Tuesday, February 5, 2013

යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව - අවසන් කොටස

සැලළිහිනියා ඇතුලු පිරිස    ඊයේ දිනයේ ගමන ආරම්භ කල පසුව යන ස්ථානයක් දැන  ගමන ආරම්භ කරන පළමු අවස්ථාව උදාවුයේ  බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදීය. බදුල්ල බලා යන  ප්‍රමාද වූ  රාත්‍රී තැපැල් දුම්රියත්,  කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියත්  යන දෙකෙන් කුමන දුම්රියේ  අපගේ  ගමනාන්තය යන්න තීරණය වන අවස්ථාව  උදාවිය. තරංගයා පෙරමුණේ රාල වී දුම්රියට නැගුණේය.  එය කොළඹ බලා යන උඩරට මැණිකේ දුම්රියයි. ඒ  අපගේ  සංචාරක ඉසව්ව  වන ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය  කර ගමන් කිරීමටය. බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේදී අපට තරංගගේ  අයියන්ඩිය විසින්  හඳුන්වා දුන් අමුත්තා ප්‍රකාශ කල පරිදි වටිනා දුෂ්කර ගමන් මාර්ගයක පිහිටි ස්ථානයක් නැරඹීමට  පිණිස අප ඉදල්ගස්හින්න  දක්වා දුම්රියෙන් ගමන ආරම්භ කළෙමු.  ඊයේ රාත්‍රියේ  නොදුටු දියතලාව,හපුතලේ ප්‍රදේශ පසු කරමින් අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය කරා ළඟා වීමු.




හපුතලේ අපි 

ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ  පිහිටීම  වචනයෙන්   කිව නොහැකි තරම් මනස්කාන්ත වුත්  අලංකෘත වුත් පිහිටිමක්ය.  දුම්රිය ස්ථානයෙන් පිටිපස බිහිසුණු හෙලකි.. අලංකාරය නරඹන්නට ගොස්  හදිස්සියේ  හෝ  පය ලෙස්සා වැටුනේ නම්  තවමත් අප  හෙලට වැටෙමින් පවතින්නේය.   ඇතින් ක්ෂිතිජය දක්වා වූ   විශාල ප්‍රදේශයක්  මිදුම නොමැති අවස්ථාවන් වලදී  කිසිදු  බාධාවකින්  තොරව නරඹන්නට අපුර්ව ස්ථානයක්ය.  අපද ඉතා වාසනාවන්ත වීමු. දක්ෂිණ ලංකාවේ විශාල ප්‍රදේශයක පිහිටුම  කඳු මුදුනක සිට නෙතින්  බලන්නට වාසනාව  ලැබුනද  ඒතරම්  දුරක පැහැදිලි ඡායාරූප ගන්නට තරම් මගේ ජංගම දුරකතනයේ කැමරාව බලසම්පන්න නොවිය. ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයේ වහලයේ පැති දෙකෙන්  ජලය ගලා හැලෙන්නේ එක්  පසෙකින් මහවැලි ගඟ වෙතටත් අනෙක් පසෙන් වලවේ ගඟ උදෙසාය.  






එවන් අපුර්ව දුම්රිය ස්ථානයක  සුන්දර දසුන් නැරඹු අප  දුම්රිය ස්ථානයේ සිට  ඔහිය දෙසට  පා  ගමනින් ගමන ආරම්භ කළෙමු. මීටර් 100ක පමණ දුරක් ඇවිද ගිය  විට ඉදල්ගස්හින්න උප තැපැල් කාර්යාලය හමුවිය.  එතනට හපුතලේ සිට පැමිණෙන බස්රථ මාර්ගයද හමුවේ. එතැන් සිට කන්ද දෙසට විහිදී  යන  මාර්ගයක අප   ගමන් කළෙමු.  


එවිටම ගෑල් ළමයි පිරිසක් අප  අසලින්ම ගමන් කරන්නා වුයෙන් ඩයන්සහ අරුණ කන්ද  තරණය පසෙකලා  ගෑල් ළමයි පිරිස  සමග  කුළුපග වන්නට උත්සාහා දරන්නට විය. ඒ අතරම ගම්මානයේ හැඩිදැඩි පිරිසක්ද අවට ගැවසීම නිසාවෙන් හදිසි තත්වයක්  උත්ගත විමට ප්‍රථමයෙන් එම ස්ථානයෙන් නික්ම කන්ද  තරණය ආරම්භ කළෙමු.    

ඉහලට යත්ම ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානය  හා ඒ අවට ප්‍රදේශ පැහැදිලිව දක්නට ලැබුණු අතර ඒවා සැබවින්ම සුන්දර දසුන් විය. 


ඉදල්ගස්හින්නේ  සුන්දරත්වය


අපගේ  මාර්ගයේ  මුල්  කොටසේ නිවාස  කීපයක් දක්නට ලැබුණද  තියුණු නැගීම් ඔස්සේ  තවත් ඉහලට යාමේදී ජනශුනය ප්‍රදේශ  කරා අප ළගා වීමු.  එතනින් ඔබ්බට විශාල තේ වතුයායක් පවතී.  දැවැන්ත තේ වතුයාය  හරහා ගමන් කල අප වතුයායේ ඉම දක්වා  ගමන්  කලේ  දැඩි ආයාසයක් ගෙනය.  කඳු තරණයට කෝඩුකාරයකු වූ අචලයා  දැඩි වෙහෙසකට පත්වූ ආකාරයක් දකින්නට ලැබුන අතර, සැලළිහිනියා සුපුරුදු පරිදි අධිවේගී කඳු තරණයේ නිරත වීම තුල අනෙකුත් සගයන්හට එම වේගයෙන් කන්ද තරණය දැඩි වෙහෙසක් ගෙන දෙන්නට විය.

අචල "   කෝ බන් මේකේ ඉවරයක් නැද්ද? " 


තරංග "  නෑ  බන් තවම පටන් ගත්ත විතරයි "


අචල " මහන්සි බන්,  හිමින්  යමන් යකෝ.. අර සැලාට කියපන්  හිමින්  යන්න කියලා.  "

සැලළිහිනියා "  පරක්කු   නැතුව කන්ද නගිමු ළමයි  තව  කොතරම් දුරක් යන්න  තියනවද දන්නේ නෑනේ "

ඩයන් " අචලයට **/**-*/--*-**-*/-**-  මචන් සැලා  හෙමින්  යමන් "

අරුණ " :D  මමත්  මේ නොකිව්වට  මහන්සි  බොලව් "

මද වෙලාවකට කඳු තරණය නැවැත්වූ අප තේ වතුයායේ  ගිමන් හරින්නට වීමු. සම්භාව්‍ය 
ඡායාරූප කිපයකට පෙනීසිටි අප, නැවත  කඳු තරණය ආරම්භ කළෙමු. 









තේ වතුයායේ කෙලවර දක්වා පැමිණි අප  ඇතුළු වුයේ වන රක්ෂිතයේ පහල කෙලවර වූ  පයිනස් රක්ෂිතයටය. ගමනේ  වඩාත්ම දුෂ්කර කොටස ආරම්භ  වුයේ  මෙතැන් සිටය.සුළු අත්වැරදීමකින් පශ්චාත් භාගයට   දරුණු ලෙස හානි සිදුවන ආකාරයේ ලිස්සිම් සහ ඇදවැටීම් බහුලය. අධිවේගී කඳු තරණයේ සමතෙකු වන සැලළිහිනියාද  මෙම ලිස්සන සුළු පයිනස් වනයේ ගමන්කළේ ඉතා ප්‍රවේශමෙන් සහ  මන්දගාමී වෙහෙසකර ගමනක වුවද එය අන්‍යන්ට නොදැනෙන්නට වගබලා  ගත්තෙමි.  එන්න එන්නම්  තත්වය දරුණු වන්නට විය. පයිනස් වනයේ   මධ්‍යයට  දැඩි ආයාසයකින් අප ළඟාවෙමින් සිටියෙමු. අප හැඳ සිටි  කමිස මහා වර්ශකට අසුවී දියබරිත වුවා  දහදියෙන්  තෙත්ව තිබුණි. අප  සියලු දෙනාම කමිස උනා දමා ගොලුබෙලි ගමනක යෙදෙන්නට වීමු. සියලු දෙනාම දැඩි වෙහෙසකට පත්ව  සිටියෙමු.  එයිනුත් අචලයාගේ තත්වය බරපතල වූ අතර තනිව කන්ද තරණය  ඔහුට අපහසු ආකාරයක් පෙනෙන්ට විය.
    

එය කොළඹ කොටුවේ සිට  බදුල්ල දක්වා මැදිරි  14ක්  රැගෙන  පැමිණෙන රාත්‍රී තැපැල් දුම්රියට තනි එන්ජිමක් මගින්  කඩුගන්නාව  තරණයට අපහසු බැවින්  සහයට තවත් එන්ජිමක් පසුපසට සවිකර තල්ලුව දෙනවා මෙන්  තරංග අචලට සහය වෙමින්  කන්දේ තරමක තැනිතලා ප්‍රදේශයක් කරා ළඟා වුයේය.    තරමක විවෘත  ප්‍රදේශයක්  වූ  බැවින් මනස්කාන්ත දර්ශන නිරාවරණය වන්නට විය.  තවමත් අප  කන්ද  මුදුනට ළඟා  වී  නොසිටියෙමු.  එතනින්  ඔබ්බට  යාම සඳහා කිසිදු  මාර්ගයක්ද නොවිය  අංශක 90ක පමණ දල නැග්මක්  එතනින් ඔබ්බට පවතී.  ඔබ මොබ සැරිසරමින් ඉහලට යන්නට මරයක් සොයා එය  ඉටු නොවූ තැන අප දොම්නසට පත්වීමු. ආපසු හරි  යාමටද නොහැකිය.  මීටර 100ක පමණ ඉතිරිවූ දුරද කෙසේ හෝ තරණය  කල යුතුමය.  ඉහලට යාම සඳහා මගක් සොයමින් සිටින අතරතුර  කන්ද උද සිට  පහලට ජලය ගලා ඒම නිසා  නිර්මාණය වූ  පඩිපෙලක ආකාරයේ මගක් සැලළිහිනියාගේ  උකුසු ඇසට  නිරීක්ෂණය විය.   වහාම එම ස්ථානය  කරා ගමන් කර අනෙක් අයටද එය පෙන්වීමි. 

තරංග "
මචන් සැලා බලපන්  එහෙනම් ඔතනින්   උඩට යන්න  පුලුවන්ද කියලා "

සැලළිහිනියා"  ඉන්න මම  බලන්නම්"

ඩයන්  " හරි  මචන්  පරිස්සමෙන් නැගපන් "

සිතුවා නිවැරදිය  එම   ස්ථානයෙන්  එල්ලී එල්ලී  ඉහලට යාම කලහැක.  නමුත්  එය  ඉතාම අවදානම් ගමනකි.  සුළු අතපසුවීමකින්  පශ්චත් භාගයද හානි කරගනිමින් පයිනස් වනය දිගේ  පහල වූ තේ වත්ත කරා අධි වේගයෙන්  ලිස්සා යාමටද බැරිකමක්  නැත. එවන් තත්වයක් වුවද ඉහලට යාමට  ඇති එකම මග අතහැර දැමිය  නොහැක    ඉහලට   යාමට  මගක්  නොමැතිව සිටි  අප  හමුවූ   එහෙත් අවධානම ඇදිල මේ මග ඔස්සේ  ඉහලට  නගිනට තීරණය කළෙමු. පළමුව සැලළිහිනියා ඒ මග ඔස්සේ  කන්දේ මුදුනතට ළඟාවිය. හාත්පස දුටු දර්ශනයන්  කොයි තරම් චමත්කාරජනක වුවාදැයි  කියනවනම් අනෙක් උන් කන්ද  පහල  සිටින බවද අමතක විය. එක්වරම පහලින් කෑගසන හඬක් ඇසුණි.
   

තරංග "මචන් සැලා  මොකද තත්වේ?   උඩටම යන්න පුලුවන්ද? "

සැලළිහිනියා "  හරියෝ  උඩටම  යන්න පුළුවන්. ඉන්න මම එන්නම් "

සැලළිහිනියා නැවතත් මදක් පහලට  ගමන්කළේ අනෙක් පිරිසද කන්ද මුදුනතට රැගෙන එමටය.  මුලින්ම අචලයා ඉහලට ගන්නට උත්සහ කළෙමු.  සිතුවාට වැඩ  එය අසීරු කටයුත්තක් විය. එය අචලයාගේ  පයිනස් කන්ද  තරණයට හපන් විය. පහලින්  තරංග තල්ලු  කරන අතරේ    
සැලළිහිනියා අචලයාව ඉහලට අදින්නට විය. දැඩි ආයාසයකින් පසුව  අචලයා   කිසිත් සිදු  නොවූවකු සේ කන්ද මුදුනට දිව යන්නට  පටන්  ගත්තේය.  ඒ  තරම්  අසීරු නොවුනද අනෙක් පිරිසත්  අසීරුවෙන් කන්ද මුදුනතට පැමිණියේය.  හාත්පස දුටු දර්ශනයන්ගෙන් මෙතෙක් වේලා අප වෙලා තිබු  දැඩි වෙහෙසකර  ස්වභාවය  කොහෙන් නැති වුවාදැයි සිත  ගන්නට  නොහැකි විය. ඒ තරම්ම සුන්දර  මනස්කාන්ත දර්ශනයන්  අප  වටා දර්ශනය විය.  වලාකුළු අපට  ඉතාම ආසන්න ආකාරයක්  දක්නට ලැබේ.  හාත්පස  ඉතාම පැහැදිලිය  ඉදල්ගස්හින්නෙන්  පහල දුටු දක්ෂිණ ලංකාව තවත්  සුපැහැදිලි ලෙස නරඹන්නට අප  වාසනාවන්ත වීමු.   වචනයෙන්  කිව නොහැකි සුන්දරත්වයක් මධ්‍යයේ  අප  බොහෝ වෙලා  ගිමන් හරින්නට වීමු.  








එක පසෙක  ලෝකාන්තයේ පිහිටීමට  සමාන තියුණු බැවුමකි.   හදිස්සියේ  හෝ පය ලිස් සා  ගියේ නම්  තවමත් අප පහලට වැටෙන්නේය.  පහල   නිම්නයේ රත්නපුර දෙසින් පැමිණෙන මාර්ගය,  බෙරගල ප්‍රදේශය  සහ  බෙරගලින්  පොතුවිල් දෙසට යන  මාර්ගයත්  බදුල්ල දෙසට  යන  මාර්ගයත් දකින්නට  ලැබුණි. ඒ  තරම්  දුරක ඡායාරූප ලබාගන්නට තරම් අප සතු  ජංගම දුරකථන කැමරා  අසමත් හෙයින්, ඒ අදහස අතහැර දම   ආසන්න ප්‍රදේශවල ඡායාරූප සටහන් කර  ගත්තෙමු.  






බලාපොරොත්තු නොවූ ආකාරයේ චාරිකාවක නිරත වූ අප අද මේ  ලඟා වුයේද  කිසි දිනෙක අප යාමට  සිතා සිටි ඉසව්වක්  කරා ද නොවේ.  එනමුත්  අනපේක්ෂිත ආකාරයෙන් සුන්දර පරිසර පද්ධතියක් වෙත  එන්නට අප  වාසනාවන්ත වීමු.  බොහෝ වෙලාවක් කන්ද මුදුනත සිටි අප තව දුරක්   ඉදිරියට ගැන කලේ  පහලට ඒමට  මගක්  සොයා ගන්නටය.  අප  ඉහලට  පැමිණි මග ඔස්සේ  පහලට යාම  ඉතාම අවදානම් වූ  හයින්  වෙනත් මගක්  සොයා  කන්ද  දිගේ ඔහිය දෙසට ගමන්  කළෙමු.   යනවා යනවා ඉවරයක්  නැත. දෙපසේම   තිබෙන්නේ තියුණු බැවුම් පමණි. පවතී  ඝනව  වැඩුනු කැළෑව  මතින්      කිලෝමීටර 1ක් පමණ දුරක්  කන්ද  මතින් බලාපොරොත්තු කඩවු ගමනක  නැවතත් අප නිරත වීමු. 











අවසානයේ  කඳු දෙකක්  යා වන ස්ථානයක් කරා  ළඟා  වූ අතර  එම ස්ථානයේ  උල්වූ  දැවැන්ත කළු  ගලක මුදුනතින් ගමන්  කරන්නට සිදු විය.   එයද අවදානම් ගමනක්ම විය.  සුපුරුදු පරිදිම සැලළිහිනියා ඒ  හරහා යමින් අනෙක් පසට ගමන් කල අතර  තරංග දෙවනුව පැමිණෙන්නට විය. ඊලගට අචලයාගේ වාරයයි. අනෙක් සියලු දෙනාම ඇවිදගෙන  එය  තරණය   කලද අචලයා  දැඩි ලෙස   වෙව්ලමින්  බඩගා එය   තරණය  කිරීම අප  සැමට  ගෙන දුන්නේ  විනෝදයකි. අප විසින්  කොතෙකුත් කතන්දර  කීවද  අචල නොවේ එය පිළිගත්තේ.    මෙම  අවස්ථාව විඩියෝ  ගත කල  අතර   එය දකින  හැම  වාරයක්ම පාසා මෙම චාරිකාවේ අප මුහුණ දුන්  අවස්ථාවන්  නිරන්තරයෙන් මතකයට නැගෙන්නේය.




අචලගේ  කඳු තරණය 
කඳු මුදුනත ආරම්භක  ස්ථානයේ සිට කිලෝමීටර 1.5 පමණ කන්ද දිගේ  ගමන් කිරීම නිසා අප  යායුතු දිශාව  පිලිඹදව  වැටහීමක් නොමැති ආකාරයක්  දැනුනා. කෙසේ නමුත් අවසානයේ තීරණය  කලේ කඳු මුදුනතින්  වම පැත්තේ බේසම ඔස්සේ   පහලට යාමටයි.   එහිදී  දුම්රිය මාර්ගය හමුවන  බව උපකල්පනය කරමින්.  මද දුරක් බැවුම මතින් පහලට   ගමන් කිරීමේදී නැවතත් පයිනස් වනයකට  ඇතුල් වුන අප  සීරුවෙන්  පහලට  ගමන්කරේ ගමනේ  වූ අවදානම  සිතේ රඳවා ගනිමිනුයි. තවත් වෙලාවක්  පයිනස් වනයේ ගමන්කර අප  ලඟා වුයේ තේ වතුයායක කෙලවරටයි.  එතන පහලින් දුම්රිය මාර්ගය දර්ශනය වීම මෙතෙක් වෙලා  අප මංමුලා වුවායැයි  සිතේ  තිබු  බිය  පහව  යන්නට විය.  මේ ආකාරයෙන් මද වෙලාවක් ගතවූ පසු  දුම්රියක් ධාවනය වනු දුටු  අතර එය  පැමිණෙන්නේ බදුල්ල දෙසින් බවත්   අවබෝධ විය.  මේ   අවස්ථාව  වනවිට අප සතුව මාලිමා   යන්ත්‍රයක් , සිතියමක්  හෝ අඩුම තරමින් වතුර බෝතලයක් හෝ අප සතුව  නොතිබුණි. තේ වත්ත ඔස්සේ  පහලට බැස දුම්රිය මාර්ගය කර  අවතීර්ණ වුයේ  කඳු  තරණයක  නිමවා  සටහන් කරමින්ය.  














දුම්රිය මාර්ගය දිගේ  ඉදල්ගස්හින්න දක්වා එන  අතරතුර  තරංග  එකවරම  දුම්රිය මාර්ගය   හරහා  නිදාගත්තේ,

"මට නම්  මෙතනින් අඩියක් එහාට  යන්න බෑ   මාව  උස්සන්  පලයල්ලකෝ "

ඒ අවසරයෙන්  ඩයන් සහ අචල ඒ ආකාරයෙන්  දුම්රිය මගේ හරහට නිදාගන්නට වුනා.  ඒ  සියලු දෙනාම උසින් අඩි 5'6 ඉක්මවූවන් බැවින් දුම්රිය මාර්ගයේ  පළලට වඩා ඔවුන් දිගින් සිටිය  අවසානයේ 
සැලළිහිනියාද එලෙස පිලි අතර නිදාගන්න  උත්සහ කලද  සැලළිහිනියාගේ උස අඩි 5'6 වීම තුල  සිටින්නට වුයේ පිලි අතර සිල්පර කොටයක්  මතය.









එතනින් නැවත ගමන ආරම්භ කරන විට  අප දුටුවේ  ඩයන් දුම්රිය මාර්ගය හරහා සිල්පර කොටයක් මත නිදා සිටීම  නිසාවෙන් ඔහු  හැඳ වුන්  සුදු පැහැ කොට කලිසමේ පිටුපස දැඩි කුණු පැල්ලමක් ඇතිව තිබුණි.   මේ ආකාරයෙන්  ටික දුරක් දුම්රිය මාර්ගය ඔස්සේ  ගමන් කරනවිට නැවත අප ඉදල්ගස්හින්න දුම්රිය ස්ථානයට ළඟා වීමු.   හපුතලේ දක්වා ගමන් කරන්නට බස් රථයක්  හෝ දුම්රියක් තිබේදැයි විමසා සිටිවිට දැනගන්නට ලැබුනේ තවත්  විනාඩි 30 කින් පමණ බදුල්ල දෙසට ධාවනය වන මිශ්‍ර දුම්රිය  පැමිණෙන බවය. දුම්රිය මාර්ගය දිගේ ඇවිදිමින් හපුතලේ දක්වා ගමන්කිරීමට මුලින් සිත  සිටියද අප පෙලන  ලද දැඩි වෙහෙස එම ගමන වෙනස්කර දුම්රියේ ගමන් කිරීමට තීරණය කළෙමු. 

අප තරණය කලේ ඇතින් පෙනෙන  කඳු වැටියයි  

දුම්රිය එනතුරු 


සුපුරුදු පරිදි ප්‍රමාදයක් සහිතව දුම්රිය ලඟා වූ අතර  එමගින් අප හපුතලේ දක්වා  ගමන් කළෙමු.




හපුතලේ බලා 



හපුතලේ දක්වා අපවත්  රැගෙන දුම්රිය  රැගෙන ආ එන්ජිම 

හපුතලේ  නගරයෙන්  පහල ප්‍රදේශය 



හපුතලේ  නගර මධ්‍යයේ පිහිටි ආපන ශාලාවකින් දිවා  ආහාරය ගනිමින් සිටින අතරතුර අචල කව්දෝ ගෑල් ළමයෙක්  සමග දුරකතනයේ කතා බහකි. මු  කියන දේවල් වලට අපට සිනා නොවී  ඉන්නට  අපහසුය.  ඒ අතරතුර  තරංග " අචල මෙහෙම කියපන්   මේක කියපන් .... " වශයෙන්  උපදෙස් දෙන්නටද  වුනා.  අවසානයේ අචලයාට කියවුනේ   " මෙහෙම  කරන්නලු  කියල  කියනවා යනුවෙනි.  තව පොඩ්ඩෙන් අචලයා වැඩේ වර්චස් කරගන්නවා නිසැකය.  දුරකථන සංවාදය එතැනින්ම නිමවුයේ අචල දැඩි ලෙස  බයිට් වීමෙන් අනතුරුවය.

දිවා  ආහාරය ගැනීමෙන් අනතුරුව  නැවතත් බණ්ඩාරවෙල දක්වා ගමන් කිරීමට දුම්රියක් තිබේදැයි විපරම් කලද  සවස 3 පමණ වනතුරු නැ වත දුම්රියක් බදුල්ල දෙසට  ධාවනය නොවන බව දැනගැනීමෙන් අනතුරුව බස් රථයකින් බණ්ඩාරවෙල දක්වා ගමන් කරෙමු.  පැය 1.5ක් පමණ ගතවූ එම ගමන අවසානයේ බණ්ඩාරවෙල නගරයට පැමිණ වලිමට නුවරඑළිය මාර්ගය දිගේ මද දුරක් ගමන් කලේ  ඩයන්   මෙයට පෙර  බණ්ඩාරවෙල පැමිණන නවාතැන් ගත ස්ථානයක් වෙත ගමන් කර  එහි හිමිකරුවන් හමුව කතාබස්  කිරීමටය.  අවාසනාවට එම නිවසේ  හිමිකරුවන්  නොසිටි බැවින්  එම නිවාස අසල කඳු ගැ ටයක් මත (  එම ස්ථානයේ සොහොන් පිටියක්ද තිබුණි ) මද වේලාවක් සිටි අප  නැවත බණ්ඩාරවෙල නගරය දක්වා ගමන් කිරීමට සුදානම් වීමු.  

එවිට ඩයන්  ප්‍රකාශ කලේ,
" මචන්ලා  මෙතනින්  පහල තියන වෙල දිගේ  ෂෝර්ට් කට්  එකකින් අපි  මිට කලින් සැරේ ටවුන් එකට  ගිය අපි  එකෙන් යමු.."





ඩයන් පෙරමුණේ රාල වි කන්දෙන් පහලට බසිමින්  නියරවල්  වැනෙන කුඹුරු දිගේ  හරි හමන්  පාරක් නොමැතිව  වැටි  වැටි ගමන් කරන අතරතුර ඩයන්  ප්‍රකාශ කලේ  
" මචන්ලා පාර වැරදුනා වගේ... පොඩ්ඩක්  අහල බලන්න ඕන.  එත් අහන්න එකෙක් කෝ "

තරංග සහ අරුණ " $@&)(*^@#*_+)&^&)+*&+)&)++* "මද වෙලාවකින් ඇළ මාර්ගයක් හරහා  තරණය කර  ඉහත්තාවේ පිහිටි නිවසක් වෙත ගමන් කරන අතර තුර අචලයා මරහඬ දුන්නේ " අඩෝ කුඩල්ලෝ  ඉන්නවෝ  මෙන්න සියක්  විතර එක පොදියට  එල්ලෙනවෝ "  අප සාමාජිකයින් එකිනෙකා එල්ලුන කුඩල්ලෝ ගලවා  දැමීමේ මහා සංග්‍රාමයකට නිරත වීමු.  අවසානයේ ඩයන් හට  මතක් කරමින් අතුරු මාර්ගයක් වෙත ගමන් කර අවසානයේ  පාර අතුගාමින් සිටි ගෑල් ළමයෙක්  මගින් අසා  සිටියේ,

ඩයන් "නංගි  බණ්ඩාරවෙල ටවුන් එකට යන්නේ  කොයි  පැත්තෙන්ද? "  

ගෑල් ළමයා  " ඔය  පාරදිගේ ඉස්සරහට ගිහින්   දකුණට හැරෙන්න "

ඩයන් " ස්තුතියි නංගි "

ගෑල් ළමයා කියූ මාර්ගය දිගේ  පැමිණියේ මද දුරකි. එම ස්ථානය  හොදට දැකල පුරුදු ස්ථානයක් බවට අපගේ සිතට පැමිණියේ නිරායාසයෙනි. වැඩේනම් මරේ මරුමය. ඩයන්යා  ෂෝට් කට්  එකක් ය කියමින් කුඹුරු ,ඇලවල්  කැලෑ  අස්සේ කුඩල්ලෝ කවමින්  අපව කිලෝමීටර 2ක් පමණ දුරක් ගෙනගොස් නැවත රැගෙන විත් ඇත්තේ අප මුලින් සිටිය සුසාන භුමිය සහිත   කඳු ගැටය මතටමය.

ඩයන්ගේ 
 ෂෝට් කට් එක ඔස්සේ ගමන්කර නැවතත්  සුපුරුදු මාර්ගය ඔස්සේ  ගමන්කර තරංග ගේ අයියාගේ නිල නිවාසය කරා පැමිණියෙමු.

අක්කා " මල්ලිලා අද  කොහෙද ඇවිදින්න ගියේ?"


තරංග " අක්කා අපි  ඉදල්ගස්හින්න පැත්තේ  ගියේ"


අක්කා" මල්ලිලා  දවල්ට  කාලද එන්නේ?  මම ඉක්මනට කෑම හදන්නද? "


තරංග " එපා අක්ක  අපි  හපුතලෙන් කාලා  ආවේ "


අක්කා " එහෙනම් මල්ලිලා වොෂ් එකක් දාගෙන එන්න මම  තේ හදල තියන්නම් "

උදැසන සිට දහදිය පෙරාගනිමින්  ඔබමොබ ගමන් කල අප  නිවසට පැමිණි විගස  එකිනෙකා නාන කාමරයට ගොස් හොද හැටි ස්නානය කරන්නට වීමු. ස්නානය අවසානයේ  අපට දැනුනේ පුදුමාකාර සුවයකි.  වෙලාව සවස 4.00 පමණ වුයෙන්  අක්කා සාදා දුන් තේ  පානය කල  අපි   අයියගේ  පරිගණකයේ  Need for speed II  play කරමින් සිටි අතර  අරුණයා  ඩයන් සහ අචල සමග   ක්‍රීඩාකර ජයග්‍රහණය කොට  මහත්වූ උජාරුවෙන් සිටි මොහොතක 
සැලළිහිනියා සමග තරඟ වදින්නට විය, අවසාන මොහොත  දක්වාම තියුණු තරගයක නිරත  වෙමින් සැලළිහිනියා ජයග්‍රහණය කළේය.  අප පැමිණි අවස්ථාවේ සිට  අයියගේ සිඟිති දියණියද අප අසල දැවටමින් සුරතල්  බස්  කියමින්  බොහෝ වෙලාවක්  කාලය ගත කළාය .

සවස 6.30 වන විට බණ්ඩාරවෙල නගරය කර  යාමට කතිකා කර ගතිමු.  කෙමෙන් කෙමෙන්   අදුර ගලෙන තරතුර අප  සියලු දෙන බණ්ඩාරවෙල නගරයේ  ඔබ මොබ සැරිසරමින් අපට අවශ්‍ය කරන  රාත්‍රී ආහාරය සඳහා  කොත්තු රොටි,  8% බෝතල් කීපයක් 
 සහ තවත්  නොයෙකුත් ද්‍රව්‍ය කීපයක් මිලට ගෙන  රාත්‍රී 8.30 පමණ වනවිට   රැගෙන නිල නිවාසය කරා පැමිණියෙමු.  ගෙන ආ දේවල්  කාමරයේ   තබා අප  රාත්‍රී ආහාරය ගෙන නැවතත් අයියන්ඩි ය සමගත්  දිගු කතා බහක නිරතව අප  කාමරය කර පැමිණියේ නිදා ගැනීමේ අටියෙනි.  තවත්  වෙලාවක් යනතුරු අයියගේ සිඟිති දියණිය අප අසල දැවටෙමින් කාලය ගත කල අතර රාත්‍රී 10.00 වන විට  අප  නිදා ගන්නට සුදානම් වුයේ පෙයකින් පමණ අවදිව 8% වග  කීමටය.  

කිසිදු   ශබ්දයක් නෑසෙන අයුරින් 8% ට වග කිවූ අප  නිදන්නට සුදානම් වුවද විටින් විට ඇතිවු මුත්‍රා  පිට කිරීමේ ක්‍රියාව  එක්තරා ආකාරයක වාදයක්ද  විය.  සමහරුන්  කාමරයේ වූ  ජනේලය  ඒ සඳහා  උපයෝගී කර  ගත්තද තවත්   සමහරුන්ට කෙලින්   ඇවිදගෙන යනවද  නිරීක්ෂණය කරමින්   අයියලට නෑසෙන අයුරින්  වැසිකිලිය දක්වාද  ගමන් කිරීම  විනෝදජනක විය. ඒ  අතරම  අරුණයාට අපත් සමග  ඉන්නට  බැරිය කියමින් සාලයට ගොස්  සෙටියේ   නිදා ගැනිමද සිදුවිය.  මේ  සියලු   ජරමර මතින් කිසිදු අපදාවකින්   තොරව උදැසන 5.30 වන තුරු සුවසේ නින්ද  ගොස්  තිබුණි.  උදැසනම අවදි වූ සිඟිති දියණිය අප සිටි කාමරයට පැමිණ අප සියලු දෙන අවදි කලේ  " මාමලා අද  යන්න එපා..  අදත් ඉදලා  හෙට  යන්නකෝ"  කියමින්ය.    අක්කද උදැසන අවදි වී  අපට  උදැසන අහර වේල  සකස්කරමින් සිටි අතර  උදැසන තේ පානය ද ලබාදුන්නේය.  ඒ  අතර  සිඟිති  දියණියගේ තෙරක් නොමැති කතාබහ අවසානයේ  ඇය කියා සිටියේ  " මාමේ අපි  කැරට්  හිටෝලා  තියෙන්නේ .. එන්නකෝ පෙන්නන්න. "  කියමින් අප නිවසින් එලියට රැගෙන ගියාය. 

අවාසනාවට 
කැරට්  පාත්තිය තිබුනේ  අප නිදා සිටි කාමරයේ  ජනේලය අසලමය.  ඊයේ රාත්‍රියේ යුරියා පොහොර සංග්‍රහයක්ද ලබා තිබු හෙයින් වටාපිටාවද සුවඳවත්ව තිබුණි.  ක්ෂණයෙන් නිවාස තුලට ගිය  තරංග  වතුර බාල්දියක් ගෙන එමින්  ඒ අවට පිරිසිදු  කර කැරට් ගැලවීම  පසෙකලා නිවාස  තුලට  ආවේ  ආපසු  යාමට සුදානම් වීම සඳහාය.  පෙ:ව 7.00 පමණ වනවිට කොළඹ බලා ධාවනය වන උඩරට මැණිකේ දුම්රිය  බණ්ඩාරවෙලට ලඟා වන බැවින්  හැකි ඉක්මනින්  උදැසන ආහාර වේලා  ගත්  අප  අක්කාට  ආචාර කරමින් දුම්රිය ස්ථානය කර  ළඟා  වුයේමු.  ඒ  එන  අතරමග තිබු  කුණු  භාජනයක් වෙත 8%  එක්කල අප  දුම්රිය ස්ථානය කර ගමන් කර  අයියටද ස්තුති කර දුම්රිය එනතුරු රැඳී සිටියෙමු.  ඊයේ  මෙන් ප්‍රමාද වූ බදුල්ල බල ධාවනය වන  රාත්‍රී තැපැල් දුම්රියද බණ්ඩාරවෙල දුම්රිය ස්ථානය  කරා ළඟාවී වේදිකාවේ මද වෙලාවක් නවතා   තබා යලි  පසු පසට ධාවනය   කොට අනෙක් මාර්ගය වෙත දුම්රිය ධාවනය කොට  නවතා  තැබුවේ  කොළඹ බලා  ධාවනය වන දුම්රියට බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයට ළඟාවීමට ඉඩ  ලබා දීම පිණිසය.     ඒ අතරම බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ  නිවේදනය ආරම්භ විය . නිවේදනය යන අතරතුර උඩරට මැණිකේ   දුම්රියද වේදිකාව වෙත ළඟා වුවාය.   


උඩරට මැණිකේ බණ්ඩාරවෙලට ළඟා  වෙමින් 
දින දෙකක් වෙහෙසකර ගමනක  නිමවා සටහන්  කරමින් උඩරට මැණිකේ   දුම්රියට  නැගුන අපහට හිද ගන්නට ආසන ලැබූ අතර  නොයෙකුත්  කතන්දර  කියමින් හපුතලේ වෙත ළඟාවනවිට  දැවැන්ත ශරීර වලට  හිමිකම් කියූ  ගෑල් ළමයි  කීප දෙනක් අප හා   කුළුපග වේමින්  දිගු  කතා  බහකට මුල පිරිය.  මෙවර කවුළුවක් අසල  ආසනයක හිදාගන්නට වරම්  ලැබූ  නිසා සැලළිහිනියා  ජංගම දුරකතනයේ  කැමරාවට මනස්කාන්ත දර්ශනයන්  එක කරගනිමින්  සිටියේය.   












පෙරේදා  අප  බණ්ඩාරවෙල  යනවිට දැවැන්ත වර්ෂාව නිසා  බොර  පැහැව  පැවතී  තලවකැලේ   ජලාශය සහ සෙන්ට් ක්ලෙයාර් දිය ඇල්ල සුදෝ සුදු පැහැයෙන් ගලා හැලන්නට විය. ඒ  අතර  තුර  තවත් කුඩා  දිය ඇලි  කීපයක්ද  දකින්නට ලැබුණි.   






වටවලදී උඩරට මැණිකේ සහ පොඩි මැණිකේ දුම්රියන්  හමුවීම

දුම්රිය  කෙමන් කෙමන්   නානුඔය, හැටන්  පසු කර   නාවලපිටිය කරා ධාවනය වන්නට  විය. උලපනේට   ළංවත්ම සැලළිහිනියා ට   සිහිවුයේ උලපනේ  මෝඩ  පාලමය.   එවරද කැමරාව අටවා ගනිමින් ඡායාරූප කරණයේ නිරත වුවද ප්‍රතිපලය  පෙරදින හා  සමාන විය . 

කැමරාවට අසු නොවුන උලපනේ මෝඩ පාලම 

දුම්රිය පේරාදෙණිය පසු කර  පොල්ගහවෙල බල ධාවනය  වන්නට විය. රඹුක්කන දක්වා  මන්දගාමී ගමනක නිරත වූ උඩරට මැණිකේ  එක්වරම අධික  වේගයෙන් ධාවනය වන්නට  පටන් ගත්තාය. විනාඩි 10ක කාලයකින් පොල්ගහවෙල කර ළඟාවූ පසු අප උඩරට මැණිකේ  දුම්රියෙන් බැස ගත්තේ  අපට  නිවසට යාමට  ආසන්න අලව්ව   හෝ මීරිගම දුම්රිය ස්ථානයන්හි ඇය  නොනවත්වා ධාවනය කරන බැවිණි.  පොල්ගහවෙල සිට  බස්රථයෙන් අලව්ව කර ගොස් එතනින්   ගිරිඋල්ලට යන්නට  කතිකා  කර ගත්තද  පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ  නිවේදනයෙන් කියවුයේ ත්‍රිකුණාමලයේ සිට  කොළඹ කොටුව බල ධාවනය වන දුම්රිය  ස්වල්ප වෙලාවකින්  ළඟා  වන බවත් එය  මීරිගම  නවත්වා ධාවනය වන බවත්ය. විනාඩි 5කින්  පමණ දුම්රිය පොල්ගහවෙල ට ළඟ වූ අතර   තවත් විනාඩි 30ක් පමණ කාලයකින් මීරිගම දුම්රිය ස්ථානය  කර ළඟා  වුයේ අධිවේගී  ගමනකින් අනතුරුවය.  මිරිගමින්  ගිරිඋල්ල දක්වා බස් රථයකින්  ගමන් කල අප වෙහෙසකර වුත්,  සාර්ථක වුත්, යන මග නොදැන ගිය බණ්ඩාරවෙල චාරිකාව  අවසන් කර  නිවෙස් කරා පැමිණියෙමු....................

******************************************************

  







10 comments:

  1. ඒ... අපි බදුලු යනවා!

    එනවා ඈ... :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
    Replies
    1. කවදාද රජෝ බදුලු යන්නේ? මේ මාසේ 09,10, 16, 17 සිට 24 දක්වාත් මාර්තු 03 ත් හැර අනෙක් දවස් පුළුවන්ය...

      Delete
  2. මචන් සුපිරියටම කතාව ලියල තියනව . මම මුල ඉදළම කතාව කියෙව්වා. තවත් මේ වගේ දාපන් මචන් ජය වේවා. මම ශානක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ශානක. තවත් කතා එකින් එක ලියන්නම්

      Delete
  3. මටත් ජොයින් වෙලා මේ වගේ ට්‍රිප් යන්න ආසයිනෙ සිරාවටම .

    ReplyDelete
    Replies
    1. අනිවාර්යයෙන්ම මේ වගේ ට්‍රිප් වල මතකයන් සදාතනිකයි. තවත් මේ වගේ චාරිකා කීපයකම විස්තර තියනවා. එකින් එක ලියන්නම්.....
      ස්තුතියි RuwanRoshan. ඉදිරි චාරිකාවකදී ඔබටත් පුලුවන් ජොයින් වෙන්න.

      Delete
  4. Replies
    1. ස්තුතියි අඟහරුවා මේ පැත්තේ ඇවිදින් දෙන සහයෝගයට.
      ඇඩිසම් එක අපහු එන ගමන් බලන්න හිතාගෙන හිටියේ. හපුතලේට ඇවිත් කෑම කාල යන්න හිතුවට කොම හරි එක අමතක වෙලා ගියා.

      Delete

එක් කලාවූ අදහස් උදහස්