කාලයක පෙර මේ ආසන්නතම වටගොඩ ප්‍රදේශයේ සිදුවූ අමිහිරි සිදුවීමක මතකයද සිතේ නලියන්නට විය. කෙසේ හෝ දුම්රිය මහා වර්ෂාව මැද මෙලෙස නතරවන්නට වූ හේතුව පැවති මහා ධාරානිපාත වර්ෂාව නිසා ග්‍රේට් - වෙස්ටර්න් දුම්රිය ස්ථානය අසල වූ දැවැන්ත ග්‍රේට් - වෙස්ටර්න් කඳුවැටියෙන් ගලා ආ මහා ජල කඳ සමග පැමිණි විශාල පස් තට්ටුවක් දුම්රිය මාර්ගය හරහා රැඳී මාර්ගය යටවිමය. එම හේතුව නිසා දුම්රියට එතනින් එහාට යාමට නොහැකි වී තිබීමය විනාඩි කීපයක දැවැන්ත මෙහෙයුමකින් පසු දුම්රිය ග්‍රේට් - වෙස්ටර්න් දුම්රිය ස්ථානය කරා ළඟා විය. මහා වර්ෂාව තරමක් තුරල්ව පැවතියද දැඩි ශීතල තදින් අප පෙලන්නට විය. ග්‍රේට් -වෙස්ටර්න් හිදී සැලළිහිණියා ඇතුළු පිරිවර සමුහ ඡායාරෑපයකට පෙනී සිටියෙමු.
Wednesday, January 30, 2013
යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - දෙවන කොටස
Saturday, January 19, 2013
යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - පළමු කොටස
සැලළිහිණියා සිය පළමු අනුරාධපුර චාරිකාව පිළිඹඳ පොස්ටුවෙන් ආරම්භ කලාවූ බ්ලොග් පොස්ටු ලිවිම තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිය 2වන පොස්ටුව වෙත පැමිනීමට සුදානම් වෙයි. ලැබෙමින් පවතින ප්‍රතිචාර සම්බන්ධව ස්තුතිය පලකරන අතරම මිළඟට ලිවීමට අදහස්කළ පොස්ටුව ලිවිම පසෙකට තබා මීට වසර කීපයකට කලින් සැලළිහිණියාගේ මිතුරන් කීපදෙනෙක් කැටුව සංචාරය කලාවූ බණ්ඩාරවෙල ගමන පිළිඹඳ සුන්දර අතීත මතකයන් අවදි කරන්නටයි මේ සුදානම. අදියර කීපයකින් මෙම පොස්ටුව ලිවීමට අදහස් කරගෙන අද එහි පළමු කොටස ඉදිරිපත් කරන්නම්.
ඒ 2007 වර්ෂයේ සැප්තැම්බර් මාසයයි. සති කීපයක සිට කොහේ හෝ චාරිකාවක නිරත වීමට සැලළිහිණියාත් ,තරංගත් දිගින් දිගටම ඒ වෙනුවෙන් ක්‍රියා කරමින් සංවිධාන කටයුතු වල නිරත වුනා. ඒ සඳහා පිරිස් එක්කාසුව හිතු තරම් ලේසි පහසු උනේ නැහැ. මුලින් එන්නම් කියූ සමහර ය අවසානයේ නොයෙක් කතන්දර කියමින් එන්නට නොහැකි බව ප්‍රකාශ කරද්දීත් කෙසේ හෝ ඒ සඳහා අවසානයේ අචලත්, අරුණත් සමග ඩයන් අවසානයේ කැමැත්ත ප්‍රකාශ කරන්නට වුනා. මුලින්ම නුවරඑළියේ යාම සඳහා සුදානම් වූ අප සැප්තැම්බර් මාසයේ 06 වන දිනය ඒ සඳහා යොදා ගත අතර අවසාන මොහොත දකවාම නුවරඑළියේ නවතින්න තැනක් පිළිඹඳ කිසිදු විස්තරයක් ප්‍රකාශ වුයේ නැහැ.
දින තුනක චාරිකාවක් සඳහා අවැසි බඩු බාහිරාදිය රැගෙන අප නානුඔය දක්වා දුම්රියෙන් ගමන් කරන්නට සුදානම් ව ආසන්නම ගිරිඋල්ල නගරය වෙත පෙ:ව 7.30 වනවිට ලගාවුනා. කොළඹ කොටුවෙන් පෙ:ව 9.45 ට බදුල්ල දක්වා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය ඒ සඳහා යොදාගන්නට තීරණය කොට අවසානයේ එය නවත්වන දුම්රිය ස්ථාන කවරක්දැයි යන්න සොයා බැලුවිට අවාසනාවට මෙන් අපට ආසන්නම මීරිගම දුම්රිය ස්ථානයේ එය නොනවත්වන බවත් පෙව 11.00ට පමණ එය පොල්ගහවෙල දුම්රිය ස්ථානය කර ළඟාවන බවත් දැනගන්නට ලැබුණා. ඊට අමතරව වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවත්වන අතර අප වේයන්ගොඩට නොගොස් අලව්ව හරහා පොල්ගහවෙලට යාමට කතිකා කර ගත්තා
ගිරිඋල්ලේ සිට අලව්ව දක්වා දිවෙන බස් රථයකට
ගොඩවූ අප එය කීයට ගිරිඋල්ලෙන් පිටත් වන්නේ දැයි විමසා සිටිය.
Thursday, January 10, 2013
අනුරපුරයේ සංචාරය
නමෝ විත්තියෙන් ඇරඹුන 2013 වසරේ සැලළිහිණියා ස්වකීය නෙතින් දැකි සවනින් ඇසූ මතකයේ රැදි සටහන්
මෙලෙසින් ඔබ හා බෙදා ගැනීම ආරම්භ කරන
වගයි......
"පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ
සරණයුගසපුමල කැලෙව් තුඩ මඳ රතින මනහරනිලුපල් දෙලෙව් සම්වන පිය පිය පතරවලින් කළ
රූඑව් – එබැවින් නුබින් එනවරනිලූද ළඳ සිඳඹුවො දිගු වරලැ නිලූනිලූ ද වට බිගු පෙළ අද
තඹරු නිලූවන දෙව් ලියෝ නො කෙළොද සවැන අබරණඑන මඟැ දුකෙක් නොවී ද සබඳනි කළණසන හස
බැඳුණු තැන නොහරන කැරැ දියුණවෙන සැප කුමට තොප දකිනා එමැ පමණ....."
සැලළිහිණි සංදේශ කාව්‍ය තුල
ඉහත ආකාරයෙන් සැලළිහිණියා පිලිබදව
වර්ණනා කොට ඇති අතර මෙම නාමය තොරා ගැනීමට එයද විශේෂ වූ
හේතුවක් වූයේය. එමෙන්ම තවත්
සුවිශේෂී හේතුවක් මෙම නාමය තෝරාගන්නට හේතුවක් වුයේය. එය
පසුවට පවසන්නම්.. එසේනම් සැලළිහිණි පුරාවත මෙතකින් දිග හරිනට
අවසරය........
නමෝ විත්තියෙන් ඇරඹුන 2013 වසරේ සැලළිහිණියා ස්වකීය නෙතින් දැකි සවනින් ඇසූ මතකයේ රැදි සටහන්
මෙලෙසින් ඔබ හා බෙදා ගැනීම ආරම්භ කරන
වගයි......
"පුල් මල් කෙසරු මෙන් – රන්වනි තෙලෙ සරණයුගසපුමල කැලෙව් තුඩ මඳ රතින මනහරනිලුපල් දෙලෙව් සම්වන පිය පිය පතරවලින් කළ රූඑව් – එබැවින් නුබින් එනවරනිලූද ළඳ සිඳඹුවො දිගු වරලැ නිලූනිලූ ද වට බිගු පෙළ අද තඹරු නිලූවන දෙව් ලියෝ නො කෙළොද සවැන අබරණඑන මඟැ දුකෙක් නොවී ද සබඳනි කළණසන හස බැඳුණු තැන නොහරන කැරැ දියුණවෙන සැප කුමට තොප දකිනා එමැ පමණ....."
සැලළිහිණි සංදේශ කාව්‍ය තුල
ඉහත ආකාරයෙන් සැලළිහිණියා පිලිබදව
වර්ණනා කොට ඇති අතර මෙම නාමය තොරා ගැනීමට එයද විශේෂ වූ
හේතුවක් වූයේය. එමෙන්ම තවත්
සුවිශේෂී හේතුවක් මෙම නාමය තෝරාගන්නට හේතුවක් වුයේය. එය
පසුවට පවසන්නම්.. එසේනම් සැලළිහිණි පුරාවත මෙතකින් දිග හරිනට
අවසරය........
Thursday, January 3, 2013
සුභ නව වසරක් වේවා !!!!
අතීතයෙන් ඉගෙන ගත්තා වූ පාඩම් මතකයේ දරා ගනිමින්, වර්තමානයට ගැලපෙන අයුරින් දිවි ගෙවමින්,
අනාගතයට යහපත් බලාපොරොත්තු පොදි බැදගත් දිවියකට,
සුබ නව වසරක් වේවා !!!
Saturday, March 31, 2012
වසර කීපයකට ඉහතදී අලුත්නුවර අම්බුලුවාව සහ ශ්‍රී දළදා මාළිගාව නැරඹු අවස්ථාව
අලුත්නුවර අම්බුලුවාව සහ ශ්‍රී දළදා මාළිගාව
දයාබර විදුමව්නි අවසරයි සමුගන්න
දොළොස් වසරක් මතකයන් සිතේ දරාගෙන..
සුදු වතින් මා ගත සරසවාගෙන..
පොත් මිටිය පපුවට තුරුළු කොට ගෙන..
පැමිණියෙමි ඔබ වෙත අකුරු උගනෙන්න..
කාලය ගතවුණා මටත් නොදැනෙන්න..
දිනය ළංවුණා ඔබෙන් වෙන්වෙන්න..
කෙලෙස ඉවසම්ද ඔබව හැරයන්න..
දයාබර විදුමව්නි අවසරයි සමුගන්න......
Monday, January 9, 2012
සුභ නව වසරක් වේවා !!!!
Happy 2012
As the new year blossoms, May the journey of your life be fragrant with new opportunities,
Your days be bright with new hopes and your heart be happy with love!
Happy New Year!
Subscribe to:
Posts (Atom)