සැලළිහිණි සංචාරයන් පිළිඹඳව පොස්ටු කීපයක් ඉදිරිපත් කල සැළලිහිණියා අද මේ සුදානම් වන්නේ අපගේ NIBM දිවියේ අත්විඳි එක්තරා සුන්දර මතකයක් ආවර්ජනය කරන්නටය.
2007 වර්ෂයේ අග භාගයේ NIBM කුරුණෑගල මධ්‍යස්ථානයේ පරිගණක සහතික පත්‍ර පාඨමාලාව සඳහා සැළලිහිණියා ,තරංග ,අචල, මදුසංක සහ හර්ෂන් ඇතුලත් වුයේ තරංග සහ සැළලිහිණියා පරිගණක පාඨමාල සඳහා සුදුසු ආයතනය සොයා යාමෙන් පසු සැළලිහිණියාගේ සොයුරියක දැක්වූ අදහසක ප්‍රතිඵලයක් වශයෙනි.
කෙසේ හෝ අවසානයේ අප NIBM ශිෂ්‍යයන් වීමු. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව අවසානයේ NIBM ආයතනයේ BSc In MIS උපාධියේ පළමු වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අප සුදානම් වුවත් කුරුණෑගල මධ්‍යස්ථානයේ ඒ වනවිට එම අදියර සඳහා සුදුසුකම් නොතිබුන බැවින් කොළඹ පිහිටි NIBM ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගොස් එහිදී පළමු වසරේ අධ්‍යාපන කටයුතු කරන්නට සිදුව තිබුණි. එහිදී තරංග කොළඹ NIBM ප්‍රධාන මධ්‍යස්ථානය වෙත ගොස් පළමු වසරේ අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි වුවද සැළලිහිණියා හට සහතික පත්‍ර පාඨමාලාව කාලය තුලදී පරිගණක භාෂාවන් පිලිඹඳව ඇතිව තිබු අකමැත්ත මත ඒ සඳහා යොමු නොවී දෙල්කඳ පිහිටි ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට යොමුවිය. කෙසේ හෝ මාර්තු මාසය වනවිට පරිගණක සහතික පත්‍ර පාඨමාලාවේ විභාග ප්‍රතිඵල නිකුත්ව තිබුණි. සැළලිහිණියා එම අදියරේ සාර්ථක ජයක් ලබා තිබුණි.
මැයි මාසය අවසානයේ ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද ඩිප්ලෝමාවේ අවසන් පරීක්ෂණයද පවත්වා අවසන් වූ අතර කුරුණෑගල NIBM මධ්‍යස්ථානයේ නව ගොඩනැගිල්ලේ ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබු බැවින් ඉදිරි මාස කීපය තුල කුරුණෑගල මධ්‍යස්ථානයේ BSc In MIS උපාධියේ පළමු හා දෙවන වසරේ අධ්‍යන කටයුතු ආරම්භ වන බව දැනගන්නට ලැබුණි. ඒ අනුව 2008 ඔක්තෝබර් මාසයේ දිනක කුරුණෑගල මධ්‍යස්ථානයේ පළමු කණ්ඩායම ලෙස BSc In MIS උපාධියේ පළමු වසරේ අප අපගේ අධ්‍යාපන කටයුතු ආරම්භ කළෙමු.