ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසත් පසේ බුදුබව ලැබීම පිණිසත් අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා මහා ශ්‍රාවක මහරහත් තනතුරු ලැබීම පිණිසද සසරදම් පිරිම අත්‍යවශ්‍ය වන්නකි.
මහා ශ්‍රාවකයෝ යනු කවරහුද? කල්ප ලක්ෂයක් පිරු පෙරුම් ඇති බුදු රජාණන් වහන්සේ වදාරන ලද තනතුරු ඇති පන්සීය පන්සීය භික්ෂු පරිවාර ඇති අශීති මහා ශ්‍රවකයෝය. ( ධර්ම ප්‍රදීපිකාව)
බුදු රදුන් පිරිවරා සිටින නිකලේශි මහරහතන් වහන්සේලා අසූ නමක් මහා ශ්‍රාවක ගණයෙහිලා සැලකුණු බවක් මෙයින් සනාථ වේ. බොහෝ විට තමන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරන බෝධිසත්ව අවධියේ පවා අසූ මහා ශ්‍රාවක කෙනෙක් වුහ . පෙර බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා පාරමී ධර්මයන් පුරලා ලද්දාහුය.
බෞද්ධ සාහිත්‍ය තුල මෙම අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිඹඳ චරිත කතා අතිශය විචිත්‍රය. භවයෙන් භවයට මුහුකුරා ගිය කුසල බල මහිමය පෙන්නුම් කරන බුද්ධ චරිතය හැරුණු කොට ශ්‍රේෂ්ථතම ආදර්ශ චරිතාපදානයන් වශයෙන් සැලකෙන්නේ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාය..

එවන් අසිරිමත් ගුණ සමුදායකින් යුතු කලකින් දක්නට ලැබෙන අසිරිමත් අසු මහා ශ්‍රාවක වන්දනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 29 දෙදින තුලදී අප වාසය කරන පුස්කොලදෙණිය ගම්මානයේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්‌ථානයේ පැවැත්වුනා.
1984 වර්ෂයේ විහාරස්ථානයක් නොවන ස්ථානයක පිහිටි ප්‍රජා ශාලාවක ඇරඹී සෝමරත්න දහම් පාසලේ වර්තමානයේ ක්‍රමයෙන් ආගමික පරිසරයක වටාපිටාව සැකසෙමින් යන ගමනේ ඉන්දියාවෙන් වැඩමවන ලද 2007 වර්ෂයේ රෝපිත ජයශ්‍රිමා බෝ සමිඳුන් ශාඛාව සහ 2012 වර්ෂයේ රෝපිත ආනන්ද බෝධි ශාඛා බෝධීන් වහන්සේ සමග බෝධීන් වහන්සේලා දෙනම ක්‍රමයෙන් වර්ධනය වන වටාපිටාවක මුලිකවම දහම් පාසල සහ පුජා භුමිය සංවර්ධනය සඳහා කවරහෝ පින්කමක් සිදු කිරීමේ අවශ්‍යතාවය කලක සිටත් තදින්ම දැනී තිබුණි. මුලිකවම මා අපගේ ලොකු ස්වාමින් වහන්සේට යෝජනා කලේ බෝධින්වහන්සේලා රෝපණයෙන් පසුව එම ස්ථානයේ සර්වරාත්‍රික පරිත්‍රාන දේශනයක් පවත්වමු යන්නය. එයද ස්ථිර වූ අතර අලුත් යෝජනාවක් ලෙස පෙරට අවේ ප්‍රධාන මාර්ගයට මුහුණ ලා සමාධි ප්‍රතිමා වහන්සේ නමක් තැන්පත් කිරීමට නව බුද්ධ මන්දිරයක් තැනිමටය ඉතාම කෙටිකාලයකින් එම යෝජනාව ක්‍රියාත්මක වෙමින් ෆුමියේ ඉදිරිපස කොටසක් පිරවීම සඳහා බැම්ම බැඳීමට ජුලි මස අන්තිම සතියේ පළමු පස් පිඩැල්ල කැපීමෙන් ඇරඹි ගමන් මග වේගවත්ව ක්‍රියාත්මක විය. මුලික කටයුතු නිම වූවද ආසනය සහ ඉදිරි වැඩකටයුතු සිදු කරගැනීමට මුල්‍යමය තත්වය සකස්කරගන්නට ප්‍රයෝජනවත් යමක් සිදු කිරීමේ අභියෝගය පැනනැගුණි
ප්‍රධාන මාර්ගයට ආසන්නව ඉදිවන නව බුද්ධ මන්දිරයේ වැඩකටයුතු නිම කරගැනීමට ආධාර පිණිස පවත්වන්නට යෙදුනා. නාරම්මල ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ඉතාම දීප්තිමත් දහම් පාසලක් ලෙස පවත්වාගෙන යන මෙම ස්ථානයේ භුමිය ඉතා දුෂ්කර වුවක්. පහතින් දැවැන්ත මට්ටා වලක් ලෙස පැවති භුමිය මාර්ග සංවර්ධන අධිකාරියේ සහයෝගයෙන් ගොඩ කර ගන්නට ලැබුණු අතර පිරවූ භුමිය මත මෙම පුජාව පැවැත්වීමට ලැබීමද භාග්‍යයක් විය. ගොඩකිරිමේදී දහම් පාසල් ශාලාවක් මුළුමනින්ම ඉවත් කිරීමට සිදුවුයේ පහල භූමියට පස් ගෙනයාමට මාර්ග පහසුකම ලබා ගන්නට තිබු දැඩි දුෂ්කරතාවය නිසාමය එයද නැවත නැවත ඉදි කරගතයුතු වෙනවා.
සාමාන්‍යයෙන් ඕනෑම දෙයක අපි දකින්නේ මතුපිට සුන්දරත්වය පමණයි. අසු මහා ශ්‍රාවක පුජාව පවතින දිනයේ එහි අපුරත්වය පිළිඹඳ කතා කරත් එය ගොඩනැගීමෙහිලා තිරය පිටුපස සිදුවූ සේවය මෙහෙවර බොහෝ දෙනෙක් දකින්නේ නැහැ. අපි දකින සුන්දර කුටි ඉදි කිරීම කොතරම් වෙහෙසකර කටයුත්තක්දැ යි මාගේ දෑසින්ම දැකගන්නට ලැබුනා. සෙනසුරාදා දිනයේ පුජාව පැවැත්වීම උදෙසා එම කුටි සැදීම ආරම්භ වුයේ බදාදා දිනයේ උදේ කාලෙදිමයි. ඒ සඳහා පෙර සකසාගත් සියලු උපාංග ගෙන පැමිණි විල්සන් මාමා සහ උඩවෙල මාමා දැඩි අව්රශ්මිය නොතකමින් ඉතාම පිළිවෙලට එය ගොඩනැගු අකාරය ඉතා ප්‍රශංසනීයයි.
විටෙක අව් රශ්මියෙන්ද විටෙක භුමියේ පැවතුනු අසීරුතා මැඩලමින් ඔවුන් සිදුකලේ මහා මෙහෙවරකි. මේ සඳහා උදව් දීමට පැමිණි කිහිප දෙනාත් ඉතා සැලකිල්ලෙන් එය ඉටු කරේ සැදැහැතිය සිතේ දරාගෙනය. මීට වසර දහයකට පමණ පෙර අතීතයේ අපගේ ප්‍රධාන විහාරස්ථානයේ අසුමහා ශ්‍රාවක පුජාවක් පවත්වා තිබුන නමුත් ඒ පිළිඹඳ මාගේ මතකය එතරම් නිවැරදි නැත.මුලික අදියරේ දහම් පාසලේ ඩෙස් බැංකු උපයෝගී කර ගනිමින් මුලික සැකිල්ල ඉදිකර ඉන්පසු ලි පටි ආධාරයෙන් කුටි 80 සැකසීම භාවනාවක් වැනි ක්‍රියාවක් විය. ඉන් පසු සුදු ඉටිකොළ මගින් ආවරණය කර සැරසිලි කිරීම ආරම්භ විය. ටින්ටස් ඇණ , පේපර් පින් මගින් ඒවා නිසි ලෙස රැඳවීමට යොදා ගැනින. සැබවින්ම එය විශ්වකර්ම කටයුත්තක්ම විය පුංචි හෝ වැරදීමකින් සියල්ල නැවත මුලසිට සකසන්නට ඉඩ තිබිණි. මානා සංගමයකින් යුතුව එය සිදු කර ආකාරය අදටත් මට සිතා ගන්නටද නොහැකිය. සියුම්ව සිදුකල සියලු කටයුතු අවසානයේ විදුලි බුබුළු මගින් කුටි ඒකාලෝක කරන්නට යෙදුනි.
සියල්ල අවසානයේ දින තුනක දැවැන්ත මෙහෙයුමකින් අනතුරුව අප අවසනට දකින නිර්මාණය දක්නට ලැබුණි. ධජ පතාක විහාරස්ථානයේ සිට ගෙනවිත් මග දෙපස සරසන්නට විය.
පළමු දිනයේ අතපසුවූ යම් යම් සුළු සුළු අඩුපාඩු සකස් කරමින් දෙවන දිනයේ පුජාව සඳහා අපි සුදානම් වීමු. දෙවන දිනයේ පුජාව දහම් පාසල් ප්‍රධානාචාර්ය තුමියගේ නිවාස අසල සිට පෙර දින මෙන් ඉතාම අලංකාරවත් ලෙස විහාරස්ථානය කරා ළඟා වීමෙන් අනතුරුව පළමු දිනට වඩා විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් පුජාව පවත්වන්නට යෙදුනි.
 |
දෙවන දිනයේ පුජාවට සුදානම් වෙමින් |
 |
පුජාවට සුදානම් වෙමින් |
 |
සියල්ල සුදානම් |
කලකින් දක්නට ලැබුණු අසිරිමත් පපුජාවේ දේශකයාණන් වහන්සේලාගේ ධර්ම දේශනය පටිගත කරගන්නට තරම් පහසුකම් නොමැති වීම නිසා ඡයාරුප මගින් සැනසීමට සිදුවූ නමුත් පෙරහැර වීඩියෝ කරගන්නට හැකියාව ලදිමි.
කාලාතුරකින් දක්නට ලැබුණු මෙම පුජාවට සහභාගී වූ සැම දෙනාගේම සිත ඉමහත් ආසාවකින් බුද්ධාලම්භන ප්‍රීතියෙන් පිරි ඉතිරීගිය ආකාරය දකින්නට ලැබුණි. තවත් සමහරුන් ජිවිතයේ පළමු වතාවට මෙවැනි පිංකම දුටු බවත් ඒ පිළිඹඳ දිගින් දිගටම විස්තර අසනා ආකාරය දක්නට ලැබුණි. කුටි සකස් කරනු ලැබූ විල්සන් මාමා බොහෝ පිරිසක් සමග එම විස්තර කතා කරමින් එම පුජාවේ කටයුතු දැඩිව අගය කල අතරම නැවත වතාවක් මෙවැනි පුජාව සඳහා පැමිණෙන ලෙස ආරාධනා කරන්නටද විය.
ප්‍රදේශවාසී සැමගේම සහයෝගය තුලින් දහම් පාසල් ඉතිහාසයේත් ප්‍රදේශයේ ඉතිහාසයේත් නොමැකෙන සටහනක් තැබූ අසිරිමත් පින්කමක් මෙලෙස අවසන් වුයේ තවත් පින්කම් රාශියක් සිදු කරන්නට මුලික අඩිතාලම දමමිනි. උතුම්වූ පුජාව අවසානයේ වැඩසිටින බෝරදුන් වහන්සේලා දෙනමගේ ඉමහත් ප්‍රීතිය විදහා දැක්වුයේ විශාල වශයෙන් රන්වන් පාටින් දළුලමිනි.........................
අසුමහා ශ්‍රාවක වන්දනාව
කොණ්ඩඤ්ඤො භද්දියෝ වප්පෝ මහානාමො ච අස්සජි
උපතිස්සෝ කෝලිතෝ පුණ්ණො අනුරුද්ධෝ ච කස්සපෝ
භද්දියෝ කිම්බිලෝ චුන්දෝ නන්දෝ ආනන්ද රාහුලෝ
උපසේනෝ නාලකෝ දණ්ඩො සොණො සීවලී සෝභිතෝ
සුනාපරන්කෝ පුණ්ණෝ රේවතෝ පුන රේවතෝ
කුමාරකස්සපෝ රාධෝ වංගිසො සොභිතෝ භගු
සෙළුදායි ච භද්දාලි භද්දියෝ ච ලකුණ්ටකො
තොදෙය්‍යපුත්තො දුභයෝ චතුකණ්ණි ච පෙසලො
පුණ්ණෝකො ධොතකෝ නන්දෝ උපසිවෝ ච සොමකෝ
මෙඝරාජා ජිතෝ තිස්සෝ මෙත්තගු පිංගියෝ ඉසී
මෙණ්ඩියෝ කොට්ඨිතො ඡන්නො උපවානො ච භද්දජි
කප්පිනකෝ මහාකප්පි රට්ඨපාලෝ ච චක්කලි
සාගතෝ ලක්ඛණෝචාපි භාරද්වාජෝ ගවම්පතී
යසෝ පුණ්ණොති කච්චානො පන්ථකෝ චුල්ලපන්ථකෝ
පිළිං්දිවච්ඡො කුණ්ඩධානො භග්ගුලො නන්දි කස්සපො
භද්‍රාවුධෝ අංගුලිමාලෝ කස්සපො උභය කස්සපො
අචේලකස්සපො ථෙරා සක්‍යපුත්තො විසාරදො
උරුවෙලකස්සපො වීරො සුභූති සභියොපිච
ඒතෙ ආසීති මහාථේ්රා විමලා අග්ගතං ගතා
නමාමි සිරසා නිච්චං තෙ මෙ රක්ඛන්තු සබ්බදා
අගෙයි මචෝ. මමත් පලවෙනි වතාවට මෙහෙම දෙයක් දැක්කේ
ReplyDeletemamath dekke ahuwe palawenui wathawata
Deleteස්තුතියි රන්දීර්, RAJITHA
Deleteඉමහත් ශ්‍රද්ධාවෙන් කියවපු ලිපියක්. මම උනත් මේ වගේ පින්කමක් ගැන අහල තිබුනට හැබැහින් දැකල නැහැ කවදාවත්. මේක කියෙව්වම එතන ඉඳියා වගේ දැනුනා... උතුම් පින්කමක් දායක උන සහභාගි උන හැමෝටම ගොඩක්ම පින් සිද්ද වෙනවා...........
ReplyDeleteස්තුතියි අංජුල සමරනායක
Deleteadamayi mehema deyak gana ahuwe. patta machan
ReplyDeleteස්තුතියි
Deletesaadu saadu saadu
ReplyDeleteස්තුතියි
Deleteage athi wadak selalihiniyo
ReplyDeleteස්තුතියි RAJITHA
DeleteVIDEO eka ko machan. weda nana
ReplyDeleteබලන්න එක වැඩ RAJITHA
Deleteඔබටත්, අනෙක් සියලු සහෝදර සහෝදරියන්ටත් ලබන්නාවූ අවුරුද්ද
ReplyDeleteවිදුලි බිල වැඩි නොවන,
සහල් සහ නෙකුත් ද්‍රව්‍යවල මිල වැඩි නොවන,
ඉන්ධන මිල වැඩි නොවන,
වංචාව සහ දූෂණය අඩු වූ,
නීතිය සහ සාධාරණත්වය හිමිවූ,
සාධාරණ වැටුපක් හිමි වූ,
කලට වේලාවට වැසි වසින,
....
සුබ නව වසරක් වේවා!
සාමය, සතුට, සෞභාග්‍යය සපිරි, සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා ! !
Deleteonly today i see this versus for the blessings of the eighty great arahants in this buddha sasana . may triple gem bless you.
ReplyDeleteඅසු.මහා ශ්‍රාවකවහන්සේලා.වන්දනා කරන කවි ගථා ටික දෙන්න පුලුවන්ද
ReplyDeleteකොණ්ඩඤ්ඤො භද්දියෝ වප්පෝ මහානාමො ච අස්සජි
Deleteඋපතිස්සෝ කෝලිතෝ පුණ්ණො අනුරුද්ධෝ ච කස්සපෝ
භද්දියෝ කිම්බිලෝ චුන්දෝ නන්දෝ ආනන්ද රාහුලෝ
උපසේනෝ නාලකෝ දණ්ඩො සොණො සීවලී සෝභිතෝ
සුනාපරන්කෝ පුණ්ණෝ රේවතෝ පුන රේවතෝ
කුමාරකස්සපෝ රාධෝ වංගිසො සොභිතෝ භගු
සෙළුදායි ච භද්දාලි භද්දියෝ ච ලකුණ්ටකො
තොදෙය්‍යපුත්තො දුභයෝ චතුකණ්ණි ච පෙසලො
පුණ්ණෝකො ධොතකෝ නන්දෝ උපසිවෝ ච සොමකෝ
මෙඝරාජා ජිතෝ තිස්සෝ මෙත්තගු පිංගියෝ ඉසී
මෙණ්ඩියෝ කොට්ඨිතො ඡන්නො උපවානො ච භද්දජි
කප්පිනකෝ මහාකප්පි රට්ඨපාලෝ ච චක්කලි
සාගතෝ ලක්ඛණෝචාපි භාරද්වාජෝ ගවම්පතී
යසෝ පුණ්ණොති කච්චානො පන්ථකෝ චුල්ලපන්ථකෝ
පිළිං්දිවච්ඡො කුණ්ඩධානො භග්ගුලො නන්දි කස්සපො
භද්‍රාවුධෝ අංගුලිමාලෝ කස්සපො උභය කස්සපො
අචේලකස්සපො ථෙරා සක්‍යපුත්තො විසාරදො
උරුවෙලකස්සපො වීරො සුභූති සභියොපිච
ඒතෙ ආසීති මහාථේ්රා විමලා අග්ගතං ගතා
නමාමි සිරසා නිච්චං තෙ මෙ රක්ඛන්තු සබ්බදා
අසුමහා ශ්‍රාවයක් සිදුහත් කුමරු ipeduna dawesema needha ipedhunee
ReplyDelete