ඓතිහාසික සත්කෝරලය නො එසේනම් කුරුණෑගල දිස්ත්‍රීක්කය දඹදෙණිය, යාපව්ව, කුරුණෑගල සහ පඬුවස්නුවර සිංහලයේ රාජධානි 4 කින් යුතු සංස්කෘතික චතුරශ්‍රයකින් සමන්විත ලක්දිව එකම දිස්ත්‍රික්කයද වන්නේය. එවන් ඓතිහාසික පුරවරයක ගණනය කල නොහැකි තරමේ අප්‍රකට විහාරස්ථාන,නොයෙක් ආකාරයේ ඓතිහාසික නටඹුන් දක්නට ලැබෙනවා. අනුරාධපුර, පොළොන්නරු යුගවල සිට පැවතෙන විහාරස්ථාන ගණනාවක්ද තවමත් මේ ප්‍රදේශය අශ්‍රිතව දැකගන්නට පුළුවන්. එවන් අතීත උරුමයන් සොයා පසුගිය දිනෙක අසල්වාසී අඩවි රජ සමඟ පර්යේෂණ චාරිකාවක නිරතවන්නට ම හට අවස්ථාවක් ලැබුනේ කාලයක් තිස්සේ ඇදී ඇදී ගිය නිවාඩු දිනයක් සොයා ගැනීමේ අපහසුතාවයෙන් මිදීමෙන් අනතුරුවය.
අප ජිවත්වන දඹදෙණි රාජධානියේ තවමත් අප නෙත නොගැටුණු අතීත උරුමයන් බොහොමයක් දක්නට ලැබෙනවා. හෙළයේ තුන් වන රාජධානියේ ජිවත් වුවද ළඟ ඇති දෑ නොබලා දුර ඇති දේ බලන්නට යාමෙන් සිදුවුයේ අප ජිවත්වන පරිසරයේ වටිනා ඓතිහාසික ස්ථානයන් පිළිඹඳ අප නොදැනුවත් වීමය. එම අඩුපාඩුව තරමකට හෝ මගහරවනු වස් අපේ පළාතේ ඓතිහාසික උරුමයන් සොයා නිහඬ චාරිකාවක නිරත වීමු. එවන් ලිපි මාලාවක පළමුවැන්න මෙලෙසින් දිග හරින්නට අවසර........
රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය

ඓතිහාසික දඹදෙණි රාජධානියේ නාරම්මල නගරයේ සිට මිගමුව මාර්ගයේ කිලෝමීටරයක් පමණ දුරක් ගිය තැන හමුවන්නේ රන්මුතුගල ග්‍රාමයයි. එතැන් සිට වම් පසට වන්නට පිහිටි අඹගම්මන මාර්ගයේ කිලෝමීටර තුනක් පමණ ගමන්කලවිට රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය හමුවේ.
තරමක උස කඳු ගැටයක් මත පිහිටි මෙම විහාර සංකීර්ණය ලෙන් විහාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අනුරාධපුර යුගයට සේම පොළොන්නරු යුගයට නෑකම් කියන මේ පුරාණ විහාරස්ථානයේ ආදී කතෘ කෙනෙකු පිළිඹඳ තවමත් සාධකයන් සොයාගෙන නැහැ. කුඹල් කර්මාන්තයේ නිරත පවුල් ඒකක 80 කින් පමණ සුසැදි අක්කර 6ක පමණ පේරුවක දායක පිරිසකින් මෙම විහාරස්ථානය සමන්විත වනවා. වයඹ සංස්කෘතික චතුරශ්‍රයේ ආධාර මත මේ වන විට විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවනවා දැකගන්නට පුළුවන්. විහාරස්ථානයේ පහල මළුවේ විහාරාධිපති හිමියන් වැඩ වසන ආවාසය දැකගන්නට පුළුවන්. එතනින් ඇරඹෙන අබලන්වූ ගල් පඩි මාවතක් උස්සේ තරමක අසීරු ගමනකින් ලෙන් විහාර භුමිය කරා ළඟාවන්නට පුළුවන්. ඒ ආශ්‍රිතව පැරණි යුගවලට අයත් ගඩොල්, කොරවක්ගල් ආදිය දකින්නට පුළුවන්. ඒ සියල්ලම මේ වන විට නැවත ප්‍රති නිර්මාණය සඳහා පරිසරය සැකසෙමින් පවතින බවක්ද දැනගන්නට ලැබුණා.
එතනින් ඉහලට යත්ම දකින්නට ලැබෙන්නේ ඉපැරණි බෝධීන් වහන්සේ. මුළු විහාර මළුවම විශාල කළුගල් වලින් වටවී තිබෙනවා දැකගන්න පුළුවන්. ඉහල ගල්කුලක් මත සැදුනු ඝන්ඨාර කුළුණ විහාර මළුවට එක් කරන්නේ අමුතුම ආලෝකයක්. ඒ ආශ්‍රිතව සිරිපා සලකුණක් දක්නට ලැබෙනවා. දෙනෙතට කිව නොහැකි තරමේ සුන්දර පරිසරයක් අපට මවා පෙන්වන අසිරිමත් පුණ්‍ය භූමියක් බව කිව යුතුමයි.
ඉහල මළුවේ දේවාල ලෙන සහ ඉපැරණි විහාරගෙය දකින්නට පිළිවන්. මේ සියල්ලම පාහේ කටාරම් කෙටු ගල් ලෙන් වීමද සුවිශේෂී වනවා අපේ අතීත උරුමය මානව කියාදෙන අතීත නිර්මාණයන්වලින් සුසැදි මෙම පින්බර භුමිය ආරක්ෂා කරගන්නට විහාරාධිපති හිමියන් නිරන්තරයෙන් දැඩි වෙහෙසක් ගන්න බව කිව යුතුමයි. එමෙන්ම වයඹ සංස්කෘතික චතුරශ්‍ර සංවර්ධන වැඩසටහන යටතේ මෙම විහාරය සංවර්ධනය වන ආකාරය දක්නට ලැබීම ඉතා සතුටට කරුණක්. එම සංවර්ධන කටයුතු වලින් අනතුරුව විහාරස්ථාන අතීත උරුමයන් පාදා ඒවා ආරක්ෂා කරගැනීම අප සැමගේ වගකීමක් වෙනවා
ඉපැරණි විහාර ලෙන තුල පැරණි හිටි පිළිමයක පාදම සහ පුරාණ පත්තිනි දේවාල ගොඩනැගිල්ලක උළුවස්ස දකින්න පිළිවන්. එමෙන්ම එම විහාර ලෙනෙහි ශඛ වර්ෂ 1708දී කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජතුමා විසින් සවිකල උළුවස්ස දකින්න පුළුවන්.
එලෙසින්ම දිය පිරුණු විශාල පින්තලියක්ද විහාර භුමිය තුල දක්නට ලැබෙනවා.
හාත්පස විශාල ගල්කුළු වලින් හෙබි මෙම ඓතිහාසික පින්බර භුමිය වටා මැවෙන්නේ අලංකාර පරිසර පද්ධතියක්. හාත්පස ගම් නියම් ගම් සුන්දරව මෙම කඳු ගැටයේ සිට නරඹන්නට හැකියාව තිබෙනවා.
තරමක උස කඳු ගැටයක් මත පිහිටි මෙම විහාර සංකීර්ණය ලෙන් විහාරයක් ලෙස හඳුන්වන්නට පුළුවන්. අනුරාධපුර යුගයට සේම පොළොන්නරු යුගයට නෑකම් කියන මේ පුරාණ විහාරස්ථානයේ ආදී කතෘ කෙනෙකු පිළිඹඳ තවමත් සාධකයන් සොයාගෙන නැහැ. කුඹල් කර්මාන්තයේ නිරත පවුල් ඒකක 80 කින් පමණ සුසැදි අක්කර 6ක පමණ පේරුවක දායක පිරිසකින් මෙම විහාරස්ථානය සමන්විත වනවා. වයඹ සංස්කෘතික චතුරශ්‍රයේ ආධාර මත මේ වන විට විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සිදුවනවා දැකගන්නට පුළුවන්. විහාරස්ථානයේ පහල මළුවේ විහාරාධිපති හිමියන් වැඩ වසන ආවාසය දැකගන්නට පුළුවන්. එතනින් ඇරඹෙන අබලන්වූ ගල් පඩි මාවතක් උස්සේ තරමක අසීරු ගමනකින් ලෙන් විහාර භුමිය කරා ළඟාවන්නට පුළුවන්. ඒ ආශ්‍රිතව පැරණි යුගවලට අයත් ගඩොල්, කොරවක්ගල් ආදිය දකින්නට පුළුවන්. ඒ සියල්ලම මේ වන විට නැවත ප්‍රති නිර්මාණය සඳහා පරිසරය සැකසෙමින් පවතින බවක්ද දැනගන්නට ලැබුණා.
නටඹුන් වූ කොරවක් ගල් |
කැඩී බිඳී ගිය පියගැට පෙළ |
විහාර මලුව කරා |
අබලන්වූ ගල්පඩි මාවත දිගේ ක්‍රමයෙන් ඉහලට නැගුන අප ළඟා වුයේ ලෙන් විහාර භුමියේ පහත මලුව දක්වායි. එහි දකින්නට ලැබුනේ ආවාස ලෙන ලෙස හඳුන්වන ප්‍රමාණයෙන් මදක් විශාල ලෙනක්. එය වර්තමානයේ මදක් අලුත්වැඩියා කර භික්ෂුන් වහන්සේලාගේ ප්‍රයෝජනය සඳහා සකස්කර තිබෙනවා.
ආවාස ලෙන |
ඉහල මළුවට යන පියගැටපෙළ |
ඉපැරණි බෝධි ප්‍රාකාරය |
ඉපැරණි බෝධි ප්‍රාකාරය |
සිරි පතුල |
ඉපැරණි බෝධිය සහ ඝන්ඨාර කුළුන |
දේවාල ලෙන |
ඉපැරණි විහාර ලෙන තුල පැරණි හිටි පිළිමයක පාදම සහ පුරාණ පත්තිනි දේවාල ගොඩනැගිල්ලක උළුවස්ස දකින්න පිළිවන්. එමෙන්ම එම විහාර ලෙනෙහි ශඛ වර්ෂ 1708දී කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජතුමා විසින් සවිකල උළුවස්ස දකින්න පුළුවන්.
කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජතුමා විසින් සවිකල උළුවස්ස |
පින්තලිය |
අතීත උරුමය සොයා කැනීම් කටයුතු |
කැනීම් කටයුතු |
වැව |
කිර්ති ශ්‍රී රාජසිංහ මහා රජතුමා විසින් සවිකල උළුවස්ස අනුරුව |
එමෙන්ම කිවයුතු විශේෂ කරණු කිහිපයකි...
මෙම පුරාණ විහාරස්ථානය නරඹන්නට, වැඳ පුද ගන්නට එන ඔබ සැම මෙහිවූ සම්පත් කිසිවකට හානි නොකරන්නට වග බලා ගන්න. අද අප මෙම නටඹුන් නැරඹුවේ මිට පෙර පැමිණි අය ඒවා විනාශ නොකර අප වෙනුවෙන් ඉතිරිව තැබූ නිසාමය. අපද මේවා අනාගතය වෙනුවෙන් ආරක්ෂා කල යුතුමය. අප සතු අතීත උරුමය විනාශ කරන පාපතරයෙකු නොවන්නට උත්සාහ කරන්න. විහාරය සතු කිසිදු දේපලක් රැගෙන එන්නට අපට කිසිදු අවසරයක් නැත. අපද්‍රවය තැන් තැන් වල නොදමන්නට කාරුණික වන්න. පා සලකුණක් පමණක් තබා ඒමට පමණක් කාරුණික වන්න. හැකිනම් විහාරස්ථානයේ දියුණුවට මුදලින් ආධාරයක් කර ඒමට උත්සාහ කරන්න.
apuru satahanak yaluwa. sangawunuu ape athitha urumaya raka ganna eka ape wagakimak
ReplyDeleteස්තුතියි..... උදිත
Deleteඅප සතු අතීත උරුමය විනාශ කරන පාපතරයෙකු නොවන්නට උත්සාහ කරන්න
ReplyDeleteඒක නම් අනිවා මචෝ. අගය කරනවා මේ ලිපිය
ස්තුතියි.....
Deleteආ.....එල එල...
ReplyDeleteමට වඩා හොදට ලියලා ^_^
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
අලි අලි තැන්කියු වේවා රජෝ... ඊලග වන්දනාව ජුනි මාසෙ යමු. මේ දවස්වල පොඩ්ඩක් කරදරයි...
Deleteඅගෙයි සැළලිහිණියා. විස්තර වලට ස්තුතියි..!
ReplyDeleteස්තුතියි Chandana. මේ දවස් වල උපාධියේ වැඩ කටයුතු අවසන් කරගන්න ටිකක් කාර්යබහුල වුනා.මේකේ ඉතිරි කොටස් ටිකත් හැකි ඉක්මනට පල කරන්නම්...
Deletewatina wistharayak
ReplyDeleteස්තුතියි දිනේෂ්
Deleteදැං මේක පාළුවට ගිහින්ද ? කන්ද මුදුනට වාහනයක් යන්න බැරිද ?
ReplyDeleteසැළලිහිණිය ලියපු නිසා මේකෙ වටිනාකම, ඓතිහාසික බව දැනෙනවා..
රජා ලිව්ව නම් ගමේ ලිධ ළඟ නනා ගිටපු කෙල්ලො ගැන තමයි ලියවෙන්නෙ.. :P
යසිත් මේක ටිකක් පාලුවට ගිහින් තම තියෙන්නේ. ඒත් දැන් වයඹ සංස්කෘතික චතුරශ්‍ර වැඩසටහන යටතේ සංවර්ධනය වෙනවා. බලන්න යන්න වටිනා තැනක්....
Deleteහැබැයි කන්ද මුදුනට වාහනයක් යන්න බැ