Friday, December 20, 2013

ඒ අමා නිවන් දුටු අසුමහා ශ්‍රාවක වන්දනාව

ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසත් පසේ බුදුබව ලැබීම   පිණිසත්  අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා  මහා ශ්‍රාවක මහරහත් තනතුරු ලැබීම පිණිසද සසරදම් පිරිම අත්‍යවශ්‍ය වන්නකි. 

මහා ශ්‍රාවකයෝ යනු කවරහුද?  කල්ප ලක්ෂයක් පිරු පෙරුම් ඇති බුදු රජාණන් වහන්සේ වදාරන ලද තනතුරු ඇති  පන්සීය පන්සීය භික්ෂු පරිවාර ඇති අශීති මහා ශ්‍රවකයෝය. ( ධර්ම ප්‍රදීපිකාව)    
බුදු රදුන් පිරිවරා සිටින නිකලේශි මහරහතන් වහන්සේලා අසූ  නමක් මහා ශ්‍රාවක ගණයෙහිලා සැලකුණු බවක් මෙයින් සනාථ වේ. බොහෝ විට තමන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරන බෝධිසත්ව අවධියේ පවා අසූ මහා ශ්‍රාවක කෙනෙක් වුහ . පෙර බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා පාරමී ධර්මයන් පුරලා ලද්දාහුය.
බෞද්ධ සාහිත්‍ය තුල මෙම අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිඹඳ  චරිත කතා අතිශය විචිත්‍රය. භවයෙන් භවයට මුහුකුරා ගිය කුසල බල මහිමය පෙන්නුම් කරන බුද්ධ චරිතය හැරුණු කොට ශ්‍රේෂ්ථතම ආදර්ශ චරිතාපදානයන් වශයෙන් සැලකෙන්නේ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාය..


එවන් අසිරිමත් ගුණ සමුදායකින් යුතු කලකින් දක්නට ලැබෙන  අසිරිමත් අසු මහා ශ්‍රාවක වන්දනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 29 දෙදින තුලදී අප වාසය කරන පුස්කොලදෙණිය ගම්මානයේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්‌ථානයේ පැවැත්වුනා.