විඩාබර මනසට මහා සිසිලසක් සේම අස්වැසිල්ලක් දැනෙන බව හැඟේ. වෙනදා මෙම ස්ථානය පසු කර යන විට දැනුනු පාලු ගතිය අද දක්නට නැත, තරමක පාලු ගතියකින් යුක්තව එදා පැවතී භුමිය අද ආලෝකයෙන් බැබලීමට පටන්ගෙන ඇත. ඒ අන් කවරක් නිසා නොව පින්බර සිතක ඇතිවු යහපත් සිතුවිල්ලක මුදුන්පත් විමක්ය. මාස කිහිපයකට පෙර තිබු භුමිය උඩු යටිකුරු කරමින් අද බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන අසිරිමත් පින්කමක ප්‍රතිපලයක්ය
මිට වසරකට පෙර හදිසියේ අප අතරින් වියෝවූ වනමන්දාවේ ඖශාධාලයේ අධිපති හෙළ ඉසි වෙදැදුරු අනුරකුමාර සෝමරත්න මැතිඳුන්ගේ වසරක සැමරුම් පිංකම වෙනුවෙන් අඩි අටක් පමණ උසැති සමාධි පිළිම වහන්සේ නමක් කුරුණෑගල කොළඹ අංක 05 මාර්ගයට මුහුණලා නිරාවරණය කිරීමය. දිවංගත අනුරකුමාර සෝමරත්න මැතිඳුන්ගේ දෝතින් මෙයට වසර 20 කට පමණ පෙර රෝපිත නා බෝධීන් වහන්සේ සෙවණේ තැන්පත් කෙරුණු මෙම ප්‍රතිමාව සැබවින්ම මනස්කාන්තය. සත්තකින්ම විට සිහිවන්නේ බුදු රජාණන් වහන්සේ ඇසතු බෝ රුක සෙවනේ මාර පරාජය කරමින් ලොව්තුරා බුදු බව ලබාගන්න ආකාරයටම අපේ බුදු පිළිම වහන්සේ නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරන ආකාරයමය.
![]() |
නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරකරනා බුදුපිළිම වහන්සේ |
මිට වසරකට පෙර හදිසියේ අප අතරින් වියෝවූ වනමන්දාවේ ඖශාධාලයේ අධිපති හෙළ ඉසි වෙදැදුරු අනුරකුමාර සෝමරත්න මැතිඳුන්ගේ වසරක සැමරුම් පිංකම වෙනුවෙන් අඩි අටක් පමණ උසැති සමාධි පිළිම වහන්සේ නමක් කුරුණෑගල කොළඹ අංක 05 මාර්ගයට මුහුණලා නිරාවරණය කිරීමය. දිවංගත අනුරකුමාර සෝමරත්න මැතිඳුන්ගේ දෝතින් මෙයට වසර 20 කට පමණ පෙර රෝපිත නා බෝධීන් වහන්සේ සෙවණේ තැන්පත් කෙරුණු මෙම ප්‍රතිමාව සැබවින්ම මනස්කාන්තය. සත්තකින්ම විට සිහිවන්නේ බුදු රජාණන් වහන්සේ ඇසතු බෝ රුක සෙවනේ මාර පරාජය කරමින් ලොව්තුරා බුදු බව ලබාගන්න ආකාරයටම අපේ බුදු පිළිම වහන්සේ නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරන ආකාරයමය.
මෙයට සය වසරකට සහ දෙවසරකට පමණ පෙර දඹදිවින් වැඩමවාගෙන ආ බෝධීන් වහන්සේලා දෙනමකගෙන් යුතු මේ භුමියේ සංවර්ධනය වේගවත් ගමනක් ඇරඹුමක් සනිටුහන් විනි.පන්සලක් නොවන ස්ථානයක පිහිටි දහම් පාසල සඳහා සුදුසු පරිසරයක් සැකසීමේ උදාරතර වැඩසටහන ක්‍රමයෙන් සාර්ථක වනු අද අපට දැකිය හැකිය
![]() |
මුල් කාලයේ නා බෝධිය සහ භුමිය |
![]() |
පිළිමය තැන්පත් කිරීම සඳහා සැකසුනු ඉහල මලුව |
![]() |
මුලික කටයුතු අවසන්ව |
![]() |
මල් ආසනය සඳහා මුල්ගල තැබීමට සුදානමින් |
![]() |
සුබ මොහොතින් මුල්ගල තබන මල්ලවාරච්චි මහතා |
![]() |
මැද්දේපොල සෝමරතන නාහිමියන් මුල්ගල තබමින් |
![]() |
මල් ආසන ඉදිකිරීම් නිමාවට පත් කරමින් අවසන් අදියරේ |
![]() |
අවසන් අදියරේ සැකසීම |
![]() |
අවසන් අදියරේ සැකසීම |
![]() |
මල් ආසන ඉදිකිරීම් නිමාවට පත් වෙමින් |
![]() |
අවසන් අදියරේ පින්තාරු කිරීම් |
![]() |
පිළිම වහන්සේ ආසන ගත කිරීම සඳහා පැමිණි දොඹකරය |
![]() |
සියලු මුලික කටයුතු හමාර කරමින් |
![]() |
සියල්ල සුදානම් |
2013 නොවැම්බර් 16 වන සෙනසුරාදා දිනයේ සවස් කාලයේ බුදුපිළිම වහන්සේ වැඩමවා සැකසු ආසනය මත තැන්පත් කර දිවංගත අනුරකුමාර සෝමරත්න මැතිඳුන්ගේ වර්ෂ පුර්ණ පිංකම යෙදුනු නොවැම්බර් 17 වන දින සන්ධ්‍යා කාලයේ බුදු පිළිම වහන්සේ නිරාවරණය යෙදුනි. එදා සිට සැමගේම සිතතුළ සේම වැඩි වශයෙන්ම කතා බහ කරන්නට යෙදුනේ මෙම බුදු පිළිම වහන්සේ පිළිඹඳවය.
![]() |
මඩගල්ලේ සිට වැඩමවාගෙන ආ අප පිළිම වහන්සේ අප ග්‍රාමයට ලඟා වූ වගයි |
![]() |
මුලික සැකසුම් සිදු කරමින් |
![]() |
වැඩමවාගෙන පැමිණි රථයෙන් ආසනය මතට තැන්පත් කිරීමට සුදානමින් |
![]() |
මල් ආසනය මතට ප්‍රවේශමෙන් තැන්පත් කිරීම |
![]() |
ඉතාම ප්‍රවේශමෙන් මල් ආසනය මත තැන්පත් කර අවසන් |
![]() |
ටොන් 4 කට ආසන්න බරක් සහිත උසින් අඩි 8 ක් පමණ වූ පද්මාසන මත රැඳී පිළිම වහන්සේ |
![]() |
නිරාවරණයට මත්තෙන් මලුව සකස්කිරීම |
![]() |
නිරාවරණයට මත්තෙන් මලුව සකස්කිරීම |
![]() |
සියලු කටයුතු නිම කරමින් පිළිම වහන්සේ නිරාවරණයට සුදානම් වෙමින් |
![]() |
පිළිම වහන්සේ නිරාවරණයට සුදානම් වෙමින් |
![]() |
පිළිම වහන්සේ නිරාවරණයට සුදානම් වෙමින් |
![]() |
මහා මාර්ගයේ අනෙක් පස සිට පුජා භුමිය |
![]() |
දායක දායිකාවන් පිළිම නිරාවරණ සුබ මොහොතට සුදානමින් |
![]() |
භුමිය ඒකාලෝක වන්නට තව සුළු මොහොතයි |
![]() |
වැඩම වදාල ගෞරවනිය ස්වාමින් වහන්සේ පිළිම වහන්සේ නිරාවරණය කල වගයි |
![]() |
ප්‍රදේශයටම ආශීර්වාදයක් වෙමින් පිළිම වහන්සේ නිරාවරණය වූ වගයි |
![]() |
මෙම කටයුත්තේ ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටිමින් සියලු කටයුතු මෙහෙයවූ පින්වත් ලොකු ස්වාමින් වහන්සේ |
![]() |
පිළිම වහන්සේ වැඩමවාලිමට සියලු බරපැන දැරූ සෝමරත්න වෙද පවුලේ මල්ලවාරච්චි මහත්මා |
![]() |
පිළිම වහන්සේ වැඩම සිදු කල පළමු බෝධි පුජාමය පිංකම |
![]() |
සිය ප්‍රදේශය ඒකාලෝක කල පිළිම වහන්සේ නමදිමින් |
![]() |
මේ දක්වා දුර එන්නට මේ භුමිය පරිත්‍යාග කල , සංවර්ධනය කල දිවංගත සෝමරත්න වෙද මැතිඳු සහ වෙද පුතු |
![]() |
සුවඳ මලින් සුවඳ දුමින් පිළිම වහන්සේ පුදා |
![]() |
දම් පියසේ ප්‍රධානාචාර්ය තුමිය මහත්වූ ප්‍රීතියෙන් පිළිම වහන්සේ නමදිම |
![]() |
බෝ මළුවේ ඇල අසල බැම්ම සකසමින් |
![]() |
බෝ මළුවේ ඇල අසල බැම්ම සකසමින් |
![]() |
මෙම සංවර්ධනය උදෙසා මහත්වූ ආශීර්වාදයක් වූ බෝ සමිදුන්ලා සහ සැකසෙන බෝ මළුව |
පාලුවට ගොසින් තිබු භූමියක් ඒකාලෝක කරගනිමින් සියලු දෙවි දේවතාවුන්ගේ ආශීර්වාදය ලබමින් ජනීජනයා ක්‍රමයෙන් පිරුණු භූමියක් බවට පත්කරගන්නට වෙහෙසුණු මුල් පිරිසේ ප්‍රධාන සාමාජිකයෙකු වන්නට ලැබීමද මා ජිවිතයේ ලැබූ මහඟු ආශිර්වාදයකි. පවතින අඩුපාඩු එකිනෙක ක්‍රමයෙන් සකස්වෙමින් දිනෙන් දින පරිසරය ක්‍රමවත් වනු හැක. බුදු පිළිම වහන්සේ උදෙසා බුද්ධ මන්දිරයේ ඉදිකිරීම් කටයුතු තවමත් ආරම්භ නොවුනද එයද ඉතා ඉක්මනින් සිදු කරගන්නට ලැබේවායි සැමදෙනා නිරතුරු ප්‍රර්ථනා කරයි.
ක්‍රමයෙන් දියුණුවෙන් දියුණුව කරා පිය නගමින් මේ යන්නාවූ ගමන් මග මතු දිනෙක උතුම්වූ පුණ්‍ය භූමියක් බවට පත්වනු නිසැකය. එළඹෙන පෙබරවාරි 24 සඳුදා දිනය නොකඩවා සිදුකරන බෝධි පූජා පින්කම් මාලාවේ 100 වැන්න සනිටුහන් කෙරේ. අව්ව වැස්ස නොතකමින් සියලුදෙනාම එකාවන්ව පෙළගැසී පිළිවෙත් පුරමින් මේ යන්නාවූ මග ඒ සෑම දෙනාටම තම ජිවිතයට ආලෝකයක් උදාවනු නොඅනුමානය...
ඔබත් මෙම පුණ්‍ය භුමිය ආසන්නයේ වාසය කරයි නම්, දිනෙක මෙම භුමිය කරා පියනැග මෙම සංවර්ධනයට ඔබට දියහැකි දායකත්වයක් ලබාදිය හැකි නම් එයම ඔබට මහත්වූ පුණ්‍ය කර්මයක් වනු නොඅනුමානය...
mahaa pinkamak macho.
ReplyDeleteeththatama me wage dewal thama ada apita oona karane. jayen jayama wewa....
❤️❤️❤️❤️❤️
ReplyDelete