සැලළිහිණි සංචාරයන් පිළිඹඳව පොස්ටු කීපයක් ඉදිරිපත් කල සැළලිහිණියා අද මේ සුදානම් වන්නේ අපගේ NIBM දිවියේ අත්විඳි එක්තරා සුන්දර මතකයක් ආවර්ජනය කරන්නටය.
2007 වර්ෂයේ අග භාගයේ NIBM කුරුණෑගල මධ්‍යස්ථානයේ පරිගණක සහතික පත්‍ර පාඨමාලාව සඳහා සැළලිහිණියා ,තරංග ,අචල, මදුසංක සහ හර්ෂන් ඇතුලත් වුයේ තරංග සහ සැළලිහිණියා පරිගණක පාඨමාල සඳහා සුදුසු ආයතනය සොයා යාමෙන් පසු සැළලිහිණියාගේ සොයුරියක දැක්වූ අදහසක ප්‍රතිඵලයක් වශයෙනි.
කෙසේ හෝ අවසානයේ අප NIBM ශිෂ්‍යයන් වීමු. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව අවසානයේ NIBM ආයතනයේ BSc In MIS උපාධියේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අප සුදානම් වුවත් කුරුණෑගල මධ්‍යස්ථානයේ ඒ වනවිට එම අදියර සඳහා සුදුසුකම් නොතිබුන බැවින් කොළඹ පිහිටි NIBM ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගොස් එහිදී පළමු වසරේ අධ්‍යාපන කටයුතු කරන්නට සිදුව තිබුණි. එහිදී තරංග කොළඹ NIBM ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගොස් පළමු වසරේ අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි වුවද සැළලිහිණියා හට සහතික පත්‍ර පාඨමාලාව කාලය තුලදී පරිගණක භාෂාවන් පිලිඹඳව ඇතිව තිබු අකමැත්ත මත ඒ සඳහා යොමු නොවී දෙල්කඳ පිහිටි ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට යොමුවිය. කෙසේ හෝ මාර්තු මාසය වනවිට පරිගණක සහතික පත්‍ර පාඨමාලාවේ විභාග ප්‍රතිඵල නිකුත්ව තිබුණි. සැළලිහිණියා එම අදියරේ සාර්ථක ජයක් ලබා තිබුණි.
මැයි මාසය අවසානයේ ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද ඩිප්ලෝමාවේ අවසන් පරීක්ෂණයද පවත්වා අවසන් වූ අතර කුරුණෑගල NIBM මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබු බැවින් ඉදිරි මාස කීපය තුල කුරුණෑගල මධ්‍යස්ථානයේ BSc In MIS උපාධියේ පළමු හා දෙවන වසරේ අධ්‍යන කටයුතු ආරම්භ වන බව දැනගන්නට ලැබුණි. ඒ අනුව 2008 ඔක්තෝබර් මාසයේ දිනක කුරුණෑගල මධ්‍යස්ථානයේ පළමු කණ්ඩායම ලෙස BSc In MIS උපාධියේ පළමු වසරේ අප අපගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළෙමු.
පරිගණක සහතික පත්‍ර පාඨමාලාව ආරම්භක දිනයේ පටන් අපගේ ගුරුවරයා වුයේ චමින්ද රත්නායක නම් වූ සොඳුරු මිනිසා ය. එතුමන් කුරුණෑගල මධ්‍යස්ථානයේ ප්‍රධානියා වශයෙන්ද පත්වීම ලබා කටයුතු කල අතර අපට සැබැවින්ම ආදරණිය ගුරුවරයෙක් වුවා පමණක් නොව අපගේ කල්‍යාණ මිතුරෙකුද වුයේ නිරායාසයෙනි. එතුමන්ගේ මග පෙන්වීම අනුව කුරුණෑගල පළමු කණ්ඩායම වශයෙන්ද කුරුණෑගල ආයතනයේ අනන්‍යතාවය සකස් කරගැනීමේ ව්යයමයේදී එතුමන් අපටද අප එතුමන්ටද ලබාදුන්නේ අනගි සහයක්මය. ඒ අතර කාලයේ අලුත් අවුරුදු ක්‍රීඩා උළෙල ,වෙසක් පහන්කුඩු තරඟය, වෙසක් දන්සැල ආදී වශයෙන් අලුත් අලුත් ඉසව් කර එතුමන්ගේ මග පෙන්වීම යටතේ 50 කට ආසන්න සිසු පිරිසක් වූ කුරුණෑගල පළමු කණ්ඩායමේ අප ගමන් කරමින් සිටියෙමු. ඒ අතර කාලයේ කුරුණෑගල NIBM මධ්‍යස්ථානයේ ඇදුරු මඩුල්ලට එක්වූ ෂෆ්රාස් සර්, මෙන්ම රවී සර්ද ඒ ගමනේදී අපට මහත් ශක්තියක් වූ බව කිව යුතුමය. මෙවන් සොඳුරු මතක රාශියකින් යුතු අපගේ NIBM දිවියේ අත්වින්දා වූ සුන්දර මතකයන් ඉදිරි කාලයේ පොස්ටුවක් මගින් ඉදිරිපත් කරන්නට සුදානමින් සිටිමි................
2008 ඔක්තෝබරයේ සිට නවමු මංපෙත් ඔස්සේ අපගේ අධ්‍යාපන කටයුතු ඉදිරියට කරගෙන යමින් පවතින අතර අපට නොදනිම 2009 ඔක්තෝබර් මාසයද ළඟා වුයේ අපගේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු වල නිමාවද සටහන් කරමිනි. ඒ අතරම අපගේ චමින්ද සර්ගේ උපන් දිනයද ඔක්තෝබර් මාසයට දී ඇති බව දැනගන්නට ලැබුන අතර සැළලිහිණියාගේ සිතට ඇතිවුයේ චමින්ද සර් වෙනුවෙන් උපන්දින සාදයක් කුරුණෑගල මධ්‍යස්ථානයේ සුදානම් කිරීමටය. මේ වනවිට කුරුණෑගල මධ්‍යස්ථානයේ 2009 වසරේ පළමු පළමු හා දෙවන කණ්ඩායම්ද තවත් පරිඝනක සහතික පත්‍ර පාඨමාලාව කණ්ඩායමක්ද සිටි අතර අප කණ්ඩායමේ රහස් ව්‍යාපෘතියක් ලෙස මෙය ක්‍රියාත්මක කිරීමටද උත්සුක වුණි. අවසානයේ සැළලිහිණියා සිය අදහස සිය කණ්ඩායම වෙත ඉදිරි පත් කල අතර ඒ සඳහා සියල්ලන්ම සිය කැමැත්ත ප්‍රකාශ කල අතර සසික, අනුරාධ එහිදී සැළලිහිණියාට මහත් ශක්තියක් වෙමින් ඒ සඳහා සියලු වගකීම් බෙදා හදාගත් අතර අනෙක් සියලු දෙනාම නම් වශයෙන් සඳහන් නො කලද එකහෙලා සිය කැමැත්ත ප්‍රකාශ කරන්නට විය.
උපන්දිනය වෙනුවෙන් කේක් සකස් කර සර් වෙත උපන්දින ත්‍යාගයක් ලබාදීමට සියල්ලෝම කතිකා කරගත්හ. දින ගෙවී යන අතරතුර ඒ සඳහා අප සුදානම් වූ අතර කේක් සකසාගැනීම සඳහා පෙරේරා ඇන්ඩ් සන්ස් ආයතනයේ සහය ලබගන්න්නට හැකිවිය. මේ සියලු කටයුතු අපගේ සාමාජිකයින් අතර පමණක් රහසක්ව තබාගන්නට උත්සහ කල අතර සියල්ලන්ගේම අදහස වුයේ උපන්දින සාදයක් සංවිධානය කර සර්ව පුදුම කරන්නටය.
තීරණාත්මක සතිය එළඹුන අතර සතියේ කාල සටහන දුටු විට අපගේ කටයුත්ත සඳහා යම් බාධාවක සලකුණක් අසන්නට ලැබුණි. උපන්දින දිනයේ චමින්ද සර් හට මහනුවර පිහිටි NIBM මධ්‍යස්ථානයේ දේශනයක් සඳහා පිටත්වන්නට කටයුතු යෙදී ඇති බව දැනගන්නට ලැබුණි. එසේ වේ නම් අපගේ සියලු කටයුතු හබක් වන්නේය. අප වහාම ෂෆ්රාස් සර් හමුවුයේ මෙයට පිලියමක් සාකච්ඡා කර ගන්නටය. ෂෆ්රාස් සර් මෙහිදී එම දිනයේ මහනුවර NIBM මධ්‍යස්ථානය වෙත ගමන් කර චමින්ද සර් වෙනුවට ආවරණය කරන්නටත් චමින්ද සර් කුරුණෑගල රඳවා ගන්නටද කටයුතු සැලැස්විය. ඒ පිළිඹඳව අපගේ ස්තුතිය ෂෆ්රාස් සර් වෙත පුද කරන්නට වුයේ තව දුරටත් මෙය රහසක්ව තබාගන්නට උදව් කරන ලෙස ඉල්ලා සිටීමෙනි. එදින ෂෆ්රාස් සර් නොසිටියේ නම් අපගේ උපන්දින සාදය අපට සිහිනයක්ම වන්නට ඉඩ තිබුණි.
නියමිත දිනය උදාවිය. එදින අපට කොළඹින් පැමිණි රසික සර් .Net විෂයේ ඉගැන්වීම කටයුතු ආරම්භ කරන්නට පළමුව රසික සර් දැනුවත් කලෙමු. රසික සර් ඉතාම කැමැත්තෙන් ඒ සඳහා සහය ලබාදුන් අතර විටින් විට ඒ ගැන සිහි කරමින් අපහට නගරය කර යාමට අවස්ථාව සලසා දුන්නේය.
සුපුරුදු පරිදි චමින්ද සර් 9.2 කණ්ඩායම වෙත සිය දේශනය සඳහා සහභාගී විය. මේ වනවිට චමින්ද සර් සහ අප කණ්ඩායමේ සාමාජිකයින් බහුතරයක් Facebook සමාජ ජාලයේ මිතුරන් වුවද සර්ගේ උපන්දිනය අප කිසිවෙකුත් දන්නා බවක් නොහඟවමින් කටයුතු කළෙමු. උදැසන චමින්ද සර් අපට මුණ ගැසුනද Good Morning Sir කීම හැර වෙන සර්ගේ උපන්දිනය අදට යෙදී තිබෙන බවක් අප දන්නා බව හෝ නොහැඟ වූවෙමු. පෙව 9.30 වනවිට අනෙක් පිරිසට ගෙන ආ ත්‍යාගයන් සහ ශාලාව පිළියෙළ කිරීම භාර කරමින් සසික, අනුරාධ සහ සැළලිහිණියා නගරය වෙත ගියේ ඇණවුම් කරන ලද කේක් රැගෙන එමටය.
නගරය කර ගොස් අවශ්‍ය ප්‍රමාණයට කේක් මිලදී ගෙන පැමිණ රවී සර් සහ අනෙකුත් ගුරුවරුන් කීප දෙනා දැනුවත් කර ඔවුනට 10.45 වන විට ශාලා අංක 03 වෙත පැමිණෙන ලෙස ආරාධනා කළෙමු. පෙව 10.30 පමණ වනවිට අපට විවේකය ලබාදුන් රසික සර් චමින්ද සර්ගේ නිල කාමරය වෙත ගමන් කළේ අපගේ සාදය පිළිඹඳ පොඩි හෝ තොරතුරක් චමින්ද සර් වෙත යාම වැලැක්වීමටය . ඒ අනුව පෙ:ව 11.00 අපගේ සාදය සඳහා සුදානම් කළෙමු. පෙව 10.50 වනවිට අනෙකුත් ගුරුවරුන්ද ශාලා අංක 03ට ළඟාවූ අතර අපගේ සාමාජිකයන්ගේ ජංගම දුරකථන කැමරා ක්‍රියාත්මක වුයේ ප්‍රසිද්ධ උත්සවයක ආරාධිත අමුත්තන් පිළිගන්න ආකාරයටමය.
ඒ අතරතුර චමින්ද සර් සමග අප සුදානම් වනතුරු දිගු කතා බහක නිරත වූ රසික සර්ද ශාලා අංක 03 වෙත පැමිණියේ කිසිදු ආකාරයක වෙනසක් නොදැනෙන ලෙසිනි..
ශාලා අංක 03 අලංකාරවත් ලෙස සකස්කර අවසානය. සර්ගේ උපන්දිනය වෙනුවෙන් සැළලිහිණියා සැකසු Wall Paper එක පරිගණක තිරය ඔස්සේද Projector ඔස්සේද දර්ශනය වෙමින් පැවතුණි .සියල්ලන්ම බලාපොරොත්තුවෙන් සිටියේ චමින්ද සර්ගේ පැමිණීමය.
අනතුරුව අප කතිකා කරගත් පරිදි රසික සර් චමින්ද සර් වෙත දුර ඇමතුමක් ලබා දුන්නේය.
රසික සර් " මිස්ටර් චමින්ද ක්ලාස් එකේ ළමයෙකුට සනීප නැ පොඩ්ඩක් හෝල් නම්බර් 03 එක එන්න."
ඒ අතර තුර අනුරාධ චමින්ද සර්ගේ නිල කාමරය වෙත දිව ගියේ උදව්වක් ඉල්ලන්නෙකු පරිදිය. චමින්ද සර් ශාලා අංක 03 වෙත පැමිණෙන්නට දොර වීවෘත කරන විට පුපුරා හැරිම සඳහා Party cracker සුදානම් කල අතර මොහොතකින් චමින්ද සර් සොයා ගිය අනුරාධ දිව එනවා දක්නට ලැබුණි. ඊට පසු පසින් පියගැට පෙළ තරණය කරමින් චමින්ද සර් ශාලා අංක 03වෙත එනවා දුටිමු. සියල්ලන්ම සිය අසුන්වල ඉඳ ගත් අතර තිවංක දොර අසල සැඟවී උන්නේ සර් දොර වීවෘත කරන විට Party cracker එක පුපුරවා හරිනටය. දොර හරස්වන ආකාරයට White Board එක තබා තිවංක සුදානමින් සිටියේය. චමින්ද සර් පැමිණ දොර වීවෘත කරා පමණි මහත්වූ හඬක් නංවමින් Party cracker එක පුපුරා ගිය අතර අනපේක්ෂිත හඬින් චමින්ද සර් බියවූ ආකාරයක්ද දක්නට ලැබුණි. එවිටම අප සියලු දෙනා එක්වරම දිගු අත්පොලසන් නාදයක් ලබා දුන්නෙමු. දොර ළඟ සිදුවූ අනපෙක්ෂිත ශබ්දයෙන් බිමට හැරවුණ හිස ඔසවත්ම චමින්ද සර් දුටුවේ උපන්දින කේක් එකය ..
එක්වරම සිදුවූ මේ අනපේක්ෂිත සිදුවීම තුල කඳුළු පිරුණු දෑසින් විශ්මයෙන් අපදෙස බලා සිටි චමින්ද සර්,
" yeh guys thank you sooooooooo much. its surprise one. කවදාවත් මට මෙහෙම party එකක් ලැබිල නෑ thank you sooooooooo much."
මද වෙලාවක් නිරුත්තරව සිටි චමින්ද සර් පිලියෙලකර තිබු ආසනයේ ඉඳගත් අතර සැළලිහිණියා සාදයේ මෙහෙයවීම් කටයුතු ආරම්භ කර උපන්දින කේක් එක කපන්නට ආරාධනා කළෙමු.
"Happy Birthday to you
Happy Birthday to you
Happy Birthday Dear Chaminda Sir
Happy Birthday to you .......
හඬින් ශාලා අංක 03 පිරි ඉතිරි ගිය අතර සියල්ලන්ම ඉතා ප්‍රීතියට පත්වූ ආකාරයක් දක්නට ලැබුණි. ඉන්පසුව අපගේ අනෙකුත් ගුරුවරුන් හටද උපන්දින සාදයේ සංග්‍රහය බුක්ති විඳීමට ආරාධනා කරමින් අප සාමාජිකයින් යහසුළුව සංග්‍රහ කටයුතුවල නිරත වනවා දක්නට ලැබුණි..
අපගේ මෙම උපන්දින සාදය සහ එය සංවිධානය කල ආකාරය පිලිඹඳව සියලුදෙනාමපැහැදීමෙන් කතා කරනු අසන්නට ලැබුණි. මෙවැනි උපන්දින සාදයක් ජිවිතයේ පළමු වතාවට තමන් අත්විඳි බවත් මෙවැන්නක් සංවිධානය කිරීම ගැන සිය ස්තුතිය පිරිනමන බවත් චමින්ද සර් පැවැත්වූ ස්තුති කතාවේ ප්‍රකාශ වුන අතර අප කණ්ඩායමේ සාමාජිකයින් බලාපොරොත්තු වුවටත් වඩා මෙම කර්තව්‍ය සාර්ථක වීම ගැනද දැඩි ලෙස සතුටට පත්වූ බවක් දක්නට ලැබුණි.
අවසානයේ අප සාමාජික පිරිස වෙතද ගෙන ආ කේක් සංග්‍රහයන් බුක්ති වින්දේ කණ්ඩායම් හැඟීමෙන් සියල්ලෝම එක්ව සංවිධනය කල NIBM දිවියේ අත්වින්දා වූ සුන්දර ඉසව්වක සාර්ථකත්වය පිලිඹඳව ප්‍රසංශා මුඛයෙන් කතා කරමිනි......

me wage guruwaru hambawenna pin karanna oona. e wagema lamayingena me wage upahara labanna guruwaru pin karnnath oona. kanduluth aawa machan meka kiyawala.
ReplyDeleteස්තුතියි Shanaka
Deleteමචන්, මේ කතාව නම් ගොඩක් වටිනවා. අපිටත් මේ වගේ ගුරුවරු ගැන අහන්නත් ආසයි. සුබ පතනවා මචන් උබේ බ්ලොග් එකට මම නාලක
ReplyDeleteස්තුතියි Nalaka
Deleteඑල බ්ලොග් එක නියමයි.දිගටම ලියන්න.
ReplyDeleteස්තුතියි ගයාන් විද්‍යාරත්න
Deleteවිඩීයෝ එකක් තිබ්බ නම් තවත් හොදයි..සුබ පැතුම්..ඉදිරියටත් ලියන්න.. :)
ReplyDeleteස්තුතියි චතුමිතු
Deleteමමත් හිතුවේ අපේ කව්රු හරි ඉවෙන්ට් එක වීඩියෝ කරන්න ඇති කියලා. හැමෝම පොටෝ විතරයි අරන් තිබුනේ. වීඩියෝ එකක් තිබ්බනම් ඇත්තටම වටිනවා...