ඔබ සැමටම සාමය, සතුට, සෞභාග්‍ය සපිරි සුභ නව වසරක් වේවා .....!!!
Sunday, January 1, 2023
Sunday, January 1, 2017
Tuesday, April 14, 2015
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
වසරක් ගෙවී අලුත් අවුරුද්දක් උදාවන මොහොතේ ඔබේ ජිවිතයේ සියලු දුක්, කරදර, හිත් වේදනා නිමවෙලා, ඔබ හිතන පතන සෑම දෙයක්ම ඒ ආකාරයෙන්ම ඉටුවන, ජිවිතයේ කවදාවත් දුකක් කරදරයක් ඇති නොවන,හැමදාමත් සිනාව රැඳුන, සාමය, සතුට, සෞභාග්‍ය සපිරුණු
සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.
Tuesday, May 13, 2014
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා...!!!
වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු,
සම්බුදු මුදු,මෙත්,කරුණා ගුණයෙන් සිත පහන් වන පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා...!!!
සම්බුදු මුදු,මෙත්,කරුණා ගුණයෙන් සිත පහන් වන පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා...!!!
Monday, April 14, 2014
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්, වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්,
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත් දිවියකට, ලැබුවා වූ අලුත් අවුරුද්ද...
ජීවිතයේ පැතුවා වූ සියලු පැතුමන් ඉටුවෙමින් සියලු දුක් දෝමනස්ස හැර යන
සාමය, සතුට, සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !!!
Saturday, April 12, 2014
ඔබේ නික්ම යාමෙන් වසර නවයකට පසු
කාලය ගතවෙන්නේ අපිට කිසිවක් හිතා ගන්න ඉඩක් නොතබමින්. උදේට පායන හිරු අපිට එලිය දීලා හවසට බැස යන්නේ තවත් දවසක නිමාවක් සනිටුහන් කරමින්, රාත්‍රියට සඳ නැග එන්නේ තරු පායා අහස දිදුලන්නේ රාත්‍රියක් උදාවෙලා ගෙවිලා තවත් දවසක ඇරඹුමට ඉඩ දෙමින්.
මේ හැම දෙයක්ම හැමදාමත් සිදුවෙන හැටි බලාගෙන කාලය ගෙවෙද්දී ආයෙමත් කිසිදාක හමු නොවෙන බව දැන දැනත් අමතක කරන්න බැරි වේදනාත්මක මතකයක් හදවතේ කැකෑරී කැකෑරී පවතින්නේ ජිවිතයේ අවසානය දක්වාම හදවතේ කොනක රැඳී පවතිද්දී
2005 බක්මහේ සිංහල අලුත් අවුරුද්දට සුදානම් වෙද්දී නොසිතු ලෙස ඔබ අප හැර ගියේ මන්දැයි අදටත් මට සිතා ගත නොහැකිය. එනමුදු එයම සිදුවිය. කාලය කොතරම් ගෙවුනද තවමත් මට ඔබේ හඬ ඇසෙනවා වගේ. ඔබේ සිනාව මට පේනවා වගේ. මගේ තනියට ඔබ තාමත් මගේ ළඟ ඉන්නවා වගේ ....
ඒත් අද ඒ හැම දෙයක්ම මම දකින හීනයක් විතරක් බව දැනෙනකොට ඉවසගන්න අපහසුයි. අප්‍රේල් 09 වැනිදාට අවුරුදු 09 ක් ඔබ අපිව හැරගොසින්. එදා පටන් මා පිටතින් සැමට පෙනෙන්න සිනාසුනත් ඒ සිනහව හදවතින්ම සිනාසෙන්නට කොතරම් උත්සාහ දැරුවද එය පලක් නොවන්නේ අමිහිරි වේදනාත්මක මතකය හදවතට කිඳා බැස ඇති නිසාවෙනි..
මේ වෙනකොට කොහේ හෝ හොඳ තැනක ඉපදිලා ඇති. අනේ මේ ආත්මයේ මා මියැදෙන්න මොහොතකට හෝ කලින් කොහේ හරි ඉන්න තැනක ඉඳන් මට එකම එක පාරක් හරි කතා කරපන් මල්ලියේ......
අවසරයි ඔබට නිවන වෙත යන්නට ....
ඔබට අජරාමර නිවන් සුව .......
Tuesday, February 4, 2014
සිත බුද්ධාලම්බන ප්‍රීතියෙන් පිරි ඉතිරි යන බුද්ධ ප්‍රතිමා වහන්සේ නමක් නිරාවරණය වූ වගයි
විඩාබර මනසට මහා සිසිලසක් සේම අස්වැසිල්ලක් දැනෙන බව හැඟේ. වෙනදා මෙම ස්ථානය පසු කර යන විට දැනුනු පාලු ගතිය අද දක්නට නැත, තරමක පාලු ගතියකින් යුක්තව එදා පැවතී භුමිය අද ආලෝකයෙන් බැබලීමට පටන්ගෙන ඇත. ඒ අන් කවරක් නිසා නොව පින්බර සිතක ඇතිවු යහපත් සිතුවිල්ලක මුදුන්පත් විමක්ය. මාස කිහිපයකට පෙර තිබු භුමිය උඩු යටිකුරු කරමින් අද බුද්ධාලම්බන ප්‍රීතිය උතුරා යන අසිරිමත් පින්කමක ප්‍රතිපලයක්ය
![]() |
| නා බෝධිය සෙවනේ සමාධි සුවයෙන් ගත කරකරනා බුදුපිළිම වහන්සේ |
Monday, February 3, 2014
නිදහසේ 66 වන සැමරුම අභිමානයෙන් සමරමු
ජාතියක් වශයෙන් තමන්ගේ යුතුකම් සහ වගකීම් අවබෝධ කරගත්, සැබෑ නිදහසක සැබෑ අරුත නිසැකවම වටහාගනිමින්, පුද්ගල, සාමාජිය සහ රටේ දියුණුව පතනා යුගයක ඇරඹුමක් ලෙසින් ,නිදහසේ 66 වන සැමරුම අභිමානයෙන් සමරමු....!!!!
Wednesday, January 1, 2014
සුභ නව වසරක් වේවා .....!!!
ගෙවුනා වූ අතීතයෙන් උගත් පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයේ යහපත් අයුරින් ජීවිතය ගෙන යමින්,
අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් සකසාගන්නට මග විවර වන,
සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන
සුභ නව වසරක් වේවා .....!!!
ගෙවුනා වූ අතීතයෙන් උගත් පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයේ යහපත් අයුරින් ජීවිතය ගෙන යමින්,
අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් සකසාගන්නට මග විවර වන,
සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන
වර්තමානයේ යහපත් අයුරින් ජීවිතය ගෙන යමින්,
අනාගත සාර්ථකත්වයට ශක්තිමත් අඩිතාලමක් සකසාගන්නට මග විවර වන,
සාමය, සතුට, සෞභාග්‍ය දෝර ගලායන
සුභ නව වසරක් වේවා .....!!!
Friday, December 20, 2013
ඒ අමා නිවන් දුටු අසුමහා ශ්‍රාවක වන්දනාව
ලොව්තුරා බුද්ධ රාජ්‍යය ලැබීම පිණිසත් පසේ බුදුබව ලැබීම පිණිසත් අග්‍ර ශ්‍රාවක ශ්‍රාවිකා මහා ශ්‍රාවක මහරහත් තනතුරු ලැබීම පිණිසද සසරදම් පිරිම අත්‍යවශ්‍ය වන්නකි.
මහා ශ්‍රාවකයෝ යනු කවරහුද? කල්ප ලක්ෂයක් පිරු පෙරුම් ඇති බුදු රජාණන් වහන්සේ වදාරන ලද තනතුරු ඇති පන්සීය පන්සීය භික්ෂු පරිවාර ඇති අශීති මහා ශ්‍රවකයෝය. ( ධර්ම ප්‍රදීපිකාව)
බුදු රදුන් පිරිවරා සිටින නිකලේශි මහරහතන් වහන්සේලා අසූ නමක් මහා ශ්‍රාවක ගණයෙහිලා සැලකුණු බවක් මෙයින් සනාථ වේ. බොහෝ විට තමන් වහන්සේ බුද්ධ කාරක ධර්මයන් පුරන බෝධිසත්ව අවධියේ පවා අසූ මහා ශ්‍රාවක කෙනෙක් වුහ . පෙර බුදුවරුන්ගෙන් නියත විවරණ ලබා පාරමී ධර්මයන් පුරලා ලද්දාහුය.
බෞද්ධ සාහිත්‍ය තුල මෙම අසූ මහා ශ්‍රාවකයින් වහන්සේලා පිළිඹඳ චරිත කතා අතිශය විචිත්‍රය. භවයෙන් භවයට මුහුකුරා ගිය කුසල බල මහිමය පෙන්නුම් කරන බුද්ධ චරිතය හැරුණු කොට ශ්‍රේෂ්ථතම ආදර්ශ චරිතාපදානයන් වශයෙන් සැලකෙන්නේ මහා ශ්‍රාවක ශ්‍රාවිකාවන්ගේ චරිත කතාය..
එවන් අසිරිමත් ගුණ සමුදායකින් යුතු කලකින් දක්නට ලැබෙන අසිරිමත් අසු මහා ශ්‍රාවක වන්දනා වැඩසටහනක් පසුගිය සැප්තැම්බර් මස 28 29 දෙදින තුලදී අප වාසය කරන පුස්කොලදෙණිය ගම්මානයේ සංවර්ධනය වෙමින් පවතින විහාරස්‌ථානයේ පැවැත්වුනා.
Monday, September 23, 2013
ලේ බිඳක් දන්දී මනුසත්කම රැකුමට දායක වූ ඔබ ...මිනිසුන් අතර උත්තරීතර මනුෂ්‍යයෙකු වේවා !!!
එදා මෙන් නොව අද සමාජය අතිශය විවිධාකාරය. සංකීර්ණය. එදවස පිනට දහමට ලැදිව කටයුතු කල මිනිසුන් අද සමාජයේ අපට නිතර හමු නොවේ. එහෙත් ඉඳහිට දවසක මිනිසත්කම ඉහවහා ගිය මිනිසුන් අපට හමුවේ. ඇතැමුන් ජිවත් වන්නේ තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙනි. අන් ජිවිත බේරා ගන්නට තම ජීවිතය වුවද පුද දෙන්නට සුදානම් මිනිසුන් හමුවන්නේ ඉතාම කලාතුරකිනි. එවන් විරල මිනිසුන් සමුහයකගේ එකතුවකින් සිදු කළාවූ උතුම් පුණ්‍ය කර්මයක් වෙනුවෙන් මේ සටහන තබන්නට ලැබීමද මා ලැබූ භාග්‍යකි....
ජුනි මාසයේ දිනෙක කරදර බාධක දුක් කම්කටොලු මැද ජීවිතය ගෙවී යද්දී FacebooK හි අපගේ NIBM කුරුණෑගල පිටුව තුල එක්තරා විරල ගනයේ පින්කමක දැන්වීම දක්නට ලැබුණි. NIBM කුරුණෑගල ආයතනයේ පළමු කණ්ඩායමේ සිසුන් වුවද මේ වන විට අප අඳුනන සාමාජිකයින් සීමිත බැවින් ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසු විනි. ෂෆ්රාස් සර් විසින් පලකලවූ ලේ දන්දීමේ පිංකම පිළිඹඳ දැන්වීම දුටුවද ඒ පිළිඹඳ වැඩි විස්තරයක් සොයාගන්නට අපහසුව තිබුනද දිනෙක හදිසියෙන්ම රවී සර් සමග කතාබහක නිරත වී සිටියදී මේ පිලිඹඳ පැහැදිලි විස්තරයක් දැනගන්නට ලැබිණි.
Thursday, September 19, 2013
සද්දන්තයින් සොයා පින්නවලට
පෙරවදනක්............
එළඹුණු වෙසක් මාසයෙන් අනතුරුව සැලළිහිනියා හට උදාවුයේ සුභදායි කාලයක් නම් නොවේ. උපාධියේ සියලුම දේශනයන්, විභාගයන් , පැවරුම් , ව්‍යපෘති සියල්ලම සාර්ථකව අවසන් කොට නිදහසේ හුස්ම පොදක් ගන්නට උත්සාහ කලද එක පිට එක පිට ආවාවූ බාධක තුලින් ගොඩනගා ගත් ජීවිතය මදක් ආපස්සට හරවා යවන්නට තරම් ප්‍රබල වුයේය.
එම කාලයේ කිහිප අවස්ථාවකම නිවසේ අන්තර්ජාල සම්බන්ධතාවය ඇනහිටියේ ප්‍රධාන මාර්ගය හරහා වැටි පවතින අප නිවසේ දුරකථන රැහැන් මාර්ගය මාර්ග සංවර්ධන මහත්වරුන්ගේ අධිවේගී ක්‍රියා මාර්ග තුල අවස්ථා කිහිපයකදී විසන්ධි වීමෙන් 1212 අමතා නැවත සවි කරගන්නටය. මාසික බිල්පත ප්‍රමාදයක් වුයේ නම් දුරකථන සම්බන්ධතාව විසන්ධි කරන්නට ප්‍රමාද නොවන නමුත් අලුත්වැඩියා කටයුත්තකදී කිහිපවතාවක්ම දුරකථනයන් ඔස්සේ කණ රත්වනතුරු 1212 අමතන්නට ලැබීමද එක්තරා අවාසනාවන්ත තත්වයකි...
නොයෙකුත් ආකාරයෙන් එළඹුණු කරදර බාධක හමුවේ නිරවුල් මනසකින් යුක්තව සිටීමේ අවස්ථා අතිශය සීමිත විය. උපාධියේ වැඩකටයුතු හමාරකොට අවසන් ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටියද අනපේක්ෂිත ආකාරයෙන් ප්‍රතිඵල නිකුතුව ප්‍රමාද වීමද සිතට ගෙන ආවේ දැඩි පිඩනයකි. අවසානයේ දිගු කලක් මුළුල්ලේ දෑස් දල්වා බලාසිටි ජිවිතයේ සොඳුරු බලාපොරොත්තුව යථාර්තයක් බවට පත්කල තොරතුරු තාක්ෂණ පද්ධති කළමනාකරණය පිළිඹඳ උපාධිධාරියෙකු බවට පත්කලාවූ උපාධියේ අවසන් විභාග ප්‍රතිපලය සතුටු කඳුලැලි ගලායන දෙනෙතින් දකින්නට තරම් මා වාසනාවන්ත වීමි.....
වේදනාව තනිකම දැඩිව දැනුනු මෙම කාලයේ වෙනදා මාසයකට කිහිපවරක් සැලළිහිණියා තුලින් ඔබ හමුවට ආවද අවසානයේ එයින්ද තාවකාලික සමුගැනීමක් සිදු කරන්නට වීමි. ඒ කාලය තුලදී නිරන්තරයෙන් මා පිළිඹඳ අවධානයෙන් සිටි මගේ ජිවිතයේ හිතවත්ම මිතුරන් සොහොයුරන් කිහිප දෙනාට පින්සිදු වන්නට නැවත වරක් නැගී සිටින්නට මට හැකි විනි. සැබෑ ලෙන්ගතු සොහොයුරන් සේම මිතුරන් වූ ඔබ කිහිප දෙනාට මම හදවතින්ම ස්තුතිවන්ත වෙමි.
------------------๑۩۩๑ -- ๑۩۩๑ -- ๑۩۩๑------------------
Thursday, May 23, 2013
ඔබ සැමට අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා
වෛරයේ සහ ඊර්ෂ්‍යාවේ ගිනිදැල් නිවී සිත් පහන් වුනු, සම්බුදු සිසිලෙන් ගත සිත නිවීගිය පින්බර වුත්,
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
අසිරිමත් වෙසක් මංගල්‍යයක් වේවා !!!
Saturday, May 4, 2013
ඓතිහාසික සත්කෝරලයේ අතීත ශ්‍රී විභූතිය සොයා - පළමු දිගහැරුම
ඓතිහාසික සත්කෝරලය නො එසේනම් කුරුණෑගල දිස්ත්‍රීක්කය දඹදෙණිය, යාපව්ව, කුරුණෑගල සහ පඬුවස්නුවර සිංහලයේ රාජධානි 4 කින් යුතු සංස්කෘතික චතුරශ්‍රයකින් සමන්විත ලක්දිව එකම දිස්ත්‍රික්කයද වන්නේය. එවන් ඓතිහාසික පුරවරයක ගණනය කල නොහැකි තරමේ අප්‍රකට විහාරස්ථාන,නොයෙක් ආකාරයේ ඓතිහාසික නටඹුන් දක්නට ලැබෙනවා. අනුරාධපුර, පොළොන්නරු යුගවල සිට පැවතෙන විහාරස්ථාන ගණනාවක්ද තවමත් මේ ප්‍රදේශය අශ්‍රිතව දැකගන්නට පුළුවන්. එවන් අතීත උරුමයන් සොයා පසුගිය දිනෙක අසල්වාසී අඩවි රජ සමඟ පර්යේෂණ චාරිකාවක නිරතවන්නට ම හට අවස්ථාවක් ලැබුනේ කාලයක් තිස්සේ ඇදී ඇදී ගිය නිවාඩු දිනයක් සොයා ගැනීමේ අපහසුතාවයෙන් මිදීමෙන් අනතුරුවය.
අප ජිවත්වන දඹදෙණි රාජධානියේ තවමත් අප නෙත නොගැටුණු අතීත උරුමයන් බොහොමයක් දක්නට ලැබෙනවා. හෙළයේ තුන් වන රාජධානියේ ජිවත් වුවද ළඟ ඇති දෑ නොබලා දුර ඇති දේ බලන්නට යාමෙන් සිදුවුයේ අප ජිවත්වන පරිසරයේ වටිනා ඓතිහාසික ස්ථානයන් පිළිඹඳ අප නොදැනුවත් වීමය. එම අඩුපාඩුව තරමකට හෝ මගහරවනු වස් අපේ පළාතේ ඓතිහාසික උරුමයන් සොයා නිහඬ චාරිකාවක නිරත වීමු. එවන් ලිපි මාලාවක පළමුවැන්න මෙලෙසින් දිග හරින්නට අවසර........
රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය
අප ජිවත්වන දඹදෙණි රාජධානියේ තවමත් අප නෙත නොගැටුණු අතීත උරුමයන් බොහොමයක් දක්නට ලැබෙනවා. හෙළයේ තුන් වන රාජධානියේ ජිවත් වුවද ළඟ ඇති දෑ නොබලා දුර ඇති දේ බලන්නට යාමෙන් සිදුවුයේ අප ජිවත්වන පරිසරයේ වටිනා ඓතිහාසික ස්ථානයන් පිළිඹඳ අප නොදැනුවත් වීමය. එම අඩුපාඩුව තරමකට හෝ මගහරවනු වස් අපේ පළාතේ ඓතිහාසික උරුමයන් සොයා නිහඬ චාරිකාවක නිරත වීමු. එවන් ලිපි මාලාවක පළමුවැන්න මෙලෙසින් දිග හරින්නට අවසර........
රුක්මල්ගම ඓතිහාසික ගිරිගුහාරාම පුරාණ රජමහා විහාරය
Sunday, April 14, 2013
ඔබ සැමට, සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්,
වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්,
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත් දිවියකට,
ලැබුවා වූ අලුත් අවුරුද්ද...
සාමය සතුට සෞභාග්‍යය පිරුණු සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා !
Tuesday, April 9, 2013
අවසරයි නිවන් මග වෙත යන්නට ආදර මලනුවනි
ජීවිතය වෙලාවකට මහා
පුදුමාකාර සිදුවීම් රාශියක් ඔස්සේ ගලා යන්නේ වාසනාව, අවාසනාව, හිමිවීම්, අහිමි වීම් රාශියක්
නිරන්තරයෙන් ජිවිත ගමනට ලබාදෙමින්. සමහර සිදුවීම් වලින් ජිවිතයට කොයි තරම්
බලපෑම් කරනවද කියතොත් ඒ දේවල් අපේ ජිවිත කාලය පුරාවටම මතකයේ රැඳෙමින් දුක් හෝ සතුට
නිරන්තරයෙන්ම මනස තුල රැඳී පවතිනවා.... සතුට කියන දේ කොයි තරම්
මිහිරි මතකයක් වුවත් දුක කියන දේ නම් මතකයේ තැන්පත් වූ කලෙක එය ජීවිතය
පුරාවටම අමිහිරි අත්දැකීමක් වෙනවා. තමන්ගේම කෙනෙක් හදිසියේ සදාකාලිකව වෙන්ව යාම
කොතරම් උත්සාහ කලත් අමතක කරන්න බැරි සිදුවීමක් වෙනවා. එක අම්මගේ කුසින් ඉපද
වැලිකෙලියේ පටන් වසර ගණනාවක් තිස්සේ දීවි කතර ගෙවා
විත් නොසිතු මොහොතක සහෝදරයෙකුගේ වෙන්ව කෙලෙසකින්වත් දරා ගන්න අපහසුයි.
එවන්වූ වේදනාත්මක සිදුවීමකට මිට වසර 8 කට පෙර අද වැනි දිනෙක මටත්, මගේ පවුලේ සාමාජිකයින්ටත් මුහුණ දෙන්නට සිදු වුයේ
එක්තරා පුරුවේ කළාවූ අකුසලයක අනිටුපලයක් දැයි විටෙක මට සිතේ..
වසර 1989 අප්‍රේල් මස 22 දින මගේ එකම සහෝදරයා වී ඔහු උපන්නේ වෘත්තියෙන් හෙද නිලධාරිනියක වූ අම්මාත්, වෘත්තියෙන් ආයුර්වේද වෛද්‍යයවරයෙකු වූ තාත්තාත් ඒ කාලයේ රටේ පැවැති දරුණු භීෂණ කාලයේ දහසකුත් කරදර බාධක අප පවුලේ සාමාජිකයින් අත්විඳිනා කාලයක බැව් පසු කලෙක අම්මා පවසා සිටියේය .
Thursday, March 28, 2013
අපුරු මග පෙන්වන්නා සමග අතරමං වුන අලුවිහාරේ කඳු තරණය
අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා චාරිකාව අවසන් වූ පසුව නැවත වතාවක් ඒ හා සමාන තවත් සුන්දර චාරිකාවක නිරත වීමේ බලාපොරොත්තුවෙන් අප පිරිස දෙවන වසරේ පළමු අදියරේ අධ්‍යාපන කටයුතු වල නිරත වීමු. ටික දිනක් යත්ම නැවතත් චාරිකාවක් සලකුණු පහල වුයේ රජිත ගේ අලුත් චාරිකාව සමගිනි 2010 වසරේ සැප්තැම්බර් මාසය පුරාම අපගේ විභාගයන් පැවැත්වුණු අතර එය අවසන් දිනයට පසු දින මෙවර මාතලේ අලුවිහාරේ කන්ද තරණය කිරීමේ චාරිකාව යොදා ගන්නට යෙදුනි. සෑම සතියකම සඳුදා සහ සිකුරාදා දිනයන්හි සති 3ක් පුරා විභාගයන්ට මුහුණ දීමෙන් අප සියලු දෙනාම දැඩි හෙම්බත්විමකට ලක්ව සිටියෙමු. සැප්තැම්බර් 19 වැනිදා විභාග අවසන් කල අප පසුදිනට නියම කරගත් චාරිකාවේ කටයුතු වලට සුදානම් වීමු.
රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර සැලළිහිනියා සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය රිවෙර්ස්ටන් චාරිකාවේදී කුරුණෑගල සිට මාතලේ දක්වා යාමට කිහිපදෙනෙක් සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ සැලළිහිනියා පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට සැලළිහිනියා සිතා ගත්තේ කුරුණෑගල සහ මාතලේ අතර බස් රථයක ගමන් කිරීම නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය. එලෙසම සවස් වූ විට ආපසු කුරුණෑගලට පැමිණීමට නිසි සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය. එය ඔලුව වටේ අත යවමින් කන අල්ලනවා වැනි ක්‍රියාවකි. සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ බල පිටත් වුයේ පළමු වතාවටය.
නිවසේ සිට මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට ළඟා වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත ගමන් කලේද පළමු වතාවටය. රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක් ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා දකින්නට නොලැබුණි. කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත. 3km පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා ආපසු හරි රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය. පළමු අවස්ථාවේ එය දකින්නට තරම් පිනක් සැලළිහිනියා හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු නොවන්නේය. එය දිනයේ සිදුවූ පළමු මග වැරදිමය. සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින් අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.
රිවෙර්ස්ටන් චාරිකාවට සහභාගිවූ කිහිප දෙනකුට මේ සඳහා සහභාගී වීමට නොහැකි වූ අතර සැලළිහිනියා සමග රජිත , සමිත්,සංජිව, තරිඳු , ඩොකා , අතුල සහ විෂාන් ඒ සඳහා එක්වුනි. පසුගිය රිවෙර්ස්ටන් චාරිකාවේදී කුරුණෑගල සිට මාතලේ දක්වා යාමට කිහිපදෙනෙක් සිටි නමුත් මෙවර කුරුණෑගලින් යාමට සිටියේ සැලළිහිනියා පමණි. එබැවින් මෙවර කුරුණෑගල සිට මාතලේ දක්වාම මෝටර් සයිකලයේ පිහිට ලබා ගන්නට සැලළිහිනියා සිතා ගත්තේ කුරුණෑගල සහ මාතලේ අතර බස් රථයක ගමන් කිරීම නිකරුනේ කාලය කා දැමීමක් වන නිසාය. එලෙසම සවස් වූ විට ආපසු කුරුණෑගලට පැමිණීමට නිසි සේවාවක්ද නොමැත. එවිට සිදුවන්නේ මාතලේ සිට කටුගස්තොට වෙත ගමන් කර මහනුවර කුරුණෑගල බස් රථයක පිහිට පතන්නටය. එය ඔලුව වටේ අත යවමින් කන අල්ලනවා වැනි ක්‍රියාවකි. සැප්තැම්බර් 20 වැනිදා දින උදේ පාන්දරම කුකුළා කිහිල්ලේ ගසාගත් සැලළිහිනියා මෝටර් සයිකලයේ පිහිට ලබාගෙන මාතලේ බල පිටත් වුයේ පළමු වතාවටය.
නිවසේ සිට මිනිත්තු 45 කින් කුරුණෑගල නගරයට ළඟා වූ අතර එතැන් සිට රිදීගම ඔස්සේ ඉබ්බාගමුව මාතලේ මාර්ගය වෙත ගමන් කලේද පළමු වතාවටය. රිදීගම නගරය පසු කර මද දුරක් ගමන් කරන විට යම් වෙනසක් දැනෙන්නට වුයේ පාර වැරදුනා වැනි හැඟීමක් ඇති කරමිනි.තව මද දුරක් ගමන් කලද බස් රථයක් හෝ ගමන් කරනවා දකින්නට නොලැබුණි. කිසිවක් අසා ගන්නට කවරෙකු හෝ නොමැත. 3km පමණ දුරකද ගෙවා අවසන්ය. ඕන දෙයක් කියා ආපසු හරි රිදීගම නගරයට ළඟ වෙමින් සිටියෙමි. එක්වරම මාර්ග සංඥා පුවරුවක මාතලේ යනුවෙන් සඳහන් කර තිබුනේ නගරය මධ්‍යයෙහි වූ මාර්ගයය. පළමු අවස්ථාවේ එය දකින්නට තරම් පිනක් සැලළිහිනියා හට තිබුණි නම් පාර වැරැද්ද ගන්නට සිදු නොවන්නේය. එය දිනයේ සිදුවූ පළමු මග වැරදිමය. සිදුවූ අකරතැබ්බයෙන් විනාඩි 20ක් පමණ ප්‍රමාදයකින් අනතුරුව නැවතත් හැල්මේ ගමන් කලේ මාතලේ දක්වය.
![]() |
| ඉබ්බාගමුව මාතලේ මාර්ගයේ සුන්දර දසුන් |
Monday, February 25, 2013
අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - අවසන් කොටස
නොසෙල්වා තබන්නට සමත්විය. හදිස්සියට අල්වා ගන්නට කිසිවක්ද නැත. සැබවින්ම අප මුහුණ දුන්නේ ත්‍රාසජනක අවස්ථාවකටය. විනාඩි කිහිපයක්ම මේ ආකාරයෙන් නොසෙල්ව ගත කල අපට සිතට යම් සහනයක් දැනෙන්නට ගත්තේ ගලා ආ දැවැන්ත සුළං කඳ සහ මිහිඳුම ක්‍රමයෙන් පහව යන්නට ගත්තයින් පසුවය. ක්ෂණයෙන් අපගේ පා ඉක්මනක් කල අප මාර්ගය ඔස්සේ පහලට ගමන් කලේ නැවතත් ත්‍රාසජනක අවස්ථාව කට මුහුණ දීමට ප්‍රථමයෙනි. ඒ යන අතරතුරද ආරක්ෂිතයි හැඟුණ ස්ථානයක නැවතී ඡායරූප ගන්නටද අමතක නොකළෙමු. ඒ හැම අවස්ථාවකම අප විමසිලිමත් වුයේ හමන සුළඟ පිළිඹඳවය.
Thursday, February 21, 2013
ඇයට ඔබේ උදවු අවශ්‍යම මොහොතයි මේ..
කොළඹ විශ්වවිද්‍යාලයේ 3 වන වසරේ ඉගෙනුම ලබන හසංගිට පිට්‍යුටරි ග්‍රන්ථියේ ඉදිමීමක් නිසා මාසයක් ඇතුලත ශල්‍යකර්මයකට මුහුන
දෙන්න සිද්ධවෙලා.එය ඉතා ඉක්මනින්ම කලයුතු බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දැනට ගණන්
බලා ඇති ආකාරයට මේ සදහා රු ලක්ෂ 10 ක් පමණ වැයවේ..
අපි සමහර වෙලාවට සල්ලි හේතුවක් නැති දේවල් වලට
වියදම් කරන අවස්ථා තියෙනවා.. ඒත් හිතලා තියෙනවාද රු 100 ක් වැනි පොඩි
මුදලකින් කෙනෙක්ගේ ජීවිතයක් බේරගන්න පුලු වන් බව ?
මේ Facebook එකේ කෝටි ගණනක්
සිටින අපේම හදවතින් ගතිගුණවලින් පොහොසත් ශ්‍රී ලාංකික අපිට එය කිරීමට හැකියි..
මන්ද යත් අපේ රටේ කෙනෙකුගේ දුක අපි හැමෝටම දැනෙන හින්දා..
ඒ හින්දා පුලුවන් හැමෝම මේ පහත තියෙන ගිණුම් අංකයට
හැකිතරම් ඔබගේ ආධාරය ලබාදෙන්න.. ඇගේ ජීවිතය රැදී තිබෙන්නේ අපි අතේ බැවින් ඔබේ සෑම
සුළු මුදලක් පවා අපට වැදගත්..
ඔබට වැඩි විස්තර අවශ්‍ය නම් පහත අයගෙන් ඒ ගැන දැන
ගත හැකියි.. එමෙන්ම පහත සඳහන් Facebook ගිණුම් ඔස්සේ ඔවුනට INBOX කිරීමෙන්ද ඔබට තව අවශ්‍ය විස්තර ඇත්නම් ලබාගත
හැකියි..
Monday, February 18, 2013
අකීකරු මාතලී සමග රිවෙර්ස්ටන් බලා - පළමු කොටස
ඒ අපගේ NIBM ජිවිතයේ ගෙවී යන දෙවන වන වසරයි. 2010 ජුනි මාසයේ දිනෙක දෙවන වසරේ අධ්‍යාපන කටයුතුවල නිරත වන අතර කාලයේ අපගේ සහෝදර රජිත විසින් එයට සිය මිතුරන් සමග නිරතවූ විවිධාකාරී සංචාරයන් පිළිඹඳව නොයෙක් විට දැක්වූ අදහස් අපටද එවැනි චාරිකාවක් යාමට දැඩි උනන්දුවක් ඇති කරන්නක් වුණා. සිය චාරිකාවන්හි අත්දැකීම් සහිත ඡායරූප Facebook හරහාද අප වෙත එවීම තුලින් අවසානයේ තීරණය වුයේ අප දෙවන වසරේ සිසු පිරිසක් හැකි ඉක්මනින් චාරිකාවක නිරත විමටයි. දිනෙක දේශනයක් අවසානයේ
රජිත " අයියා, අපි ට්‍රිප් එකක් යමුද එන Week එකේ ?
සැලළිහිණියා " අහ් ඒක කියන්න තමයි මල්ලි මමත් මේ බලන් හිටියේ, දවසක් සංජීවත්, සමිතුත් කතා උනේ ඔය ගැන තමයි."
රජිත " එළකිරි අයියා, එහෙනම් මම වැඩේ ලේස්ති කරන්නම්, මේ සැරේ අපි රිවෙර්ස්ටන් යමුද?
රජිත " අයියා, අපි ට්‍රිප් එකක් යමුද එන Week එකේ ?
සැලළිහිණියා " අහ් ඒක කියන්න තමයි මල්ලි මමත් මේ බලන් හිටියේ, දවසක් සංජීවත්, සමිතුත් කතා උනේ ඔය ගැන තමයි."
රජිත " එළකිරි අයියා, එහෙනම් මම වැඩේ ලේස්ති කරන්නම්, මේ සැරේ අපි රිවෙර්ස්ටන් යමුද?
රිවෙර්ස්ටන් ගැන මිට කළින් අසා තිබුනද සැලළිහිණියා කිසි විටෙක් එම ප්‍රදේශයේ සංචාරය කර නොතිබුණි. එබැවින්
සැලළිහිණියා " නියමයි. මම රිවෙර්ස්ටන් ගිහිල්ල නැහැ. එහෙනම් මම OK "
රජිත" එතකොට සංජීව, සමිත් ? "
සැලළිහිණියා " මම කියන්නම් එයාලට , කොහොමත් එයාල දෙන්න ok "
රජිත" එළකිරි අයියා, එහෙනම් නවරත්නල දෙන්නයි, තරින්දු මල්ලියි , අතුලයි එන්නම් කිවා. තව චරිත් , රසිත, දිනේෂ් එක්ක එන්නම් කිව්වා"
සැලළිහිණියා " හරි එහෙනම් "
ඒ වන විට Lab එකේ සිට සංජිව සහ සමිත් අප සිටි දෙසට පැමිණෙමින් සිටි අතර,
රජිත" ආ මේ එන්නේ දෙන්නම , මොකද දෙන්නා කියන්නේ එන Week එකේ රිවෙර්ස්ටන් යමුද? "
Subscribe to:
Comments (Atom)





















