Wednesday, February 6, 2013

ගුරුතුමා පුදුමයට පත් කල උපන්දින සාදය

සැලළිහිණි සංචාරයන්  පිළිඹඳව පොස්ටු කීපයක් ඉදිරිපත් කල සැළලිහිණියා අද මේ සුදානම්  වන්නේ අපගේ NIBM  දිවියේ  අත්විඳි  එක්තරා සුන්දර මතකයක් ආවර්ජනය  කරන්නටය.  

2007 වර්ෂයේ අග භාගයේ  NIBM  කුරුණෑගල  මධ්‍යස්ථානයේ  පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  සඳහා සැළලිහිණියා ,තරංග ,අචල, මදුසංක සහ හර්ෂන් ඇතුලත් වුයේ   තරංග සහ සැළලිහිණියා පරිගණක පාඨමාල  සඳහා  සුදුසු  ආයතනය සොයා  යාමෙන් පසු සැළලිහිණියාගේ සොයුරියක දැක්වූ  අදහසක ප්‍රතිඵලයක් වශයෙනි.  



කෙසේ හෝ අවසානයේ  අප  NIBM  ශිෂ්‍යයන්  වීමු. පරිගණක සහතික පත්‍ර පාඨමාලාව  අවසානයේ  NIBM ආයතනයේ BSc  In MIS  උපාධියේ පළමු  වසරේ අධ්‍යාපන කටයුතු සඳහා අප සුදානම් වුවත්  කුරුණෑගල මධ්‍යස්ථානයේ ඒ  වනවිට එම අදියර සඳහා සුදුසුකම් නොතිබුන බැවින් කොළඹ පිහිටි  NIBM ආයතනයේ ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත ගොස්  එහිදී  පළමු වසරේ අධ්‍යාපන කටයුතු  කරන්නට   සිදුව තිබුණි. එහිදී තරංග කොළඹ   NIBM ප්‍රධාන මධ්‍යස්ථානය  වෙත  ගොස් පළමු වසරේ  අධ්‍යාපන කටයුතු සඳහා ලියාපදිංචි වුවද සැළලිහිණියා හට සහතික පත්‍ර පාඨමාලාව  කාලය තුලදී  පරිගණක භාෂාවන් පිලිඹඳව  ඇතිව තිබු අකමැත්ත මත ඒ සඳහා   යොමු  නොවී  දෙල්කඳ පිහිටි ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමා පාඨමාලාවක් හදාරන්නට යොමුවිය. කෙසේ  හෝ  මාර්තු    මාසය වනවිට පරිගණක සහතික පත්‍ර පාඨමාලාවේ විභාග ප්‍රතිඵල නිකුත්ව  තිබුණි. සැළලිහිණියා එම  අදියරේ සාර්ථක ජයක්  ලබා  තිබුණි.

මැයි   මාසය අවසානයේ  ටෙලිවිව් ආයතනයේ Grapic Design පිලිඹද  ඩිප්ලෝමාවේ අවසන් පරීක්ෂණයද  පවත්වා අවසන් වූ අතර කුරුණෑගල  NIBM මධ්‍යස්ථානයේ   නව ගොඩනැගිල්ලේ  ඉදි කිරීම් අවසන් අදියරට පැමිණ තිබු  බැවින් ඉදිරි මාස  කීපය තුල කුරුණෑගල  මධ්‍යස්ථානයේ  BSc In MIS උපාධියේ පළමු  හා  දෙවන වසරේ අධ්‍යන කටයුතු  ආරම්භ වන බව  දැනගන්නට ලැබුණි. ඒ අනුව 2008 ඔක්තෝබර් මාසයේ  දිනක  කුරුණෑගල මධ්‍යස්ථානයේ  පළමු කණ්ඩායම ලෙස BSc In MIS උපාධියේ  පළමු  වසරේ  අප අපගේ  අධ්‍යාපන කටයුතු ආරම්භ කළෙමු.

Tuesday, February 5, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - අවසන් කොටස

සැලළිහිනියා ඇතුලු පිරිස    ඊයේ දිනයේ ගමන ආරම්භ කල පසුව යන ස්ථානයක් දැන  ගමන ආරම්භ කරන පළමු අවස්ථාව උදාවුයේ  බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදීය. බදුල්ල බලා යන  ප්‍රමාද වූ  රාත්‍රී තැපැල් දුම්රියත්,  කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියත්  යන දෙකෙන් කුමන දුම්රියේ  අපගේ  ගමනාන්තය යන්න තීරණය වන අවස්ථාව  උදාවිය. තරංගයා පෙරමුණේ රාල වී දුම්රියට නැගුණේය.  එය කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියයි. ඒ  අපගේ  සංචාරක ඉසව්ව  වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය  කර ගමන් කිරීමටය. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අපට තරංගගේ  අයියන්ඩිය විසින්  හඳුන්වා දුන් අමුත්තා ප්‍රකාශ කල පරිදි වටිනා දුෂ්කර ගමන් මාර්ගයක පිහිටි ස්ථානයක් නැරඹීමට  පිණිස අප ඉදල්ගස්හින්න  දක්වා දුම්රියෙන් ගමන ආරම්භ කළෙමු.  ඊයේ රාත්‍රියේ  නොදුටු දියතලාව,හපුතලේ ප්‍රදේශ පසු කරමින් අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කරා ළඟා වීමු.

Wednesday, January 30, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - දෙවන කොටස


ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය පෙනෙන  සිමාවේ එක්වරම  දුම්රිය නැවැත්වීම අප සෑම දෙනාටම   මහත්වූ කුතුහලය දනවන සිදුවීමක් විය.   ඒ අතරම දුම්රිය ස්ථානය දෙසින් කීපදෙනෙක් උදළු තල සහ තවත් උපකරණ රැගෙන මග නැවතී ඇති දුම්රිය කරා එන ආකාරය පෙනෙන්නට  වීමද අපහට  සිදුවන්නේ  කුමක්දැයි සිත ගන්නට නොහැකි දෙයක් බවට  පත්ව තිබුණි ...   

කාලයක   පෙර මේ ආසන්නතම  වටගොඩ  ප්‍රදේශයේ  සිදුවූ අමිහිරි  සිදුවීමක මතකයද  සිතේ නලියන්නට විය.  කෙසේ හෝ   දුම්රිය  මහා වර්ෂාව මැද  මෙලෙස නතරවන්නට වූ හේතුව පැවති මහා ධාරානිපාත වර්ෂාව නිසා ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය  අසල වූ දැවැන්ත ග්‍රේට් - වෙස්ටර්න් කඳුවැටියෙන් ගලා ආ  මහා  ජල කඳ  සමග පැමිණි විශාල පස් තට්ටුවක් දුම්රිය මාර්ගය හරහා රැඳී මාර්ගය  යටවිමය. එම හේතුව නිසා  දුම්රියට  එතනින් එහාට යාමට නොහැකි වී තිබීමය  විනාඩි කීපයක දැවැන්ත මෙහෙයුමකින්  පසු දුම්රිය ග්‍රේට් - වෙස්ටර්න්  දුම්රිය ස්ථානය කරා ළඟා  විය.  මහා වර්ෂාව  තරමක් තුරල්ව පැවතියද දැඩි  ශීතල   තදින් අප පෙලන්නට විය. ග්‍රේට් -වෙස්ටර්න්  හිදී සැලළිහිණියා ඇතුළු පිරිවර  සමුහ ඡායාරෑපයකට පෙනී සිටියෙමු.