Showing posts with label සැලළිහිණි ආවර්ජනා. Show all posts
Showing posts with label සැලළිහිණි ආවර්ජනා. Show all posts

Tuesday, April 9, 2013

අවසරයි නිවන් මග වෙත යන්නට ආදර මලනුවනි

ජීවිතය  වෙලාවකට මහා පුදුමාකාර සිදුවීම් රාශියක් ඔස්සේ ගලා යන්නේ වාසනාව, අවාසනාව, හිමිවීම්, අහිමි වීම් රාශියක් නිරන්තරයෙන් ජිවිත ගමනට ලබාදෙමින්. සමහර සිදුවීම් වලින් ජිවිතයට  කොයි තරම් බලපෑම් කරනවද කියතොත් ඒ දේවල් අපේ ජිවිත කාලය පුරාවටම මතකයේ රැඳෙමින් දුක් හෝ සතුට නිරන්තරයෙන්ම මනස තුල රැඳී පවතිනවා....  සතුට  කියන දේ කොයි තරම්  මිහිරි මතකයක් වුවත් දුක කියන දේ නම් මතකයේ තැන්පත් වූ කලෙක එය ජීවිතය පුරාවටම අමිහිරි අත්දැකීමක් වෙනවා. තමන්ගේම කෙනෙක් හදිසියේ සදාකාලිකව වෙන්ව යාම කොතරම් උත්සාහ කලත් අමතක කරන්න බැරි සිදුවීමක් වෙනවා.  එක අම්මගේ කුසින් ඉපද වැලිකෙලියේ  පටන් වසර ගණනාවක් තිස්සේ දීවි කතර ගෙවා විත්  නොසිතු මොහොතක සහෝදරයෙකුගේ වෙන්ව කෙලෙසකින්වත් දරා  ගන්න අපහසුයි. එවන්වූ වේදනාත්මක සිදුවීමකට මිට වසර 8 කට පෙර අද වැනි දිනෙක මටත්, මගේ පවුලේ සාමාජිකයින්ටත්  මුහුණ දෙන්නට සිදු වුයේ එක්තරා පුරුවේ කළාවූ අකුසලයක අනිටුපලයක් දැයි විටෙක මට සිතේ..

වසර 1989 අප්‍රේල් මස 22 දින මගේ එකම සහෝදරයා වී ඔහු උපන්නේ  වෘත්තියෙන් හෙද නිලධාරිනියක වූ අම්මාත්, වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යයවරයෙකු වූ තාත්තාත්  ඒ කාලයේ රටේ පැවැති  දරුණු භීෂණ  කාලයේ දහසකුත් කරදර බාධක අප පවුලේ සාමාජිකයින් අත්විඳිනා කාලයක බැව් පසු කලෙක අම්මා පවසා සිටියේය .


Wednesday, February 6, 2013

ගුරුතුමා පුදුමයට පත් කල උපන්දින සාදය

සැලළිහිණි සංචාරයන්  පිළිඹඳව පොස්ටු කීපයක් ඉදිරිපත් කල සැළලිහිණියා අද මේ සුදානම්  වන්නේ අපගේ NIBM  දිවියේ  අත්විඳි  එක්තරා සුන්දර මතකයක් ආවර්ජනය  කරන්නටය.  

2007 වර්ෂයේ අග භාගයේ  NIBM  කුරුණෑගල  මධ්‍යස්ථානයේ  පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  සඳහා සැළලිහිණියා ,තරංග ,අචල, මදුසංක සහ හර්ෂන් ඇතුලත් වුයේ   තරංග සහ සැළලිහිණියා පරිගණක පාඨමාල  සඳහා  සුදුසු  ආයතනය සොයා  යාමෙන් පසු සැළලිහිණියාගේ සොයුරියක දැක්වූ  අදහසක ප්‍රතිඵලයක් වශයෙනි.  



කෙසේ හෝ අවසානයේ  අප  NIBM  ශිෂ්‍යයන්  වීමු. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  අවසානයේ  NIBM ආයතනයේ BSc  In MIS  උපාධියේ පළමු  වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අප සුදානම් වුවත්  කුරුණෑගල මධ්‍යස්ථානයේ ඒ  වනවිට එම අදියර සඳහා සුදුසුකම් නොතිබුන බැවින් කොළඹ පිහිටි  NIBM ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත ගොස්  එහිදී  පළමු වසරේ අධ්‍යාපන කටයුතු  කරන්නට   සිදුව තිබුණි. එහිදී තරංග කොළඹ   NIBM ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත  ගොස් පළමු වසරේ  අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි වුවද සැළලිහිණියා හට සහතික පත්‍ර පාඨමාලාව  කාලය තුලදී  පරිගණක භාෂාවන් පිලිඹඳව  ඇතිව තිබු අකමැත්ත මත ඒ සඳහා   යොමු  නොවී  දෙල්කඳ පිහිටි ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට යොමුවිය. කෙසේ  හෝ  මාර්තු    මාසය වනවිට පරිගණක සහතික පත්‍ර පාඨමාලාවේ විභාග ප්‍රතිඵල නිකුත්ව  තිබුණි. සැළලිහිණියා එම  අදියරේ සාර්ථක ජයක්  ලබා  තිබුණි.

මැයි   මාසය අවසානයේ  ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමාවේ අවසන් පරීක්ෂණයද  පවත්වා අවසන් වූ අතර කුරුණෑගල  NIBM මධ්‍යස්ථානයේ   නව ගොඩනැගිල්ලේ  ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබු  බැවින් ඉදිරි මාස  කීපය තුල කුරුණෑගල  මධ්‍යස්ථානයේ  BSc In MIS උපාධියේ පළමු  හා  දෙවන වසරේ අධ්‍යන කටයුතු  ආරම්භ වන බව  දැනගන්නට ලැබුණි. ඒ අනුව 2008 ඔක්තෝබර් මාසයේ  දිනක  කුරුණෑගල මධ්‍යස්ථානයේ  පළමු කණ්ඩායම ලෙස BSc In MIS උපාධියේ  පළමු  වසරේ  අප අපගේ  අධ්‍යාපන කටයුතු ආරම්භ කළෙමු.