සැලළිහිණියා සිය පළමු අනුරාධපුර චාරිකාව පිළිඹඳ පොස්ටුවෙන් ආරම්භ කලාවූ බ්ලොග් පොස්ටු ලිවිම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය 2වන පොස්ටුව වෙත පැමිනීමට සුදානම් වෙයි. ලැබෙමින් පවතින ප්‍රතිචාර සම්බන්ධව ස්තුතිය පලකරන අතරම මිළඟට ලිවීමට අදහස්කළ පොස්ටුව ලිවිම පසෙකට තබා මීට වසර කීපයකට කලින් සැලළිහිණියාගේ මිතුරන් කීපදෙනෙක් කැටුව සංචාරය කලාවූ බණ්ඩාරවෙල ගමන පිළිඹඳ සුන්දර අතීත මතකයන් අවදි කරන්නටයි මේ සුදානම. අදියර කීපයකින් මෙම පොස්ටුව ලිවීමට අදහස් කරගෙන අද එහි පළමු කොටස ඉදිරිපත් කරන්නම්.
ඒ 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයයි. සති කීපයක සිට කොහේ හෝ චාරිකාවක නිරත වීමට සැලළිහිණියාත් ,තරංගත් දිගින් දිගටම ඒ වෙනුවෙන් ක්‍රියා කරමින් සංවිධාන කටයුතු වල නිරත වුනා. ඒ සඳහා පිරිස් එක්කාසුව හිතු තරම් ලේසි පහසු උනේ නැහැ. මුලින් එන්නම් කියූ සමහර ය අවසානයේ නොයෙක් කතන්දර කියමින් එන්නට නොහැකි බව ප්‍රකාශ කරද්දීත් කෙසේ හෝ ඒ සඳහා අවසානයේ අචලත්, අරුණත් සමග ඩයන් අවසානයේ කැමැත්ත ප්‍රකාශ කරන්නට වුනා. මුලින්ම නුවරඑළියේ යාම සඳහා සුදානම් වූ අප සැප්තැම්බර් මාසයේ 06 වන දිනය ඒ සඳහා යොදා ගත අතර අවසාන මොහොත දකවාම නුවරඑළියේ නවතින්න තැනක් පිළිඹඳ කිසිදු විස්තරයක් ප්‍රකාශ වුයේ නැහැ.
දින තුනක චාරිකාවක් සඳහා අවැසි බඩු බාහිරාදිය රැගෙන අප නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරන්නට සුදානම් ව ආසන්නම ගිරිඋල්ල නගරය වෙත පෙ:ව 7.30 වනවිට ලගාවුනා. කොළඹ කොටුවෙන් පෙ:ව 9.45 ට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය ඒ සඳහා යොදාගන්නට තීරණය කොට අවසානයේ එය නවත්වන දුම්රිය ස්ථාන කවරක්දැයි යන්න සොයා බැලුවිට අවාසනාවට මෙන් අපට ආසන්නම මීරිගම දුම්රිය ස්ථානයේ එය නොනවත්වන බවත් පෙව 11.00ට පමණ එය පොල්ගහවෙල දුම්රිය ස්ථානය කර ළඟාවන බවත් දැනගන්නට ලැබුණා. ඊට අමතරව වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන අතර අප වේයන්ගොඩට නොගොස් අලව්ව හරහා පොල්ගහවෙලට යාමට කතිකා කර ගත්තා
ගිරිඋල්ලේ සිට අලව්ව දක්වා දිවෙන බස් රථයකට
ගොඩවූ අප එය කීයට ගිරිඋල්ලෙන් පිටත් වන්නේ දැයි විමසා සිටිය.