කාලය ගතවෙන්නේ අපිට කිසිවක් හිතා ගන්න ඉඩක් නොතබමින්. උදේට පායන හිරු අපිට එලිය දීලා හවසට බැස යන්නේ තවත් දවසක නිමාවක් සනිටුහන් කරමින්, රාත්‍රියට සඳ නැග එන්නේ තරු පායා අහස දිදුලන්නේ රාත්‍රියක් උදාවෙලා ගෙවිලා තවත් දවසක ඇරඹුමට ඉඩ දෙමින්.
මේ හැම දෙයක්ම හැමදාමත් සිදුවෙන හැටි බලාගෙන කාලය ගෙවෙද්දී ආයෙමත් කිසිදාක හමු නොවෙන බව දැන දැනත් අමතක කරන්න බැරි වේදනාත්මක මතකයක් හදවතේ කැකෑරී කැකෑරී පවතින්නේ ජිවිතයේ අවසානය දක්වාම හදවතේ කොනක රැඳී පවතිද්දී
2005 බක්මහේ සිංහල අලුත් අවුරුද්දට සුදානම් වෙද්දී නොසිතු ලෙස ඔබ අප හැර ගියේ මන්දැයි අදටත් මට සිතා ගත නොහැකිය. එනමුදු එයම සිදුවිය. කාලය කොතරම් ගෙවුනද තවමත් මට ඔබේ හඬ ඇසෙනවා වගේ. ඔබේ සිනාව මට පේනවා වගේ. මගේ තනියට ඔබ තාමත් මගේ ළඟ ඉන්නවා වගේ ....
ඒත් අද ඒ හැම දෙයක්ම මම දකින හීනයක් විතරක් බව දැනෙනකොට ඉවසගන්න අපහසුයි. අප්‍රේල් 09 වැනිදාට අවුරුදු 09 ක් ඔබ අපිව හැරගොසින්. එදා පටන් මා පිටතින් සැමට පෙනෙන්න සිනාසුනත් ඒ සිනහව හදවතින්ම සිනාසෙන්නට කොතරම් උත්සාහ දැරුවද එය පලක් නොවන්නේ අමිහිරි වේදනාත්මක මතකය හදවතට කිඳා බැස ඇති නිසාවෙනි..
මේ වෙනකොට කොහේ හෝ හොඳ තැනක ඉපදිලා ඇති. අනේ මේ ආත්මයේ මා මියැදෙන්න මොහොතකට හෝ කලින් කොහේ හරි ඉන්න තැනක ඉඳන් මට එකම එක පාරක් හරි කතා කරපන් මල්ලියේ......
අවසරයි ඔබට නිවන වෙත යන්නට ....
ඔබට අජරාමර නිවන් සුව .......