Tuesday, April 14, 2015

සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.



වසරක් ගෙවී  අලුත් අවුරුද්දක් උදාවන මොහොතේ ඔබේ ජිවිතයේ සියලු දුක්, කරදර, හිත් වේදනා නිමවෙලා, ඔබ හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටුවන, ජිවිතයේ කවදාවත් දුකක් කරදරයක් ඇති නොවන,හැමදාමත් සිනාව රැඳුන, සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු 


සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.

Saturday, January 17, 2015

සුභ උපන්දිනයක් වේවා ප්‍රිය සොහොයුරාණෙනි

       කාලය ගතවන්නේ අපටත් නොදැනීමයි. ක්‍රමයෙන් අවසානය දක්වා ළඟාවන මොහොතක් පාසා ජීවත්ව සිටින කාලයේ කලයුතු වන්නේ අනෙකුට කරදරයක් වීම නොව අනුනට සවියක් යහපතක් වන අයුරින් ජීවිතය ගෙවීමයි. තවකෙක් වෙනුවෙන්  යමෙකුගේ දියුණුව යහපත වෙනුවෙන් වැඩදායි යමක් කරන්නට හැකිනම් එය ඉතා වටින්නේය. බොහොමයක් අවස්ථාවල හොද දෙයක් තවකෙකු වෙනුවෙන් කරන්නට ගිය විටදී ලබන හොදම ප්‍රතිචාරය බැනුම් සමග අපහාස උපහාස සමග ගැරහුම් නැවත කිසි දිනෙක හොදක් හෝ කරන්නට ඇතිවන  සිතුවිල්ලද නැති කරමිනි. 


තවකෙක් වෙනුවෙන් යමක් කරන්නේ නම් එය කල යුත්තේ ලකුණු තැනක් ගැනීම හෝ පිණිස  නොව අනෙකාගේ යහපත පිණිසමය. .  එසේ සිදු කරනු ලබන  යහපත් සිතුවිල්ල තුල අප කල හොද දේ යම් දිනක ඔවුන් වටහා ගනු ඇත. සමහර විටෙක ඉක්මනින් ලැබෙන ලකුණ හෝ ගෞරවය තාවකාලික විය හැක. එනමුත් කාලය බොහෝ දේ නිවැරදි කරන්නේ වේදනාවක් විඳි තැනැත්තාට සාධාරණය ඉටු කරමිනි. එවිට  ලකුණු පමණක් නොව ගෞරවය දිනක අපට නිරායාසයෙන් ලැබෙනු  ඇත.