Sunday, January 1, 2017

2017 සුභ නව වසරක් වේවා




ඔබ සැමටම සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන සුභ නව වසරක් වේවා .....!!!

Tuesday, April 14, 2015

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.



වසරක් ගෙවී  අලුත් අවුරුද්දක් උදාවන මොහොතේ ඔබේ ජිවිතයේ සියලු දුක්, කරදර, හිත් වේදනා නිමවෙලා, ඔබ හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටුවන, ජිවිතයේ කවදාවත් දුකක් කරදරයක් ඇති නොවන,හැමදාමත් සිනාව රැඳුන, සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

Tuesday, May 13, 2014

අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා...!!!




වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ  ගිනිදැල් නිවී සිත් පහන් වුනු,
සම්බුදු 
මුදු,මෙත්,කරුණා ගුණයෙන් සිත පහන් වන පින්බර වුත්, 


අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා...!!!

Monday, April 14, 2014

සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!


අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්,  වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්, 
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත්  දිවියකට, ලැබුවා වූ  අලුත් අවුරුද්ද... 

ජීවිතයේ පැතුවා වූ සියලු පැතුමන් ඉටුවෙමින් සියලු  දුක් දෝමනස්ස හැර  යන  
සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!

Saturday, April 12, 2014

ඔබේ නික්ම යාමෙන් වසර නවයකට පසු

කාලය ගතවෙන්නේ අපිට කිසිවක් හිතා ගන්න ඉඩක් නොතබමින්.  උදේට  පායන හිරු  අපිට එලිය දීලා හවසට බැස යන්නේ තවත් දවසක නිමාවක් සනිටුහන් කරමින්,  රාත්‍රියට සඳ නැග එන්නේ තරු පායා අහස දිදුලන්නේ රාත්‍රියක් උදාවෙලා ගෙවිලා  තවත් දවසක ඇරඹුමට ඉඩ දෙමින්.    

මේ හැම දෙයක්ම හැමදාමත් සිදුවෙන හැටි බලාගෙන කාලය ගෙවෙද්දී ආයෙමත් කිසිදාක හමු නොවෙන බව දැන දැනත්  අමතක කරන්න බැරි වේදනාත්මක මතකයක් හදවතේ කැකෑරී   කැකෑරී   පවතින්නේ ජිවිතයේ අවසානය දක්වාම  හදවතේ කොනක රැඳී පවතිද්දී 

2005 බක්මහේ සිංහල අලුත් අවුරුද්දට සුදානම් වෙද්දී නොසිතු ලෙස ඔබ අප හැර ගියේ මන්දැයි අදටත් මට සිතා ගත නොහැකිය. එනමුදු එයම සිදුවිය.  කාලය කොතරම් ගෙවුනද  තවමත් මට ඔබේ හඬ ඇසෙනවා වගේ. ඔබේ සිනාව මට පේනවා වගේ. මගේ තනියට ඔබ තාමත් මගේ ළඟ ඉන්නවා වගේ ....

ඒත් අද ඒ හැම දෙයක්ම මම දකින හීනයක් විතරක් බව දැනෙනකොට ඉවසගන්න අපහසුයි.  අප්‍රේල් 09 වැනිදාට අවුරුදු 09 ක් ඔබ අපිව හැරගොසින්. 
එදා  පටන් මා  පිටතින් සැමට පෙනෙන්න සිනාසුනත්  ඒ සිනහව හදවතින්ම  සිනාසෙන්නට කොතරම් උත්සාහ දැරුවද එය පලක් නොවන්නේ අමිහිරි  වේදනාත්මක මතකය හදවතට කිඳා බැස ඇති නිසාවෙනි..    

මේ වෙනකොට කොහේ හෝ හොඳ තැනක ඉපදිලා ඇති. අනේ මේ ආත්මයේ මා මියැදෙන්න මොහොතකට හෝ කලින් කොහේ හරි ඉන්න තැනක ඉඳන් මට එකම එක පාරක් හරි කතා කරපන් මල්ලියේ......     


අවසරයි ඔබට නිවන වෙත යන්නට ....
ඔබට අජරාමර නිවන් සුව .......

Tuesday, February 4, 2014

සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරි ඉතිරි යන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය වූ වගයි

විඩාබර මනසට මහා සිසිලසක්  සේම අස්වැසිල්ලක් දැනෙන  බව හැඟේ. වෙනදා මෙම ස්ථානය පසු කර යන විට දැනුනු පාලු  ගතිය අද දක්නට නැත, තරමක පාලු ගතියකින් යුක්තව එදා පැවතී භුමිය අද  ආලෝකයෙන් බැබලීමට පටන්ගෙන ඇත. ඒ අන් කවරක් නිසා නොව පින්බර සිතක ඇතිවු යහපත් සිතුවිල්ලක මුදුන්පත් විමක්ය. මාස කිහිපයකට  පෙර තිබු  භුමිය උඩු යටිකුරු කරමින් අද බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන අසිරිමත් පින්කමක ප්‍රතිපලයක්ය    


නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරකරනා බුදුපිළිම වහන්සේ 

Monday, February 3, 2014

නිදහසේ 66 වන සැමරුම අභිමානයෙන් සමරමු



ජාතියක් වශයෙන් තමන්ගේ යුතුකම් සහ වගකීම් අවබෝධ කරගත්,  සැබෑ නිදහසක සැබෑ අරුත නිසැකවම වටහාගනිමින්, පුද්ගල, සාමාජිය සහ රටේ දියුණුව  පතනා යුගයක ඇරඹුමක් ලෙසින් ,නිදහසේ 66 වන සැමරුම අභිමානයෙන් සමරමු....!!!! 

Wednesday, January 1, 2014

සුභ නව වසරක් වේවා .....!!!


ගෙවුනා වූ අතීතයෙන් උගත් පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයේ යහපත් අයුරින් ජීවිතය ගෙන යමින්,
අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් සකසාගන්නට මග විවර වන,
සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන 
සුභ නව වසරක් වේවා .....!!!


Friday, December 20, 2013

ඒ අමා නිවන් දුටු අසුමහා ශ්‍රාවක වන්දනාව

ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසත් පසේ බුදුබව ලැබීම   පිණිසත්  අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා  මහා ශ්‍රාවක මහරහත් තනතුරු ලැබීම පිණිසද සසරදම් පිරිම අත්‍යවශ්‍ය වන්නකි. 

මහා ශ්‍රාවකයෝ යනු කවරහුද?  කල්ප ලක්ෂයක් පිරු පෙරුම් ඇති බුදු රජාණන් වහන්සේ වදාරන ලද තනතුරු ඇති  පන්සීය පන්සීය භික්ෂු පරිවාර ඇති අශීති මහා ශ්‍රවකයෝය. ( ධර්ම ප්‍රදීපිකාව)    
බුදු රදුන් පිරිවරා සිටින නිකලේශි මහරහතන් වහන්සේලා අසූ  නමක් මහා ශ්‍රාවක ගණයෙහිලා සැලකුණු බවක් මෙයින් සනාථ වේ. බොහෝ විට තමන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරන බෝධිසත්ව අවධියේ පවා අසූ මහා ශ්‍රාවක කෙනෙක් වුහ . පෙර බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා පාරමී ධර්මයන් පුරලා ලද්දාහුය.
බෞද්ධ සාහිත්‍ය තුල මෙම අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිඹඳ  චරිත කතා අතිශය විචිත්‍රය. භවයෙන් භවයට මුහුකුරා ගිය කුසල බල මහිමය පෙන්නුම් කරන බුද්ධ චරිතය හැරුණු කොට ශ්‍රේෂ්ථතම ආදර්ශ චරිතාපදානයන් වශයෙන් සැලකෙන්නේ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාය..


එවන් අසිරිමත් ගුණ සමුදායකින් යුතු කලකින් දක්නට ලැබෙන  අසිරිමත් අසු මහා ශ්‍රාවක වන්දනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 29 දෙදින තුලදී අප වාසය කරන පුස්කොලදෙණිය ගම්මානයේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්‌ථානයේ පැවැත්වුනා.