාද වුවද ඒ තරම් කතන්දර අසන්නට නොවීමද වාසනාවකි. රත්තොට නගරය පසු කර පල්ලේගම මාර්ගය ඔස්සේ රිවෙර්ස්ටන් බල ගමන් කරමින් සිටියෙමු.
කෙමෙන් කෙමෙන් මාර්ගය පටු වන්නේය. සුන්දර දසුන්ද , U හැඩයේ දැඩි වංගු වලින් අඩුවක් නැත. ඉඳගෙන සිටියද දෙපසට පද්දමින් වංගු සහිත මාර්ගයේ ගමන් කරමින් සිටියෙමු. කොතරම් සුන්දර දසුන් ප අවට මැවුනද ඒ වා පැහැදිලිව ඡායරූප ගත කරගන්නට තරම් මගේ ජංගමය පොහොසත් නැත. Sony Ericsson K 700 ජංගමයේ අඩු විභේදන කැමරාව මගින් හැකි ආකාරයට ඡායරූප එකතු කර ගතිමි,
විටින් විට ඈතින් නකල්ස් කඳුවැටි ප්‍රදේශය දර්ශනය වූ අතර අධිකව පැතිරුණු මිහිඳුම පැහැදිලි දර්ශනයන්ට බාධා කලේ වරක් දෙවරක් හෝ නොවේ. මාතලේ සිට කිලොමිටර 28ක් දුර අප ගමන් කර තිබුණි. අප අපගේ සංචාරක ඉස්ව්ව කරා ළගාවී සිටියෙමු. මෙතැන් සිට රිවෙර්ස්ටන් කඳු මුදුන වෙත ය යුත්තේ පා ගමනිනි. තර යෙදු මාර්ගයක් පැවතියද ආරම්භක ස්ථානයෙන්ම එය හරස්කර මාර්ග බාධක යොදා තිබුනේ එම ප්‍රදේශය අධි ආරක්‍ෂිත කලාපයක් බවට පත්කර තිබු නිසාවෙනි.
පැය 3ක පමණ ගමනකින් අනතුරුව වෑන් රථයෙන් ඉවතට බැසගත් අප නිදහසේ ඔබ මොබ ගමන් කලේ පවතී අධික ශීතල සුළඟ සහ මිහිදුම මතිනි. කන්ද ඉහලට යාමට පළමුව උදැසන ආහාරයෙන් සප්පායම් වන්නට වුයේ දැඩි කුසගින්නක් අපව පෙළමින් තිබුණු නිසාවෙනි.
![]() |
අපේ පිරිස |
මෙතැන් සිට කිලෝමීටර් තුනක පමණ දුරක් පාගමනින් තරණය කල යුතු වන්නේය. සීග්‍ර නැග්මක යෙදෙන තාර යෙදු මාර්ගයක් පැවතියද සමහර ස්ථාන වලින් මාර්ගයේ අතුරු කෙටි මං සාදා තිබීම නිසා අපගේ ගමනේ යම් දුර ප්‍රමාණයක් අඩු වුවද, සමහර ස්ථාන වලදී කෙටි මගෙහි ගමන් කිරීම තරමක් අනතුරුදායකද විය. වට පිටවේ සුන්දරත්වය වචනයකින් කියා නිම කල නොහැකිය.ඒ තරම් සුන්දර දසුන් අප අවට විද්‍යාමාන වුයේය. විටින් විට ගලා ආ මද සුළඟ අපගේ හිරිගඩු පිපෙන්නට තරම් විය. වරෙක මුළු ප්‍රදේශයම මිහිදුමෙන් වැසි යන්නේය. තවත් විටෙක මිහිදුම් සළුව උනා දමා පැහැදිලි වට පිටාවක් නිර්මාණය වන්නේය .
![]() |
අතුරු මාර්ග තරණය |
ඒ ආකාරයෙන් කිලෝමීටර දෙකකට ආසන්න දුරක් පැමිණි විට එක්තරා සුන්දර ස්ථානයක වූ මහා ගල් කුලක් ආසන්නයේ අප නතර වුයේ එහිවූ අපුර්ව සුන්දරත්වය නිසාමය.
එම ස්ථානය අපුර්ව පිහිටුමකය. ඉහලට නැගුණු කළු ගල් සමුහයකි. අප සාමාජිකයින් එකිනෙකා එය තරණය ආරම්භ කලේ එහිවූ අපුර්රත්වය නිසාමය. ගලින් ගලට පැන යමින් එකිනෙකා ඡායරූපකරණයේ නිරත වූ අතර ක්‍රමයෙන් ගල්කුල මුදුනත වෙත ලඟා වෙමින් සිටියෙමු.
![]() |
සුළං හමා එන්නට පළමුව ගල් කුළ මුදුනත |
![]() |
ගල්කුල මුදුනතදී සුළඟට අසුවී |
මෙතෙක් වේලා නිහඬව සිටි පරිසරය එක්වරම අවදි වුයේ දැවැන්ත සුළඟක් සමගිනි. සුළඟ කොතරම් දරුණුද කියතොත් සිටගෙන සිටි අපට දැනුනේ පා වී යන්නා යන හැඟීමක්ය. අල්ල ගන්නට කිසිදු ආධාරකයක් හෝ නැත. යන්තම් එහලට නැගී ගල්කුලකට මුවා වුයේ තරමක හෝ ආරක්ෂාවක් සපයා ගන්නටය. අනෙක් උන්ද හැකි පමණ බිම දිගා වී හෝ දැවැන්ත සුළං කඳෙන් ආරක්ෂා වන්නට උත්සහ ගනිමින් සිටින බවක් පෙනෙන්නට විය. එක්වරම ම හිස පැලදී තොප්පියද එහල පාවී යනවා දුටිමි. එම තොප්පිය මත "සතුට" බිල්ඩර්ස් යන වෙළඳ නාමය සහිත වූ අතර තොප්පිය ගැලවී යනු දුටු කවරෙකු හෝ කෑගසුවේ " අන්න සතුට පාවෙලා යනවෝ " "සතුට යනවෝ " කියමිනි.
විනාඩි කිහිපයකින් තත්වය සමනය වූ ආකාරයක් පෙනෙන්නට විය. සියලු දෙනාම පරික්ෂාකාරී වුයේ සගයන් සියලු දෙනාම කරදරයකින් තොරව සිටීද යන්නය. වාසනාවකට කිසිවකුට හෝ අනතුරක් නොවී තිබුණි. එහලට තරණය කලට වැඩ අපහසුවෙන් වූවද හැකි ඉක්මනින් එතනින් පහලට බැස ආවේ නැවතත් එවැනි සුළඟක් හැම එන්නට පෙරය. සියලු දෙනාම නැවතත මාර්ගය වෙත අවතීර්ණ වුවාට පසු රජිත පවසා සිටියේ
" මෙතන තමයි සුලං කපොල්ල. දැක්කනේ කොමද ආතල් එක "
මෙතෙක් වෙලා හිස පලද සිටි තොප්පියද සුළඟට ගසාගන ගොසින්ය. අව් කන්නාඩියේ ජලවාෂ්ප බැඳී අපහදිලිව ඇත. අප නැවතත් ඉදිරියට ගමන් කලේ රිවෙර්ස්ටන් කඳු මුදුනෙහි පිහිට ඇති ශ්‍රී ලංකා ටෙලිකොම් කුලුන අසලට යාමටය. ගමන් කරන්නට හැකිවුයේ පියවර කීපයක් පමණි.නැවතත් සුපුරුදු මිහිදුම සමග දැඩි සුළඟ ගලා ආවේ අඩියක් ඉදිරියට තබා යන්නට නොහැකි තරම් වේගයකිනි. කොතරම් උත්සාහ කලද ඉදිරියට යන්නෙම නැත. අප සියලු දෙනාවම පිටිපස වූ ගල් කුල ආසන්නයට පැමිණ එයට පිටුප හේත්තු වූයෙමු.. විනාඩි කීපයක කාලයක් ආරක්ෂාව උදෙසා ගල්කුලට මුවා වමින් සිටි අප සමනය වූ බවක් හැඟෙන තුරු බලා සිටියේ නැවතත ඉදිරියට ගිය විට ආරක්ෂාව සපයා ගන්නට අවස්ථාවක් නොලබන බැවිනි.
පරිසරය නැවතත් පැහැදිලි වන්නට විය. අප නැවත ගමන ආරම්භ කරන්නට වීමු. මද දුරක් ගිය විට කව්රුන් හෝ කෑ ගසා කිවේ අන්න "සතුට කන්ද පල්ලමේ" කියලය.
කව්රුත් එකිනෙකාගේ මුහුණු බැලුවේ මොකක්ද මේ හරුපේ කියාය. සතුටක් කොහෙද බන් කන්ද පල්ලමේ. අ අතර කව්දෝ කියනවා ඇසුනි. සතුට කුමක්දැයි තේරුනේ රජිත කන්ද පහලට යන්නට පටන් ගැනීමත් සමගය. සතුට පහලවූ අත්තක පැටලී තිබුණි. සැවොම පවසා සිටියේ සතුට ඕන නෑ යේ සුළඟ ආවොත් ඕක පහලට යයි. කුමක් වුවද පියවර කීපයක් පහලට ගොස් සිටි රජිත නැවත ඉහලට එන්නට අදිමදි කලේ ආසන්නයේම සතුට රැඳී තිබුන බැවිනි. අවදානම් ගමනක තවත් පියවර කීපයක් පහලට ගිය රජිත සතුට රැගෙන ආවේය.
අවදානම් සුලන් කපොල්ල පසු කල අප ඉදිරියට ගමන් කලේ රිවෙර්ස්ටන් කඳු මුදුනත බලාය. එන්න එන්නම මිහිඳුම් තදින් ගලා එන්නේය. අවට කිසිවක් පැහැදිලි නැත. කන්ද මුදුනේ දුරකථන කුලුන වරෙක පෙනෙන්නේය. වරක නොපෙනී යන්නේය. සීතලද ඉවසිය නොහැක. කඳු මුදුනට ආවා කියා වටපිටාව දකින්නටද නැත.
![]() |
රිවෙර්ස්ටන් කඳු මුදුනත වූ දුරකථන සංඥා කුලුන |
හැකි අයුරින් ඡායරූප කීපයක් ජංගම යේ සටහන් කරගත් අප නැවත පහලට ගමන් කරන්න ආරම්භ කළෙමු.නැවතත් බිහිසුණු සුළං කපොල්ල පසුකර යායුතුය. ක්‍රමයෙන් සුලන් කපොල්ල වෙත ළඟාවීමු. සුළං තත්වය පෙරට වැඩ දැඩිය. අඩියක් ඉදිරියට තැබුවද අඩි කීපයක් පසු පසට ගසාගෙන යන්නේය. මේ ආකාරයේ ඉතා අසීරුවෙන් පියවර කීපයක් ඉදිරියට ගිය පමණි. දැවැන්ත සුළඟක් හමා ආවේ අඩි කීපයක් හෝ ඉදිරිය නොපෙනෙන මහා මිහිඳුම් කඳක් සමගිනි. සිදුවන්නේ කුමක්දැයි අදහාගත නොහැකිව අප සිටි තැනම රැඳෙන්නට අසීරු උත්සාහයක නිරත වීමු.
ඉදිරියට යම්දෝ නොමැතිනම් පසු පසට නැවතත් යම්දෝ හෝ එසේත් නොමැතිනම් ආරක්ෂාවට අල්වා ගන්නට තුත්තිරි පඳුරක් හෝ නොමැති සුළං කපොල්ලේ තවත් රැඳී සිටින්නද,
සිදුවුයේ කුමක්ද යන්න,
නියමයි... අයියා... මේක කියවන කොට.. මම දැනුත් එතන ඉන්නවා වගේ.. දැනෙන්නේ.. "නයිස් වර්ක් අයියා.."---- රජිත...
ReplyDeleteස්තුතියි රජිත, මේ අපි කට්ටිය ගිය පලවෙනි ට්‍රිප් එක. අයෙමත් යන්න ආසයි. අයෙමත් Lost of Lost අළුත් Chapter එකක් පටන් ගමු.
DeleteYaa, really, lets go some where again with our all friends ...
ReplyDeletethnx samith,
Deletenever forget dat amazing tour.. one of the happiest day of our life (y)
This comment has been removed by the author.
ReplyDeleteආයෙමත් ඒ කාලෙට ගියා වගේ..අනිත් chapter එක දානකම් බලන් ඉන්නවෝ..
ReplyDeleteස්තුතියි සංජිව. පුලුවන් ඉක්මනින් ඊලග කොටසත් දාන්නම්.
Delete//යන වේගයට මමද කකුල් බිමට තදකරමින් Break ගසනවා හැඟීමෙන් සිටියෙමි. // මටත් මේ පුරුද්ද තියෙනවා ...:D
ReplyDeleteඒක හිතලම කරන දෙයක් නෙමෙයි. ඒත් වාහනේ වේගයෙන් යනවානම් අනිවා ඔය සිද්දිය වෙනවා. :D
Deleteස්තුතියි ලබාදුන් අදහසට.....
කෙල්ලො කවුරුවත් ගියේ නැද්ද බං ?
ReplyDeleteකෙල්ලොත් අපි එක්ක යන්න හිටියේ. අන්තිම දවස වෙද්දී බර බරේ දැම්මානේ.....
Deleteමේකට පස්සේ ගිය හෝර්ටන් තැන්නේ ගමනට නම් කෙල්ලෝ ආවා.....
Supiri kolla. Good luck
ReplyDeleteස්තුතියි යාලුවා....
Delete