Saturday, January 19, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - පළමු කොටස

සැලළිහිණියා සිය පළමු අනුරාධපුර චාරිකාව පිළිඹඳ පොස්ටුවෙන් ආරම්භ කලාවූ බ්ලොග් පොස්ටු ලිවිම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය  2වන පොස්ටුව වෙත පැමිනීමට සුදානම් වෙයි. ලැබෙමින් පවතින ප්‍රතිචාර සම්බන්ධව ස්තුතිය පලකරන අතරම  මිළඟට ලිවීමට අදහස්කළ පොස්ටුව ලිවිම පසෙකට තබා  මීට වසර කීපයකට කලින් සැලළිහිණියාගේ  මිතුරන් කීපදෙනෙක් කැටුව  සංචාරය කලාවූ බණ්ඩාරවෙල ගමන පිළිඹඳ  සුන්දර අතීත මතකයන් අවදි කරන්නටයි මේ සුදානම.  අදියර කීපයකින් මෙම පොස්ටුව ලිවීමට අදහස් කරගෙන අද එහි පළමු කොටස  ඉදිරිපත් කරන්නම්.

ඒ 2007 වර්ෂයේ  සැප්තැම්බර්  මාසයයි. සති කීපයක සිට කොහේ හෝ චාරිකාවක නිරත වීමට  සැලළිහිණියාත් ,තරංගත්    දිගින් දිගටම  ඒ වෙනුවෙන් ක්‍රියා කරමින්  සංවිධාන කටයුතු වල නිරත වුනා.  ඒ සඳහා පිරිස් එක්කාසුව හිතු තරම් ලේසි පහසු උනේ නැහැ. මුලින් එන්නම් කියූ සමහර ය අවසානයේ  නොයෙක්  කතන්දර කියමින් එන්නට නොහැකි බව ප්‍රකාශ කරද්දීත්  කෙසේ හෝ ඒ සඳහා  අවසානයේ   අචලත්, අරුණත් සමග ඩයන්  අවසානයේ කැමැත්ත   ප්‍රකාශ කරන්නට වුනා. මුලින්ම නුවරඑළියේ යාම සඳහා සුදානම් වූ අප සැප්තැම්බර් මාසයේ 06 වන දිනය ඒ සඳහා  යොදා ගත අතර අවසාන මොහොත දකවාම නුවරඑළියේ නවතින්න තැනක් පිළිඹඳ කිසිදු විස්තරයක් ප්‍රකාශ වුයේ  නැහැ


දින තුනක චාරිකාවක් සඳහා අවැසි බඩු  බාහිරාදිය රැගෙන අප නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරන්නට සුදානම් ව ආසන්නම ගිරිඋල්ල නගරය වෙත පෙ:ව
7.30 වනවිට  ලගාවුනා.  කොළඹ කොටුවෙන් පෙ:ව 9.45 ට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ  දුම්රිය ඒ සඳහා යොදාගන්නට තීරණය කොට අවසානයේ එය නවත්වන දුම්රිය ස්ථාන කවරක්දැයි යන්න සොයා බැලුවිට අවාසනාවට මෙන් අපට ආසන්නම මීරිගම දුම්රිය ස්ථානයේ එය නොනවත්වන බවත් පෙව 11.00ට පමණ එය පොල්ගහවෙල දුම්රිය ස්ථානය කර ළඟාවන බවත් දැනගන්නට  ලැබුණා. ඊට අමතරව  වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන අතර අප වේයන්ගොඩට නොගොස් අලව්ව හරහා පොල්ගහවෙලට යාමට කතිකා කර ගත්තා
ගිරිඋල්ලේ සිට අලව්ව දක්වා දිවෙන බස් රථයකට ගොඩවූ අප එය කීයට ගිරිඋල්ලෙන් පිටත් වන්නේ දැයි විමසා සිටිය.

"මල්ලි තව විනාඩි 5 න් අපි යනවා"
" හරි අයිය එල එල "


විනාඩි 5 ගෙවි යත්ම එන්ජිම දැඩි ආයාසයක් ගෙන පණ ගැන්වීමට රියදුරු මහතා සමත් වූ අතර අපි එකිනෙකාගේ මුහුණ බලන්නට වූයේ මේක අලව්වටම යයි ද දන්නේ  යන අදහස සිතේ තබාගෙනය.

පෙව 7.50 ට ගිරිඋල්ලෙන් පිටත් වූ බස් රථය ඉබි ගමනක යෙදෙමින් අලව්ව බලා ගමන් කරන්නට පටන් ගත්තේය.   
අපි එකිනෙක විටින් විට එකිනෙකාගේ මුහුණ දෙස බැලුවේ බස් රථය පෙ:ව:10.00ට වත් අලව්වට යාවිදෝ කියන සැක සිතිනි. කිලෝමීටර 16ක් පමණ දුරක් අලව්වට තිබෙන අතර  බස් රථය (මෙය බේබි රෝසා වර්ගයට අයත් ආසන 29 වෑන් රථයකි) සුපුරුදු ඉබි ගමනේ නිරත වූ අතර  කඳු පල්ලමකදිවත් 30 km  ඉක්මවූ බවක් පෙනෙන්නට නොවිණි. 


කෙසේ පෙ:ව: 9.30 ආසන්න වනවිට බස් රථය අලව්ව වෙත ළඟා වුයේ හරියට කිලෝමීටර් 100 ක පමණ දුරක්  ගිය වැනි හැගිමක් අපට ඇති කරමිනි...



අලව්ව බස් නැවතුම්පොලේ සිට දුම්රිය ස්ථානය දක්වා සැලකිය යුතු දුරක් තිබෙන අතර අප ඒ දුර හැකි ඉක්මනින් යාමට අදහස් කලේ  හදිස්සියේ වත් පෙව 11.00 වනවිට පොල්ගහවෙලට යාමට දුම්රියක්  නොතිබේ නම් බස් රථයක පිහිට පැතිමටය. අපගේ වෙලාව හොඳට තිබුණි. විනාඩි කීපයකින් පොල්ගහවෙල දෙසට දුම්රියක් ධාවනය වන බව ප්‍රකාශ විනි. 


සාමාන්‍යයෙන් දුම්රිය ස්ථාන වල දුම්රියක් පැමිණෙන්නේ තව ස්වල්ප වෙලාවකින් යැයි නිවේදනය වන අතර එම ස්වල්ප වෙලාව සමහරවිටෙක පැයක පමණ ප්‍රමාදයක් දක්වා වුවද වලංගුය.  :) :)


මෙතැනදී තරංග  හඬ අවදි කලේ

"මචාන්ලා  කෝකටත් බණ්ඩාරවෙලට ටිකට් ගනිල්ලකෝ."  

එවෙලේම හඬ අවදි කල 

අරුණ - " නෑ  මචන් බදුල්ලටම ගන්නම්"

තරංග - "හරි හරි  ඕන දිහකට ගනින්. මම නම් බණ්ඩාරවෙලට.


හොඳ වෙලාවට 
සැලළිහිනියා සිය මව් තුමියගේ නිදහස් දුම්රිය ප්‍රවේශ පත්‍රයේ ගමනාන්තය ලෙස බදුල්ල ලියාගෙන තිබීම හොඳට හිටියේය.  එයත් කොළඹ කොටුවේ සිට වලංගු වන පරිදිය.  

තරංග - "ඕන *** යනුවෙන් මම ටිකට් ගන්න යනවා , කැමති දිහකට ගනිල්ලා බණ්ඩාරවෙලින් එහාට "

එක්වරම   
සැලළිහිනියට   තරංගයගේ බණ්ඩාරවෙල කතාව ඇල්ලුවේ නැත. 

සැලළිහිනියා - " මොකෝ බන් 
තරංග මේ බණ්ඩාරවෙල කතන්දරේ??  යනවා කිව්වේ නුවරඑළියේ නේ බන්..."

 තරංග -  "පැහෙන්නේ  නැතුව ගනින් ටිකට්.. " :D :D

එතැනින්ම  යන්නේ කොහේදැයි නිශ්චිත නැති නමුත් ඕන *****  කියා බණ්ඩාරවෙලට ටිකට් ගත්තෙමු.



මද වෙලාවක් ගෙවී ගිය අතර දුම්රිය ස්ථානයේ  නිවේදනය දී ටික වේලාවක්ද ගත විය. ස්වල්ප වේලාවෙන් පැමිනි දුම්රියක් හෝ ඩක්කුවක් නොවිය.
කෙසේ නමුදු කියූ ස්වල්ප වේලාවෙන් විනාඩි 20කට පමණ පසු උතුර දෙසට යන දුම්රියක් අලව්ව දුම්රිය ස්ථානය කර පැමිනි අතර අප ඒ ඔස්සේ
 විනාඩි 10 යාමට ප්‍රථමයෙන් 
 පොල්ගහවෙල දුම්රිය ස්ථානය වෙත පෙව 10.30 පමණ වනවිට  ළඟා වීමු.  


ගෙන ආ ඇඳුම් බැගයන් වේදිකාව මත වූ ආසනයක දමා බදුල්ල බලා පිටත් වන දුම්රිය  ළඟාවන වේලාව සඳහා  දුම්රිය ස්ථානයේ කාල සටහන දෙස  බලන්නට වීමි
දුම්රිය එනතුරු 
අපොයි බදුල්ලට දුම්රිය පෙ:ව 11..20 පමණය. දැන්  වේලාව 10.35 පමණ වී ඇත.  සැලළිහිනියාට  දැන් හොදටම මහන්සිය.  ඊටත්  කුසගින්නය.  දුම්රිය ස්ථාන ආපන ශාලාව වෙත අනික් පිරිස සමග ගමන් කර  උදේ ආහාර වේල ලබාගත් අප 4 වන වේදිකාවේ අසුන්ගෙන සිටියෙමු. වෙලාව පෙ:ව 11.15 ට පමණ වන්නට ඇත.   . දුම්රිය ස්ථානයේ  නිවේදනය ආරම්භ විය.  

" මගින් සවන් දෙන්න. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ සීග්‍රඝාමි දුම්රිය තව ස්වල්ප වෙලාවකින් 4 වන වේදීකාවට ළඟාවේ.
දුම්රිය නවත්වන්නේ.............................................................."


මොනවා උනත් අර කියූ ස්වල්ප වෙලාව පිළිඹදව යම් වැටහීමක් අලව්වේදී ලබාගත් බැවින් එන වෙලාවක එන්නේ නැතැයි කියමින් අප ගෙන ආ  බඩු  බාහිරාදිය ලඟට ගෙන බලා සිටින්නට වීමු. 


ස්වල්ප වෙලාව ගෙවී ගියේය. පෙව 11.30 ද පසුවිය. උඩරට මැණිකේ   තියා අහවල් මැණිකේ   කෙනෙක්වත් පෙනෙන්නට නැත. ඉවසීම සේමව ඉක්ම යන්නට පටන් ගත් අතරම ටික වේලාවකින් ඇතින් දුම්රියක් එන සේයාවක් දක්නට ලැබුන අතර දුම්රිය ස්ථානයේ නිවේදක මහතා නැවත සුපුරුදු නිවේදනය දුන්නේය.


ප්‍රමාද වූ උඩරට මැණිකේ 
අවසානයේ පෙව 11.50 වන විට උඩරට මැණිකේ  පොල්ගහවෙලට ළඟ වුවාය.  දුම්රියට නැගුණ අප 2 පන්තියේ මැදිරි සිසාරා නෙත් යොමා බැලුවේ ඉඳගන්නට ආසනයක් තිබේදැයි සොයමින්ය. පළමු පන්තියේ ටිකට්  පත් සහිතව සිටි  සැලළිහිනියා සහ පිරිස ස්වකිය ගමන් මළු 2වන පන්තියේ      මැදිරියක රාක්කයක් මත දමා 3 වන පන්තියේ මැදිරියක දොරවල් 2 වෙත ගොස් අවට සිරි නරඹමින් පේරාදෙණිය කරා ගමන් කරන්නට වීමු.  
  










පේරාදෙණිය දක්වා යනෙන අතරතුර ජංගම දුරකථනයේ  කැමරාවේ  මෙලෙස සටහන් විය

රඹුක්කන, පසුකර   කඩුගන්නාව   තරණය කරමින් දුම්රිය පේරාදෙණියට ආසන්නයට ළඟාවූ අතර දුම්රිය ස්ථානයක්  නොමැති  ස්ථානයක එකවරම නතර විය.  අපට මහත් ගැටලුවක් වුයේ මෙවැනි තැනක දුම්රිය නතර වීමය. එක්වරම  කව්දෝ "

කෝච්චිය කැඩිලා වගේ"  

තවකෙකු කෝච්චියේ හුලන් බැහැලා"  

ආදී  වශයෙන් උණුසුම් පුවත්  ප්‍රචාරයේ නිරත වූ අතර මද වෙලාවකින්  එක්වරම දුම්රිය පසුපසට  ගමන් කරන්නට ගත්තේය. මෙවිට අපේ    පුදුමයට  පත්වුයේ  මේ  සිදු වන්නේ කුමක්දැයි  සිතා   ගන්නට නොහැකිවය.

 

කුතුහලයෙන් පිරි විනාඩි කීපය ගෙවා අවසන් වුයේ දුම්රිය පේරාදෙණිය දුම්රිය ස්ථානයේ වේදිකාවට ළඟාවූ පසුවය. බදුල්ල දක්වා දිවෙන දුම්රිය  මාර්ගයේ  නොව අරුම පුදුම පිහිටුමක් සහිත පේරාදෙණිය දුම්රිය ස්ථානය  පිහිටියේ මහනුවර පැත්තට වන්නය. පේරාදෙණියෙන් ඉඳගන්නට ආසනයක් බලාපොරොත්තුවෙන්  සිටියද ආසනයක්  තබා මැදිරියක සිටීමටවත් නොහැකි තත්වයකි. තවදුරටත් දුම්රිය මැදිරි දොර පිලිසරණ කරගත් අප ආසන්න මැදිරි 2ක දොරවල් අසල සිට   පරිසරය නරඹමින් ගමන් කරන්නට වීමු  ගම්පොල පසුවී ටික දුරක්  යත්ම මදින් මද සිතල   ගලා එන්නට පටන් ගත් අතරම මහා වර්ෂාවක පෙර නිමිති පෙනෙන්නට විය.


දුම්රිය ක්‍රමයෙන් උලපනේට ළඟාවනවිට සැලළිහිනියාට සිහිපත් වුයේ  උලපනේ මෝඩ  පාලම පිළිඹඳවය . දුම්රිය උලපනේට ආසන්නවත්ම ජංගමයේ කැමරව අටවා  ගත්තේ මෝඩ  පාලම කෙසේ හෝ ජායරුපයට නගාගන්නටය. අවසානයේ ජායරුපය ගෙන  පිරිස හා එක්වුයේ ගත් ජායරුපය අනික්  අයටද පෙන්වීමටය.  අහෝ ඛේදයකි 






ජායරුපයේ තිබු මෝඩ පාලමක් නැත. තත්පර  ගණනක ප්‍රමාදය ජායරුපයේ බලාපොරොත්තුව සුන්කර ඇත.  සැලළිහිනියා හිත  හදා ගත්තේය. නැවත එනවිට කෙසේ හෝ මෝඩ පාලම ජායරුපයට  නගන්නේ මැයි සිතා ගත්තෙමි.

නාවලපිටියේ සිට දුම්රිය  ගමන් මාර්ගය ඉතා අලංකාර වුයේය. මන බඳින දර්ශන වලින් වශීවී සිටි අප කඩා හැලෙන  වර්ෂාවද  නොතකා දොරවල් අසල සිටම කඳුකරයේ සිර නරඹමින් සිටි අතර එක්වම, 

අචලයා "මචන් මාර කේස් එක කමිසයේ පිටිපස චුයින්ගමයක් ඇලිලානේ බන්"



දුම්රියේ සිටි කවරෙකු හෝ  චුයින්ගමයක් හප කර  බිත්තියක අලවලාය. එය අචලයාගේ  කමිසයේ ඇලිලාය.....


චුයින්ගම්  කෙලිය   නිමවුයේ අපගේ බැගයන් සොයා  ගොස් අචලයට අලුත් කමිසයක් ඇදගත්තාට පසුවය.  දුම්රිය ක්‍රමයෙන්  ගලබොඩ ප්‍රදේශය කරා ලඟා  වෙමින් තිබු අතර  එකවරම  දිය ඇල්ලක් සමඟ බිම් ගෙයක්  අයෙමත්  දිය ඇල්ලක් සමඟ බිම් ගෙයක් ආදී වශයෙන් දර්ශනය වන්නට විය. මෙවැනි   මනස්කාන්ත දර්ශනයන්  නරඹමින් සිටි අපට කුසගින්නක් දැනෙන්නට වූ   නිසා ගෙන ආ  කීපයකට වග  කීවෙමු.  
දුම්රිය සුප්‍රකට රොසැල්ල වංගුව පසුකර  රොසැල්ල දුම්රිය  ස්ථානයේ තරමක් වෙලා නතර කරගෙන  සිටියේ බදුල්ලේ සිට පැමිණෙන පොඩි මැණිකේ දුම්රිය රොසැල්ල කරා  ළඟාවන තුරුය.          





සුන්දර කදුකර දසුන්

සුප්‍රකට රොසැල්ල වංගුව

උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ 
කාලය ගත වත්ම දුම්රිය හැටන් කර ළඟ වූ අතර සැලකිය යුතු පිරිසක්  බැස ගිය අතර  අප හට 2පන්තියේ ආසනයේ කීපයක්  ඉඳ ගැනීමට ලැබුණි. හිරි පොදක්ව පැවති වැස්ස මහා වර්ෂාවක් බවට  පරිවර්තනය වෙමින් පැවතුණි.

අරුණ " මචන් අපිට  හෙට ඇවිදින්න පුළුවන් වෙයිද මෙහෙම??    ඊළඟ කෝච්චියේ ආ හු ගෙදර යනවා බන්"
 
ඩයන් "  අනේ මන්ද බන්  සිතල  ඒ  මදිවට"

අචල " රේන් කොට් එකක් ගමු බන් "


තරංගයා    කිසි සද්දයක් නැත    ඌ සැප නින්දකය. 
 

ආගිය තොරතුරු කතා කරමින් දුම්රියේ  ගමන් කරන්නට වීමු. ඇදහැලෙන මහා වර්ෂාව නිසා අවට කිසි දෙයක් පෙනෙන්නේද නැත.තලවාකැලේ  ආසන්නයේ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල  මඩ පැහැ ගත් ජල කඳක් රැගෙන  කඩා හැලනවා දුටිමි.  





මද දුරක් ගෙවා ගිය පසු තලවාකැලේ  අලුතින් ඉදි කරමින් යන ජල විදුලි බලාගාර වැඩ  බිම ජායරුපයට  නගා ගත්  අතර  දුම්රියේ   වේගයද  ඉතා අඩු  මට්ටමක    තිබුනේය.






තලවාකැලේ පසු කර සුප්‍රකට 5 පොයින්ට් ප්‍රදේශය පසුකර  ඉතාම අඩු වේගයෙන් දුම්රිය ධාවනය වූ අතර ජංගමයේ  පළමු බැටරිය මිය යන්නට පෙර    එම ප්‍රදේශයේ සුන්දර දසුන් කැමරාවට අසු කරගතිමි.







සුප්‍රකට 5 පොයින්ට් ප්‍රදේශය

කෙසේ හෝ මහා වැස්ස අතරේ  දුම්රිය වටගොඩ පසු කර ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය පෙනෙන  සිමාවේ එක්වරම නවත්තන්නට  විය. මිනිත්තු කීපයක් ගත  වුවද දුම්රිය යන  ආකාරයක් පෙනෙන්නට  නැත.
මහා වර්ෂාව  තවමත්  තුරල්ව නොමැත. ඉදිරියේ කිසිවක් පැහැදිලිව පෙනෙන්නේද නැත... 
දුම්රිය  නවත්වා තිබුනද අපට  දුම්රිය මාර්ගයක්  පෙනෙන්නටද නොවිය. මහා 
 ජල කදක් දුම්රිය මාර්ගය වසාගෙනය.    සිදුවන්නේ කුමක්දැයි  සිතා  ගන්නට නොහැක.

ගලායන මහා ජල කඳ දුටුවිට සුනාමිය පිලිඹඳ 
  මතකයද අවදි වන්නට විය.   මද වේලාවකින් දුම්රිය ස්ථානය දෙසින් කීපදෙනෙක් උදළු තල සහ තවත් උපකරණ රැගෙන මග නැවතී ඇති දුම්රිය කරා එන ආකාරය පෙනෙන්නට වුනා......

අපොයි. කෝච්චිය පිලි පැනලවත්ද ?????????  


  
සැමදෙනාම  බලාපොරොත්තු කඩවු ආකාරයෙන් කුමකින් කුමක් සිදු වේදැයි බලා  සිටින්නට වීමු............................  









1. මහා වර්ෂාව මධ්‍යයේ උඩරට මැණිකේ  දුම්රිය පිලි පැනලද?

2. දුම්රිය මාර්ගය  ගංවතුරට  අසුව කඩාගෙන  ගොස්ද ?


3. සැලළිහිණියා ඇතුළු පිරිසගේ  ගමනාන්තහට කුමක්වීද?  




  .      

  

10 comments:

  1. elakiri lokka. patta kathawa...

    ReplyDelete
  2. සිරා ස්ටෝරිය මචන්.... ඔක්කොම ටික ලියන්න කථාවේ

    ReplyDelete
    Replies
    1. අනිවාර්යෙන්ම Shanaka. මේ ස්ටෝරිය කොටස් කීපයක් තියනවා චුට්ටක් ඉවසල ඉන්නකෝ . ස්තුති...

      Delete
  3. ඊළඟ කොටස ඉක්මනින් දාන්ඩෝ.............

    ReplyDelete
    Replies
    1. පුළුවන් ඉක්මනට දෙවන කොටස දානවා. ස්තුති

      Delete
  4. කඳුකරය ඔස්සේ දුම්රියේ ගමන හරිම සුන්දරයි.. ඒක විඳින්නම ඕන දෙයක්.
    විස්තරය නියමයි...!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චන්දන..
      ඇත්තෙන්ම කඳුකරය ඔස්සේ දුම්රියේ ගමන වචනයෙන් කියල නිමකරන්න බැහැ. ඒ තරමටම සුන්දරයි...

      Delete
  5. මචං සැලා කොහෙද ඔය හැකියාවල් හංගගෙන හිටියේ? ඔයා මට අමතක වෙලා තිබ්බ හුගක් දේවල් මතක් කරා.පට්ට සුන්දර මතක ලොරි පිටින්. 2013 පටන් අරං මාසෙකුත් ගිහින්, වහාම තව ගමනක් ලෑස්ති කරමු නේද?

    ReplyDelete
    Replies
    1. මචන් තරා, මේ අපේ අතීත මතක සටහන් අයෙමත් මතක් කරන්න ගත්ත පුංචි උත්සාහයක්. මෙතැනදී කොයි තරම් මම සාර්ථකද කියන එක මම දන්නේ නැහැ. එක ඔයාල තීරණය කරන්න. මේ චාරිකාවේ මතකයන් ගොඩයි. සමහර සිදුවීම් ඒ තරම් මතකත් නැහැ. එත් මම පුළුවන් තරම් ඒ මතකය ආවර්ජනය කරන්න උත්සහ දරන්නම්. මේකේ 2 වන කොටසත් දැම්මා . එකත් බලන්න

      http://selalihini.blogspot.com/2013/01/blog-post_30.html

      අනිවාර්යෙන් පෙබරවාරි මාසෙදි ආයෙමත් ඒ වගේ සුන්දර චාරිකාවක් සංවිධානය කරමු.

      Delete

එක් කලාවූ අදහස් උදහස්